පාපන්දු නිලවරණය අද

118

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය කොළඹ රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (14 වෙනිදා) උදෑසන 10.00ට පැවැත්වීමට නියමිත බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ‘දිවයින’ට පැවසීය.

පාපන්දු ලීග 56ක සහභාගිත්වයෙන් පැවැත්වෙන එම නිලවරණයේ සභාපති ධුරය සඳහා හිටපු පාපන්දු සභාපති ජස්වර් උමර් මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජේ. ශ්‍රී රංගා යන මහත්වරුන් ප්‍රබල ප්‍රතිවාදීන් ලෙස තරග වැදීමට නියමිතය.

ඔවුන් දෙදෙනාට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතා නිලවරණ කමිටුව ඉවත දමා තිබුණි. කෙසේ වෙතත් උප සභාපති ධුර හතරක් සඳහා නාමයෝජනා 14ක් ඉදිරිපත් ඉදිරිපත් කර තිබූ අතර ඉන් නාමයෝජනා 9ක් ප්‍රතික්ෂේප වී තිබේ. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ආචාර්ය යූ.එල්.ඒ.මජීඩ් (සභාපති), විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කේ. අතපත්තු හා අමාත්‍යාංශ විශ්‍රාමික අතිරේක ලේකම් එස්. මැදවැව යන මහත්තුරු මෙවර පාපන්දු නිලවරණය මෙහෙයවන නිලවරණ කමිටු සාමාජිකයෝ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment