පාන් නිෂ්පාදනය අඩු කෙරේ  

222

පවතින ගෑස් අර්බුදය නිසාත්, දිනෙන් දින මිල ඉහළ යෑම නිසාත් පාන් නිෂ්පාදනය අඩු කිරීමට තම සංගමය තීරණය කොට ඇතැයි සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ ට පැවසීය.

පිටි මිටියකින් මාළුපාන් වැනි කෑම වර්ග 1000 ක් 1500 ක් පමණ නිෂ්පාදනය කළ හැකි බව ද සඳහන් කළ ඒ මහතා පාන් නිෂ්පාදනයෙන් නිෂ්පාදකයාට ඒ තරම් ආදායමක් නොමැති නිසා පාන් නිෂ්පාදනය අඩු කිරීමට තීරණය කළ බව ද වැඩිදුරටත් පැවසීය.

ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment