පාපතර පියකුට බරපතළ දඬුවම්

670

අසභ්‍ය වීඩියෝ පට පෙන්වා සිය සහජාතක 4 හැවිරිදි දියණියට බරපතළ ලිංගික අපචාර සිදුකිරීම ඇතුළු අධිචෝදනා තුනකට වරදකරු කරනු ලැබූ විත්තිකරුවකුට බරපතළ වැඩ සහිත වසර 16 ක සිරදඬුවමක් ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඊයේ (29 දා) නියෝග කළාය. එම සිරදඬුවමට අමතරව වින්දිත දැරියට රුපියල් ලක්ෂ 12 ක වන්දියක් ගෙවීමට ද විත්තිකරුට නියම කළ විනිසුරුවරිය එම වන්දිය, වින්දිත දැරියගේ මවගේ නමින් බැංකුගතකොට දැරියගේ සුබසාධනය වෙනුවෙන් වැයකිරීමට පියවර ගන්නා ලෙසටද නියෝග කළාය.

දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙමාපිය වැඩිහිටියන් දැඩි වෑයමක් දරන, ළමා අයිතිවාසිකම් වෙනුවෙන් දැඩි අවධානය යොමුවී ඇති වර්තමාන යුගයේ තම අධිකරණයට එවැනි අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳ නඩු කටයුත්තක් විභාග කිරීමට සිදුවීමම එක්තරා දුරකට අභාග්‍යයක් වන්නේ යැයි පෙන්වා දෙමින් විනිසුරුවරිය එම නියෝග නිකුත් කළාය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment