පාපන්දු ලෝක කුසලාන තරගාවලියට තව දින තුනයි – ලොව ප්‍රථම හරිත පාපන්දුව නිපදවයි

267

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා යොදා ගන්නා පාපන්දුව නිර්මාණය කිරීමේ කාර්යය මෙවරත් පැවරුණේ ජර්මානු අඩිඩාස් සමාගමටය. අඩිඩාස් සමාගමට එම කාර්යය මෙවර පැවරී තිබුණේ 14 වැනි වතාවටය. එම පාපන්දුව නම් කර ඇත්තේ අල් රිහ්ලා නමිනි. එහි තේරුම ගමන හෝ විනෝද චාරිකාව යන්න ය.

මෙම පන්දුව නිර්මාණය කිරීමේදී ග්‍රැෆික් සහ දෘඪාංග භාරව සිටියේ අඩිඩාස් සමාගමේ නිර්මාණ අධ්‍යක්ෂ ෆ්‍රැන්සිස්කා ලොෆෙල්මාන් ය. අල් රිහ්ලා පන්දුව කටාරයේ ආවේණික දෝව් බෝට්ටුවල ත්‍රිකෝණාකාර රුවල්, අරාබි ඇඳුම්වල ආභාෂය, කටාර් ධජයේ වර්ණය ආභාෂයට ගෙන මුතු වැනි දිලිසෙන නිමාවෙන් සකසා ඇත. වාතයේ දිදුලන දීප්තිය පන්දුවට එකතු කර ඇත. එම පන්දුව එළිදක්වන ලද ප්‍රථම හරිත පාපන්දුව බවට පත්වී ඇත. මැහුම් නොමැති තාප බන්ධිත මෙම පන්දුව වාතය හරහා ගමන් කිරීමේදී නැවත පැමිණීමේදී නිරවද්‍යතාව රඳවා ගන්නා අතර වඩාත් තියුණු තරගවලදී ක්‍රීඩකයින්ට මහත් උපකාරී වේ.

ලීග් පන්දුව, මිනි බෝල්, පුහුණු බෝල්, ක්ලබ් බෝල්, ෆ්‍රෝ පාපන්දුව යනුවෙන් විවිධ වර්ණවලින් ද මේවා නිෂ්පාදනය කර ඇත. අල් රිහ්ලා පාපන්දුව නිපදවීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන ඇත්තේ පකිස්තානයේ සියල්කොට් ෆෝවර්ඩ් ස්පෝර්ට්ස් සමාගමය. එහි සභාපති මසුඩ් අක්තාර් පවසන්නේ තමන්ව නැවත වරක් ලෝක කුසලානය සඳහා පාපන්දු බෝල සැපයීමට තෝරා ගෙන ඇති අතර එය තමන් ට ලොකු ගෞරවයක් බවයි. තමන් පවත්වාගෙන ගිය ගුණාත්මකභාවය ගැන අඩිඩාස් සමාගම පිළිගෙන ඇත යනුවෙන් ද ඔහු පවසයි. පකිස්ථානයේ ඊසානදිග නගරයක් වන සියල්කොට් හි පිහිටා ඇති මෙම සමාගම මෙවර පාපන්දු ලෝක කුසලානයේ අල් රිහ්ලා පාපන්දු මිලියන ගණනක් ලොව පුරා බෙදා හැරීමට දැනටමත් නිෂ්පාදනය කර ඇත. මෙම අල් රිහ්ලා පාපන්දුවක් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් පනස් හත් දහසක් පමණ වේ.
තරස්වින්

advertistmentadvertistment
advertistmentadvertistment