පාන් රු. පහකින් නගී

375

ග‍්‍රෑම් 450 ක් බරැති පාන් ගෙඩියක මිල අද (12 දා) සිට රුපියල් 5 කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘‘දිවයින’’ ට පැවසීය.

මීට අමතරව මාළු පාන් බනිස් ඇතුළු කෙටි කෑම සියල්ලක්ම රුපියල් 10 කින් ඉහළ දැමූ බවත් හෙතෙම කියා සිටියේය.

සමාගම් තිරි`ගු පිටි කිලෝවක මිල ඊයේ (11 දා) සිට රුපියල් 10 කින් ඉහළ දැමීමත් සම`ග සංගමයේ සාමාජිකයන් රැස් වී සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණයට එළැඹි බව ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ එන්. කේ. ජයවර්ධන මහතා මෙසේ ද පැවසීය.

බේකරි කර්මාන්තය අද කරගෙන යන්නේ බොහොම අමාරුවෙන්. පාන් ඇතුළු කෙටි කෑම වර්ගවල මිල මේ ගාණට වැඩි කළේ නැතිනම් මේ කර්මාන්තය ඉදිරියට කරගෙන යන්න බැහැ. බේකරි කර්මාන්තය ගොඩගැනීම සඳහා කීයක් හෝ වැඩි කරන්න වෙනවා.

මේ අතර අද (12 දා) සිට බත් පාර්සලයක බිත්තර ආප්පයක සහ කිරිතේ එකක මිල රුපියල් 10 කින් ඉහළ දමන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ‘‘දිවයින’’ට පැවැසීය.

රුපියල් 60 ක් වූ පාන් ගෙඩියක මිල රුපියල් 65 දක්වා ද, රුපියල් 25 ක් වූ බනිස් ගෙඩියක මිල රුපියල් 35 දක්වා ද, රුපියල් 50 ක් වූ මාළු පාන් ගෙඩියක මිල රුපියල් 60 දක්වා ද ඉහළ යන බව ද හෙතෙම වැඩිදුරටත් කීය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment