පාපන්දු කණ්ඩායමේ කටාර් ගමන හෙටට කල් යයි

154

දකුණු ආසියානු පාපන්දු තරගාවලිය ඉලක්ක කර ගෙන විශේෂ පුහුණුවක් සඳහා ඊයේ (14 වැනිදා) කටාර් රාජ්‍යය බලා පිටත්ව යෑමට නියමිතව සිටි  ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ එම සංචාරය හෙට (16 වැනිදා) දිනය දක්වා කල් ගිය බව පාපන්දු සම්මේලනය සඳහන් කරයි.

කටාර් රාජ්‍යය විසින් ශ‍්‍රී ලංකාව කොවිඞ් රතු ලැයිස්තුවට ඇතුළත් කර ඇති නිසා මෙම ප‍්‍රමාදය සිදු වී ඇති බවත් ඊට අදාළ කටයුතු නිරාකරණය කර ගැනීමට යම් කාලයක් ගත වීම හේතුවෙන් සංචාරය දින දෙකක් කල් ගිය බවද සම්මේලනය විසින් සඳහන් කරන ලදී.

ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායම කටාර් රාජ්‍යයේ නිරෝධායනකින් තොරව පුහුණුවීම් කටයුතු සිදු කිරීමට නියමිත අතර ශ‍්‍රී ලංකා පාපන්දු සංචිතයේ ක‍්‍රීඩකයන් 27 ක් සහ පුහුණු කාර්ය මණ්ඩලයේ 11 ක පිරිසක් අදාළ සංචාරයට සහභාගි වීමට නියමිතව සිටියහ.

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා සහ කටාර් පාපන්දු සභාපති ෂේක් හමීඞ් ඞීන් කලිෆා මහතා අතර පැවැති සාක ඡුාවකින් අනතුරුව ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට මෙම පුහුණුව සඳහා අවස්ථාව හිමිවිණි.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment