පාපන්දුවට නව පුහුණුකරුවන් දෙදෙනෙක් – චැම්පියන් අභියෝග ශූරතා පාපන්දු තරගාවලියත් කල් යයි

212

ලබන 14 දින ආරම්භ කිරීමට නියමිතව තිබුණු චැම්පියන්ස් අභියෝග ශූරතා කුසලාන අන්තර් ක්‍රීඩා සමාජයීය පාපන්දු තරගාවලිය රට තුළ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් කල් දමන්නට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

මෙරට ප්‍රබලතම දෙවන පෙළ පාපන්දු ක්‍රීඩා සමාජ 14 ක සහභාගීත්වයෙන් යුතුව මෙවර තරගාවලිය මෙම සතියේ ලීග් ක්‍රමයට ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණි.

රට තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කළ වහාම පාපන්දු විධායක කමිටුව රැස්වී ඉදිරි තරග සැලසුම එළි දැක්වීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමාර් මහතා ඊයේ (11) සවස “දිවයින” ක්‍රීඩා පිටුවට අනාවරණය කළේය.

වැඩිකල් නොගොස් මෙවර තරගාවලිය ආරම්භ කිරීමට පියවර ගන්නා බවද එය බොහෝ දුරට මැයි මස 20 – 25 ත් අතර දිනයක දී සිදු කෙරෙනු ඇතැයි ද හෙතෙම කීය.

මේ අතර වාරයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස බි්‍රතාන්‍ය ජාතිකයකු ද සහාය පුහුණුකරු ලෙස ඔස්ටේ්‍රලියානු ජාතිකයකු ද ලබන සතියේ සිට සේවයට එක්වන බව ජස්වර් උමාර් මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

එම පුහුණුකරුවන් දෙපළගේ පුහුණුකාරිත්වයෙන් යුතුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ මීළඟ තරග සංචාරය සිදු කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ මීළඟ ජාත්‍යන්තර තරග මාලාව ලබන ජුනි මස උස්බෙකිස්තානයේ දී පැවැත්වේ. ඒ ආසියානු පාපන්දු කුසලාන තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ වටයේ තරග වෙනුවෙනි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment