පාපන්දු ක්‍රීඩාවේ කිරුළ පැළඳූ රජුනි ඔබට සුබ ගමන්

226

ලොව පාපන්දු ක්‍රීඩාවේ කිරුළ පැළඳි රජු ලෙස සැළකූ, ලොවක් වසඟ කළ බ්‍රසීල ජාතික සැන්ටොස් පේලේ දෙසැම්බර් 29 දා සමුගත්තේය. ඔහු බ්‍රසීල වේලාවෙන් පස්වරු 3.27 ට ඔහු මියගියේ ඔහුගේ මහ බඩවැලේ පිළිකාවක් අකර්මණ්‍ය වීම හේතුවෙන් බව ඔහු ගිලන්ව සිටි රෝහල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මියයන විට 82 වැනි වියෙහි පසු වූවාය.

බ්‍රසීල රජය දින තුනක් ශෝක දිනයන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව ද වාර්තාවල සඳහන් වේ. බ්‍රසීලය පාපන්දු ක්‍රීඩාවේ අද පවතින ඉහළම තැනට නැංවූයේ පේලේය.

පාපන්දු ක්‍රීඩාවේ කිරුළ පැළඳූ රජුනි ඔබට සුබ ගමන්

බ්‍රසීලය මෙන්ම ලොව පුරා වෙසෙන පාපන්දු හෝ ක්‍රීඩාලෝලීන් ඔහුගේ නමකී පමණින් දැන හැඳින ගෙන සිටි, නම ඔවුන්ගේ මුවඟ ලෙලදෙන ක්‍රීඩකයකු විය. ඔහුගේ අභාවය පිළිබඳ ශෝක ජනක පුවත සැළවූ විගස එය ලොවපුරා පැතිර ගියේ ඉතාමත් කෙටි කලකිනි.. රූපවාහිනි හා පුවත්පත්, වෙබ් අඩවිවල ප්‍රධාන සිරස්තලයක් ලෙස පළවූයේ මහ ඉහළිනි. ඔහුගේ පාපන්දු ක්‍රීඩාවේ එතෙක් මෙතෙක් පහළවූ දක්ෂතම ක්‍රීඩකයා අප අතරින් මීට සුළු වෙලාවකට පෙර සමුගත් බව ලෝක ප්‍රකට ස්කයි හා බී.බී.සී., සී.එන්.එන්. රූපවාහිනි නාළිකාව විසින් හෙළිකර සිටියේය. ඔවුන් ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ විවිධ දස්කම් ඇතුළත් ඔහු පිළිබඳ වාර්තා සේයාරූ හා වීඩියෝ වැඩසටහන් ප්‍රචාරය කළ අතර මෙහි වෙසෙන ඔහුගේ සමකාලීන පාපන්දු ක්‍රීඩකයන් හා වත්මන් ක්‍රීඩාකයන්ගේ ප්‍රකාශයන්ද ඇතුළත් කර තිබීම කැපී පෙනෙන වෙනසක් බව සඳහන් කළ යුතුය.

පාපන්දු ක්‍රීඩාවේ කිරුළ පැළඳූ රජුනි ඔබට සුබ ගමන්

අඩු ආදායම් ලැබූ බ්‍රසීලයේ සැවෝ පාලොවෙහි සැන්ටෝස් (පෙලේ) කුඩා පැල්පතක උපත ලබා තිබුණේ ය. ඔහු කුඩා අවදියෙහි වීදිවල පාපන්දු ක්‍රීඩාවේ දස්කම් දැක්වූ කොලුගැටවකු විය. පේලේ උපත ලබා තිබුණේ බ්‍රසීලයේ ටෙසේකෝ ඕනස් ගෙස්රිස්සාහිදී 1940 ඔක්තෝබර් මස 29 වැනිදාය. පියා ඩොස් ඩින්හෝ වූ අතර මව පිළිබඳ සටහනක් වාර්තාවී නොතිබුණි. ඔහු නිවෙස අසළ පෙදෙස්වල මංමාවත්වල පාපන්දු ක්‍රීඩාවේ පෑ දස්කම් දැකගත් බොහෝ දෙනකු පාපන්දු සමාජයන්ට දැනුම් දීමෙන් අනතුරුව 1956 දී ඔහුට ප්‍රථම වරට පාපන්දු ක්‍රීඩාවේ නිරතවීමේ අවස්ථාව උදාවිය. ඔහුගේ හැකියාව නිසා 1957 දී බ්‍රසීලයේ ජාතික මට්ටමේ ක්‍රීඩාවේ යෙදෙන්නට අවස්ථාව මගපැදී තිබූ බව සඳහන් වේ. 1957 සිට 1971 ලොව පාපන්දු තරග 92 කට සහභාගි වී තිබුණි. ඔහු 1995 සිට 1998 දක්වා බ්‍රසීලයේ ක්‍රීඩා ඇමැතිවරයා ලෙසද කටයුතු කළේය.

ඔහු විවාහ 3ක් සිදු කර ගෙන තිබූ අතර මෙම විවාහ වලින් දරුවන් සත් දෙනකුද ලබා තිබූ බව සඳහන්වේ. ඉන් එක් අයකු ලන්ඩනයේද ජීවත්වන බව සඳහන්වේ. පළමු විවාහය 1966 දී රෝස්මේරි ඩොල්බි (66-82) දෙවැන්නා අසිරියා ලේමොස් සෙයිසාස් (94-20080 හා තෙවැන්නා මර්සියා අඔකෝ (2016) සිදු කර ගෙන ඇතැයි ඔහු පිළිබඳ වාර්තාවල සඳහන් වේ.

1957 සිට 1977 දක්වා වූ ඔහුගේ ක්‍රීඩා දිවියේ දීප්තිමත් වසර 20ක වෘත්තීය දිවිය තුළ ඔහු තරග 831කදී ගෝල 757ක් ලබාගෙන තිබූ බව වාර්තාවල සඳහන් වේ. ඇතැම් වාර්තාවල කියා සිටියේ ඔහුගේ ලකුණු සංඛ්‍යාව 1,000ට ආසන්න බවයි. එංගලන්තයේ ලෝක කුසලාන ජයග්‍රාහකයා වූ ශ්‍රීමත් ජෙෆ් හර්ස්ට් පැවසුවේ පේලේ “සියලු කාලය තුළ ශ්‍රේෂ්ඨයා ලෙස පවතින” බවයි. ඔහු මෙසේ පැවසීය: “මට පේලේ ගැන බොහෝ මතකයන් තිබේ, සැකයකින් තොරව මම එදිරිව ක්‍රීඩා කළ හොඳම පාපන්දු ක්‍රීඩාකයායි. බොබී මුවර් පවසා සිටියේ ඔහු මා සමග මෙතෙක් ක්‍රීඩා කළ හොඳම පාපන්දු ක්‍රීඩාකයා බවය.. “මට පේලේ සෑම විටම ශ්‍රේෂ්ඨයා වන අතර ඔහු සමඟ පිටියේ සිටීම ගැන මම ආඩම්බර වෙමි. ඍෂඡ ඡැකැ සහ ස්තුතියි.” ලයනල් මෙසී, තවත් පාපන්දු ක්‍රීඩකයකු ලෙස පුළුල් ලෙස සැලකෙන සෑම විටම ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයකු ලෙස සැලකෙන බවයි. 1970 දී මෙක්සිකෝවේ දී බ්‍රසීලයේ තෙවැනි ජයග්‍රහණයේ දී පේලේගේ භූමිකාව පාපන්දු ජනප්‍රවාදයේ මාතෘකාවක් බවටද පත්ව ඇත, මන්ද ඔහු ක්‍රීඩාවේ විශිෂ්ටතම ජාත්‍යන්තර කණ්ඩායම ලෙස තර්ක කළ හැකි පරිදි ප්‍රධාන භූමිකාවක් එහිදී ඉටු කළේය. එක්සත් රාජධානියේ වෙසෙන ඔහුගේ දියණිය වන කෙලී නෙසිමෙන්ටෝ (Kely Nascimento) ඇගේ පියාට උපහාර දක්වමින් : “අපි ඔබට ස්තුතිවන්ත වෙමු. අපි ඔබට අසීමිත ලෙස ආදරෙයි. සාමයෙන් විවේක ගන්න.” පවසා තිබුණි. පේලෙගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

ලොව වැඩිම පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන ලොව ජනප්‍රියම ක්‍රීඩාවේ කිරුල හිමි කරගත් පේලේ විසින් ඒ ක්‍රීඩාව නඟාසිටුවීමට ගත් මෙහෙය පැසැසිය යුතු එකක් වේ. පේලේ පාපන්දු ක්‍රීඩාවේ මහා පෙරළිකාරයකු විය. ඔහු සිය මව් රටෙහි පමණක් නොව ලොව පුරා මෙතරම් ජනප්‍රියත්වයට පත්වූයේ ඇයි? පාපන්දු ක්‍රීඩාවේ දී සාමාන්‍ය පිළිවෙත එක කකුලකින් බෝලය කරකවමින් එය සිය විරුද්ධවාදීන් ගේ ග්‍රහණයට හසු නොවී දඟර දමමින් ගෝල රකින තැනට ගෙනයෑම සිදු කිරීමය. මේ පිලිවෙතේ කැපීපෙනෙන වෙනසක් ඔහු ඇති කළේය. එක පයක් පමණක් උපයෝගි කර ගෙන කරනු ලැබූ පාපන්දු ක්‍රීඩාවෙහි පා දෙකෙන්ම පන්දුව කරකැවීම ලොවට හඳුන්වා දුන්නේ හා එය ප්‍රචලිත කළේ පේලේය. අද එය සිය මව් රටවූ බ්‍රසීලයේ පමණක් නොව ලොව පුරා පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන දක්ෂතම ක්‍රීඩකයන් වූ ලයනල් මෙසී, ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ, හැරී කේන් වැනි ප්‍රවීනයන් අනුකරණය කරනු දැකිය හැකිය. මෙය එම ක්‍රීඩාවේත් අද දැකිය හැකි කැපී පෙනෙන වෙනසක් බව සඳහන් කළ යුතුය.

ලොව වර්ණභේදවාදය පැතිර ගිය සමයක් තුළ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළද එය මහ ඉහළින් පවත්වාගෙන යෑමට සුදු ජාතීන් සිය යටත්විජිත හා සෙසු රටවල් තුළත් ගෙන ගියේ සීතල අරගලයකි. පාපන්දු ක්‍රීඩාවේ මෙම වෙනස කඩා බිඳ දැමූ විප්ලවවාදියා පේලේ යැයි කිව හොත් නිවැරදිය. යුරෝපීය බටහිර ජාතීන් විසින් වැළඳගත් නිර්ධන පංතියක ක්‍රීඩාවක්වූ පාපන්දු ක්‍රීඩාවේ මුල් පෙළේ පාපන්දු සමාජයන් කළු අප්‍රිකානු හා දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට සිය කණ්ඩායම්වලට බඳවා ගන්නට පෙළඹ වූයේ පේලේගේ මේ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ සිදුකළ පෙරළිකාර විප්ලවය නිසා යැයි කිව යුතුය. මේ වෙනස කැපී පෙනන යථාර්ථයක් බවට පත්ව ඇත. ඉහතකී කරුණු පදනම් කර ගෙන අද වන විට අප්‍රිකානු, දකුණු අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයන්ට ලොව ඉහළම ලංසු තබමින් ඒ ක්‍රීඩා සමාජ තුළට ඇතුළු කර ගැනීම දක්වා එම වෙනස සිදු කර ගැනීමට සමත්ව තිබේ.

ඔහු නිසා සුදුකළු භේදය ලොවින් නැතිනම් සිත්වලින් දුරුකරලන්නට කළ මෙහෙය ප්‍රසංශනීය එකකි. එය දෙවැනි වන්නේ දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලාගේ වර්ණභේදවාදී සටනට දේශපාලනිකව දුන් අරගලයට නොදෙවෙනි සටනකින් යැයි මට සිතේ. ලොවක් මවිත කරවමින් පාපන්දු ක්‍රීඩාවේ යෙදෙමින් සිය දස්කම්වලින් එය වර්ණවත් කරන්නට ක්‍රීඩා ලෝලීන්ගේ මන්මත් කරන්නන්ට ඔබ සිදුකළ මෙහෙය සදා සමරනු ඇත.

පේලේ ඔබට සුභ ගමන්…
● ශාන්ත සේනාධීර
(සේයා රූ අන්තර්ජාලයේ ලබාගත් අතර ඒවායේ හිමිකම් ඔවුන් සතුය,)

advertistmentadvertistment
advertistmentadvertistment