‘පාරට එන්න’ ෆේස්බුක් මිතුරෝ විරෝධතාව අද

454

ඉන්ධන, විදුලිය, ගෑස් අර්බුදය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම නිසා ජනතාවට මතුව ඇති ගැටලූ සම්බන්ධයෙන් රජයට විරෝධය පළකරමින් ෆේස් බුක් මිතුරන් සහ තවත් ක‍්‍රියාකාරී සංවිධාන කිහිපයක් අද (03 දා) උදේ සහ සවස විරෝධතාවක නිරත වීමට නියමිතය.

අපේ‍්‍රල් 3 වැනිදා මුළු රටම පාරට බහිනවා යනුවෙන් ෆේස් බුක් සටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

මේ යන විදිහට රට ගියොත් අපට රටක් ඉතිරි වෙන්නේ නැහැ. වෙන කරන්න දෙයක් නැහැ. අපේ‍්‍රල් 3 මුළු රටම බහිනවා පාරට යනුවෙන් එහි සඳහන්ව ඇත.

සිය විරෝධය පෑමට දේශපාලන පක්‍ෂ පාට භේදයකින් තොරව විරෝධතා පුවරුවක් රැුගෙන පාරට බහින්න යැයි එම ෆේස්බුක් මිතුරෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment