පාපන්දු නිලවරණයට අපේක්ෂකයෝ 40 ක් නාමයෝජනා භාර දෙති

89

ලබන මස 14 වැනි දා පැවැත්වෙන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ 2022/2023 නිලවරණයේ තනතුරු 10ක් සඳහා අපේක්ෂකයන් 40ක් නාම යෝජනා භාර දී තිබේ.

නිලවරණය සඳහා නාම යෝජනා භාරගැනීම දෙසැම්බර් 20 දායින් අවසන් කෙරිණි.

ඒ අනුව මෙවර නිලවරණයේ සභාපතිධූරය සඳහා හිටපු සභාපති ජස්වර් උමර් මහතා ඇතුළු අපේක්ෂකයන් 6 දෙනකු ඉදිරිපත් වී ඇති අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජේ. ශ්‍රී. රංගා මහතා ද ඒ අතර වෙයි.

මෙවර පාපන්දු සම්මේලන නිලවරණයෙන් පත් වන පාපන්දු පරිපාලනය මාස 5ක කාලයකට සීමා කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කොට ඇත. ඒ අනුව 2023 මැයි 31 වන දිනට පෙර ද යළි එම නිලවරණය පැවැත්වීම අනිවාර්ය වෙයි.

ඒ ඒ තනතුරු සඳහා නාම යෝජනා ලබා දුන් පිරිස පහත දැක්වේ.

සභාපති

ජස්වර් උමර්, උපාලි හේවගේ, එම්මානුවෙල් ආර්නෝල්ඩ්, ජගත් කුමාර ද සිල්වා, සම්පත් පෙරේරා, ජේ. ශ්‍රී රංග.

උප සභාපති

ටී. අයි. උඩුවර, ප්‍රියන්ත වීරසිංහ, ආර්. යෝගරාජ්, එස්. එම්. තව්පික්, කේ. පී. පී. පතිරණ, එම්මානුවෙල් ආනෝල්ඩ්, ජගත් කුමාර ද සිල්වා, දිල්ෂාන් නාගහවත්ත, ඒ. එෆ්. සෙල්ලර්, අබ්දුල් මතාෆ්, ටී. කාන්තන්, දීපිකා කුමාරි, සම්පත් පෙරේරා

ලේකම්

ටී. එච්. එස්. ඉන්දික, උපාලි හේවාගේ, එම්මානුවෙල් ආනෝල්ඩ්, ජගත් කුමාර ද සිල්වා

භාණ්ඩාගාරික

ටී. සුතාගර්, ලක්‍ෂිත විජේසූරිය, ඒ. තාගරාජන්

නියෝජ්‍ය ලේකම්

එස්. ආර්. එම්. එම්. අසාද්, අබ්දුල් මතාෆ් බේරුවල, එම්. එච්. එම්. නවාසිල්, ඇන්ටන් ජෝයි, කේ. ජේ. ද පෙරේරා, ටී. වර්ණරාසන්, ටී. කාන්තන්, දීපිකා කුමාරි, ඇන්ටන් ජෝයි

සහකාර භාණ්ඩාගාරික

එම්. එම්. එන්. හසේන්, ෂවීර් රහීම්, ඒ. තාගරාජන්, ඩබ්. එම්. නිමල්, ජේ. එල්. එම්. එම්. එම්. මිරැන්ඩා

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment