පාපැදි ගිනි ගණන් වෙද්දී පාරිභෝගිකයන්ට දැඩි දුෂ්කරතා

197

වෙළෙඳපොළේ පාපැදි තොග අවසන් වීම හේතුවෙන් පාපැදි අලෙවිකරුවන් හා ඒවා මිලදී ගැනීමට අපේක්‍ෂාවෙන් සිටින පුද්ගලයන් අපහසුතාවට පත්ව සිටිති.

පාපැදි තොග අවසන් වීමත් සමග සමහරක් අලෙවිකරුවන් විවිධ මිල ගණන් යටතේ පාපැදි අලෙවි කරන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

ඉන්ධන අර්බුදයත් සමග පාපැදි සඳහා වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් මේ වනවිට සමාජය තුළ ඇතිව තිබේ.

පාපැදි තොග අවසන් වීමත් සමග ඇතැම් පාපැදි අලෙවිකරුවන් සාමාන්‍ය පාපැදියක් රුපියල් 60,000 දක්වා ඉහළ නංවා ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

එසේම ගියර සහිත පාපැදියක මිල ද රුපියල් 77,000- 80,000 දක්වා ඉහළ ගොස් ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

එසේම මේ දිනවල පාසල් දරුවන් ද පාපැදි හැදීමට වැඩි වශයෙන් පෙළඹී සිටිති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment