පාපන්දු තරුව ජන ගඟක් මැද මන්නාරමින් බැස යයි

587

මාලදිවයිනේදී මියගිය ශ‍්‍රී ලංකා ජාතික පාපන්දු ක‍්‍රීඩක ඩක්සන් ෆස්ලස්ගේ අවසන් කටයුතු විශාල ජනකායක් මධ්‍යයේ 7 දා මන්නාරම පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.

පාපන්දු ක‍්‍රීඩක ඩක්සන් ෆස්ලස් ක‍්‍රීඩකයාගේ මන්නාරමේ පිහිටි නිවසේ සිට දේහය රිය පෙරහැරකින් මන්නාරම ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුර වෙත රැගෙන විත් අනතුරුව අවසන් කටයුතු සිදු කරනු ලැබීය.

මේ අවස්ථාවට මන්නාරමේ ආගමික නායකයින් දේශපාලනඥයින් රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් හා ක‍්‍රීඩකයන්ද සාමාන්‍ය ජනතාව ද සහභාගී වූහ.

පාපන්දු තරුව ජන ගඟක් මැද මන්නාරමින් බැස යයි

ක‍්‍රීඩකයා පසුගිය පෙබරවාරි මස 27 වැනිදා මාලදිවයිනේදී මියගොස් තිබුණේ ඔහුගේ තාවකලික නවාතැනේ කාමරයක් තුළදීය.

ඔහුගේ මරණය සියදිවි හානි කර ගැනීමක් බවට මේ වන විට වාර්තා වී ඇති අතර මාලදිවයින පොලීසිය හා ශ‍්‍රී ලංකා පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට ඇත්තේ පාපන්දු ක‍්‍රීඩක ඩක්සන් ෆස්ලස්ගේ මව මේ මරණය සම්බන්ධයෙන් විශාල සැකයක් ඇති බවට පොලීසියට කළ ප‍්‍රකාශයකින් පසුවය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment