පාපන්දු සභාපති රංගාගේ වාරණය අද තෙක් දීර්ඝ වේ…. අභියාචනාධිකරණයෙන් නියෝගයක්

112

පසුගිය 14 වැනිදා පැවති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයේදී නව සභාපතිවරයා ලෙස තේරී පත් වූ ජේ. ශ්‍රී රංගා මහතා ඇතුළු නිලධාරීන්

8 දෙනාට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය අද (20 වැනිදා) දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (19 වැනිදා) නියෝග කළේය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන ජස්වර් උමාර් මහතා විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණි. ඒ අනුව රීට් ආඥා පෙත්සම වැඩි දුර සලකා බැලීම යළි අද (20 වැනිදා) කැඳවීමට ද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල නියෝග කළේය.

එම පෙත්සම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සෝභිත රාජකරුණා මහතා මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළ අතර වගඋත්තරකාර ජේ. ශ්‍රී රංගා මහතා ඇතුළු නව නිලධාරි මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා දීර්ඝ ලෙස කරුණු දක්වනු ලැබීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment