පාපැදිවලට ලීසින් නෑ

259

මේ වන විට අධික ලෙස මිල ඉහළ ගොස් ඇති පාපැදි සඳහා ලීසිං පහසුකම් ලබාදිය නොහැකි බව ලීසිං සමාගම් සඳහන් කරයි.

පාපැදි රජයේ ලියාපදිංචි වීමක් සිදු නොවන නිසා එලෙස ලීසිං පහසුකම් ලබාදිය නොහැකි බවත් එම සමාගම් සඳහන් කරයි.

කෙසේ වෙතත් ඇතැම් ලීසිං සමාගම් සඳහන් කරන්නේ පාපැදි මිලදී ගැනීම සඳහා ණය පහසුකම් ලබාදීමට කටයුතු යොදා ඇති බවයි.

රටේ උද්ගතව ඇති ඉන්ධන අර්බුදය හා ඉන්ධන මිල අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් මේ වන විට බොහෝ පිරිස් පාපැදි මිලදී ගැනීමට යොමුවී තිබේ.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment