පාපන්දු ලෝක කුසලානය කටාර් රාජ්‍යයේදී

346

තරගාවලිය හෙට සිට ඇරඹේ

ලොව විශාලතම ප්‍රේක්ෂක පිරිසකට හිමිකම් කියන අසිරිමත්ම ක්‍රීඩා සැණකෙළිය වන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාර් රාජ්‍යයේදී හෙට (20 වැනිදා) සිට ආරම්භ වේ.

පාපන්දු ලෝක කුසලානයේ 22 වැනි අදියර මෙලෙස කටාර් රාජ්‍යයේදී පැවැත්වේ. දින 29ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 18වැනිදා දක්වා පැවැත්වේ.

2002 වසරේ දකුණු කොරියාවේ සහ ජපානයේ පැවති තරගාවලියෙන් පසුව ආසියාවේ පැවැත්වෙන පළමු පාපන්දු කුසලාන තරගාවලිය මෙය වේ. එමෙන්ම අරාබිකරයේ එතෙක් මෙතෙක් පැවැත්වෙන පළමු පාපන්දු කුසලානය මෙය වේ.

මෙවර කුසලානයද අතිශය තරගකාරී වනු ඇති බව නොඅනුමානය. පාපන්දුවේ වර්තමාන ශූරයන් වන ප්‍රංශය සිය කිරුළ රැකගැනීමට සැරසෙද්දී, වැඩිම වරක් කුසලානය හිමිකර ගෙන ඇති බ්‍රසීලය මෙන්ම ආර්ජන්ටිනාව මෙවර තරගාවලියේ වැඩි ආකර්ෂණයක් දිනාගෙන සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment