පාපන්දු මුල්පුටුව ජස්වර් උමාර්ට

237

ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය සඳහා
හිටපු ලේකම් ජස්වර් උමාර් මහතා ඊයේ (30 දා* පැවති
නිලවරණයෙන් තේරී පත්විය.

සභාපති ධුරය සඳහා පත්වූ උමාර් මහතාට ඡන්ද
96 ක් ලැබුණු අතර ප‍්‍රතිවාදී අපේක්‍ෂකයා වූ පාපන්දු
සම්මේලන වෛμ කමිටු සභාපති අස්ථි වෛμ මනිල්
ප‍්‍රනාන්දු මහතා ඡන්ද 90 ක් ලබා ගත්තේය. කොවිඞ්
වසංගත තත්ත්වය හේතුවෙන් 5 වතාවක් කල් දැමුණු
පාපන්දු සම්මේලන නිලවරණය ඊයේ ඡන්ද මධ්‍යස්ථාන
3 ක් කේන්ද්‍ර කරගෙන පැවැත්වුණේ වැඩි පුද්ගලයන්
ප‍්‍රමාණයක් එක ස්ථානයකට එකතු වීම වළක්වමිනි.

ඒ අනුව පොළොන්නරුව ජාතික කී‍්‍රඩා සංකීර්ණය
ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය සහ පල්ලෙකැලේ
ජාත්‍යන්තර කී‍්‍රඩාංගණවල ස්ථාපිත කර තිබූ ඡන්ද
මධ්‍යස්ථාන තුනේදී පාපන්දු ලීග නියෝජිතයෝ සිය
ඡුන්දය භාවිත කළහ. විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු
රෝහිණි මාරසිංහ මහත්මිය නිලවරණ කමිටුවේ
ප‍්‍රධානියා ලෙස කටයුතු කළ අතර සම්මේලනයේ ප‍්‍රධාන
ලේකම්වරයා ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පති උපාලි
හේවගේ මහතා පත්විය.

උප සභාපතිවරු ලෙස රංජිත් රුද්‍රිගු,
හිටපු නියෝජ්‍ය පොලිස්පති කේ. පී. පී.
පතිරණ, සමන් දිල්ෂාන්, ආනොල්ඞ්
එමානුවෙල් යන මහත්වරු පත්
වූහ. නියෝජ්‍ය ලේකම් (පරිපාලන
අංශය* වර්ධරාසන් මහතා ද,
නියෝජ්‍ය ලේකම් (තාක්‍ෂණ
අංශය* අබ්දුල් මනාෆ් මහතාද
පත් වූහ. භාණ්ඩාගාරික
ලෙස ඒ. එෆ්. සෙල්ලාර් සහ
සහකාර භාණ්ඩාගාරික ලෙස
නාගරාජන් යන මහත්වරු
ද පත් වූහ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment