පාපන්දුවේ හුළං බස්සපු හැටි අද එළියට

198

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පරිපාලන හා මූල්‍ය ගැටලු පිළිබඳ සොයා බැලීමට හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා වෙත අද (04 වැනිදා ) භාරදීමට නියමිතය.

පාපන්දු ව්‍යවස්ථාව සැකසීම 2012 වසරේ සිට ප්‍රමාද කිරීම, අනිසි මුදල් පරිපාලනය, නාමිකව ඇති ක්‍රීඩා සමාජ, අනිසි සේවක බඳවාගැනීම් ආදිය පිළිබඳව විමර්ශනය කර මෙම වාර්තාව සකස් කර ඇත.

මෙම පංච පුද්ගල කමිටුව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් පත් කරන ලදී.

ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී අද ප.ව.5.00ට එම වාර්තාව භාර දීමට නියමිත අතර පාපන්දුවේ තිරය පිටුපස කතා රාශියක් මෙම වාර්තාව මඟින් එළිදැකීමට නියමිත බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකාව මේ වන විට ජාත්‍යන්තරය ඉදිරියේ පාපන්දු තහනමකට ලක්වී ඇති අතර ඊට හේතු වූ කරුණු රාශියක් ද මේ මගින් දැක ගත හැකිවනු ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment