පාපැදිය තවදුරටත් දුප්පතාගේ වාහනය නොවෙයි – පාපැදියක් රුපියල් 35000 යි

305

ශ්‍රී ලංකා මවුන්ටන් පාපැදි සංගමයේ සභාපති සහ පාපැදි නිෂ්පාදක අමල් සූරියගේ

ආර්ථික අර්බුදය සහ ඉන්ධන මිල වැඩිවීම හමුවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට පාපැදියේ වටිනාකම මේ වන විට දැනී ඇති බව ශ්‍රී ලංකා මවුන්ටන් පාපැදි සංගමයේ සභාපති සහ පාපැදි නිෂ්පාදක අමල් සූරියගේ මහතා පැවසීය.

හැටන් ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවකදී අමල් සූරියගේ මහතා මේ බැව් පැවසීය.

“පාපැදියේ වටිනාකම මේ වනවිට හොඳින් දැනිලා තියෙනවා. ආර්ථික අර්බුදයක සිටින අපිට පාපැදියේ වටිනාකම දැන් පැහැදිලියි. පාපැදිය ආර්ථික අර්බුදයට, ඉන්ධන අර්බුධයට මෙන්ම සෞඛ්‍ය තත්ත්වය ඉහළ දමන්න හොඳ මෙවලමක්.

මීට මාස කිහිපයකට ප්‍රථම පාපැදියක් රු. 16000 වැනි මිලකට අලෙවි වුණත් මේ වනවිට රු. 35000 දක්වා ඉහළ මිලකට අලෙවි වෙනවා. ඒ නිසා දැන් මේක දුප්පත් මිනිස්සුන්ගේ වාහනයක් වෙන්නේ නෑ.

වාහන තදබදයට හොඳම විසඳුම තමයි පාපැදිය. රජයට පාපැදි සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති නම් අපි කැමතියි සාකච්ඡා කරන්න.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment