පාන් මිල වැඩි යැයි ගුටි කෙළියෙන් දෙදෙනෙක් රෝහලේ

353

බද්දේගම, වෑනියරවෙල ප‍්‍රදේශයේ ඉකුත් 30 දා උදෑසන වූන් පාන් අලෙවි ජංගම රථයකින් පාන් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකු සහ රථයේ හිමිකරු අතර ඇතිවූ ආරවුලකින් දෙදෙනාම තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි බද්දේගම පොලිසිය පවසයිx

මෙසේ තුවාල ලබා ඇත්තේ බද්දේගම, වෑනියරවෙල ප‍්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයකු සහ ජංගම අලෙවි රථයේ රියැදුරු වන බද්දේගම, දොඹගෙදරවත්ත ප‍්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකි මෙදින පෙරවරුවේ අදාළ පුද්ගලයා පාන් මිලදී ගැනීම සඳහා ජංගම රථය නවතා පාන් ගෙඩි දෙකක් රැගෙන මුදල් ගෙවන අවස්ථාවේදී ගෙඩියක නව මිල රුපියල් හැත්තෑවක් යැයි පැවසු විට එම මුදල ගෙවීමට ප‍්‍රතික්ෂේප කළ අවස්ථාවේ දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීම පහරදීමක් බවට පත්ව ඇත. එහිදී දෙදෙනා අතර සිදුවූ පහරදීම් හේතුවෙන් දෙදෙනාම බරපතළ තුවාල ලබා බද්දේගම දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව දෙදෙනාම වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය රෝහල වෙත යොමුකර ඇත. මේ සම්බන්ධයෙන් අදාළ චූන් පාන් ජංගම අලෙවි රථය පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

වැලිවිටිය දිවිතුර – උපුල් මහේෂ්

advertistmentadvertistment
advertistmentadvertistment