පාපන්දු ගැටලු සෙවූ වාර්තාවෙන් හිටපු නිලධාරීන්ට ගැටලු!

121

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පරිපාලන හා මූල්‍ය ගැටලු පිළිබඳ සොයා බැලීමට හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාව මගින් දූෂණ වංචා 30 ක් පමණ අනාවරණය වී ඇත.

2014 වසරේ සිට 2022 දක්වා පාපන්දු ආයතනයේ පාලනය ගෙන ගිය හිටපු නිලධාරීන් එම වංචා සහ දූෂණවලට සම්බන්ධ වී ඇති බවටද එම කමිටු වාර්තාව මගින් අනාවරණය වී ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා ඊයේ (04 වැනිදා) සඳහන් කළේය.

එම දූෂණ සහ වංචාවලට සම්බන්ධ බවට වාර්තාව මගින් අනාවරණය වූ හිටපු නිලධාරීන්ට ඉදිරි නිලවරණ සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබානොදෙන බවද ඇමැතිවරයා පැවසීය.

ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී ඇමැතිවරයා එම අදහස් දැක්වූ අතර කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසින් ඇමැතිවරයා වෙත ඊයේ එම වාර්තාව පිළිගන්වා තිබුණි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment