පාපන්දු නිලවරණය අද ජස්වර් උමර්ට වැඩි වාසි

151

පසුගිය මැයි මාසයේ නිල කාලය අවසන්වූ ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයට නව නිලධාරි මණ්ඩලය පත්කර ගැනීම සඳහා පැවැත්වීමට සැලසුම් කරන ලද නිලවරණය අද (29 වැනිදා) මධ්‍යස්ථාන 03 ක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙයි.
 
 රජය විසින් පනවා ඇති සෞඛ්‍ය උපදෙස් අනුව ගාල්ල, පොළොන්නරුව සහ මහනුවර යන නගරයන්හි පිහිටුවන ලද මධ්‍යස්ථාන තුනකදී ඡුන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව සලසාදී ඇත. නිලවරණ කමිටු සාමාජිකයන් තිදෙනා මෙම මධ්‍යස්ථාන 03 භාරව නිරීක්‍ෂකයන් ලෙස කටයුතු කරනු ඇත.
 
 මෙම හැම මධ්‍යස්ථානයකටම දෙපාර්ශවය වෙනුවෙන් නියෝජිතයන් දෙදෙනකු බැගින් 4 දෙනකු යෙදවීමට අවසර ලබාදී ඇත.
 
 නිලවරණයට ඉදිරිපත් වන දෙපාර්ශවය වන්නේ හිටපු පාපන්දු සභාපතිවරයකු වන මනිලාල් ප‍්‍රනාන්දු මහතාගේ පුත් මහිල් ප‍්‍රනාන්දු මහතා සහ ආසන්නතම හිටපු ලේකම් වන ජස්වර් උමර් මහතාගේ පාර්ශවයයි. නිලවරණය පිළිබඳ ලැබුණු අලූත්ම වාර්තාවකින් කියවෙන්නේ ජස්වර් උමර් මහතා ඉන් ඉදිරියෙන් සිටිනා බවයි. අවසන් වරට 2017 වසරේ පවත්වන ලද නිලවරණයේදී ඡුන්ද 88 ක් ලබා ගත් රංජිත් රොඞ්රිගො මහතා ඡුන්ද 102 ක් ලබාගත් අනුර ද සිල්වා මහතාට පරාජය වූයේ උතුරු නැගෙනහිර පළාත් ඡුන්ද වලින් වුවත් මෙවර එම දෙපළාතේ ලීග 13 ක්ම ජස්වර් මහතාට සහාය දැක්වීම ඊට ආසන්නතම හේතුව ලෙස දැක්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment