පාපන්දු නව සභාපති වැඩ අරඹයි

144

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස පසුගිය 14 දා පැවැති නිලවරණයෙන් තේරී පත්වූ ජේ.ශ්‍රී. රංගා මහතා පාපන්දු සම්මේලනයේදී ඊයේ (18 දා) උදෑසන රාජකාරී කටයුතු ආරම්භ කළේය.

කොළඹ 7 පාපන්දු සම්මේලනයේ ප්‍රධාන කාර්යාලයේදී සර්ව ආගමික වතාවත් පවත්වා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව නව සභාපතිවරයා රාජකාරි කටයුතු ඇරඹීය.

එහිදී රැස්ව සිටි පිරිස අමතමින් ජේ.ශ්‍රී.රංගා මහතා ප්‍රකාශ කළේ තමන් මුලින්ම පාපන්දු සම්මේලනයේ මූල්‍යමය තත්ත්වය පිළිබඳ විගණනයක් සිදු කරන බවයි.

සම්මේලනයේ මුදල් කටයුතු පිළිබඳ වගකිවයුත්තා වන තමන් එම කටයුතු නිවැරදිව සිදු කරන බවත් සම්මේලනයේ කටයුතු සඳහා අලුත් පිරිසකගේ අවශ්‍යතාවය පවතින බවත් සඳහන් කළේය.

පාපන්දු නිලවරණයේ දී තමාට විරුද්ධව ඡන්දය ලබා දුන් නියෝජිතයන් ද මෙම අවස්ථාවට පැමිණ තිබීම සතුටට කරුණක් බවත් දේශපාලනය ලෙස මේ දෙස නොබලන්න යැයිද නව සභාපතිවරයා එහිදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment