පාරදිගේ අපට හමුවන ඩාර්ලිං අක්කා

765

මම කලාවට එන්නේ වේදිකාවෙන්
 
 පාර දිගේ ටෙලිනාට්‍යයේ ඩාර්ලිං අක්කා මේ දිනවල හරි ජනපි‍්‍රය චරිතයක්. ඇත්තටම මේ ඩාර්ලිං අක්කා කවුද?. ඇය චන්දිමා කරුණාදාස. මේ ඇගේ හඬයි.
 
 
 * පාරදිගේ ඩාර්ලිං අක්කා ගැන කට්ටිය මොනවද කියන්නේ ?
 
 මේ දවස්වල මම සම්බන්ධවෙලා ඉන්නේ පාරදිගේ නාට්‍යයට. මගේ චරිතයේ නම ඩාර්ලිං අක්කා. දැනටමත් ලොකු ප‍්‍රතිචාරයක් ලැබෙනවා. අග්නි පියාපත් හරහා මට ප‍්‍රතිචාර ලබාදුන් පේ‍්‍රක්ෂකයෝ තමයි මට මේ සඳහා ප‍්‍රතිචාර ලබාදෙන්නේ.
 
 
 * මේ ආරාධනාව ලැබුණේ කොහොමද?
 
 මට පාරදිගේ ටෙලිනාට්‍යයට ආරාධනාව ලැබුණේ අධ්‍යක්ෂ සිවගුරුනාදන් මහත්මයාගෙන්. මම ඔහු සමග මීට කලින් අග්නි පියාපත් ටෙලිනාට්‍යයේ වැඩකරලා තියෙනවා. එ් හරහා තමයි මම ඔහුව හඳුනාගන්නේ.
 
 
 * ඩාර්ලිං අක්කාට සූදානම් වුණේ කොහොමද?
 
 මම මීට කලින් කරලා තියෙන චරිතවලට වඩා මේ චරිතය ගොඩක් වෙනස් චරිතයක්. හරි කටකාරයි. වෙනස්ම හැසිරීමක් තියෙන්නේ. මට එ්ක හුරුපුරුදු නැහැ. අධ්‍යක්ෂවරයා තමයි මට මේ චරිතයට සාධාරණයක් කරන්න ලොකු සහයෝගයක් ලබාදුන්නේ.
 
 
 * ඔබ වැඩිපුර සම්බන්ධ වේදිකාවට නේද?
 
 මම කලා කේෂ්ත‍්‍රයට එන්නේ වේදිකාව හරහායි. මම කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ශාස්ත‍්‍රවේදී සහ ශාස්ත‍්‍රපති උපාධිය හදාරලා තියෙනවා. එතැනින් තමයි මට කලාවට එන්න අඩිතාලම හැදුණේ. මුලින්ම රඟපෑවේ වේදිකා නාට්‍යවල. විශ්වවිද්‍යාලයේ ඉන්න කාලයේ මම අවුරුදු හතරක් නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා. වේදිකා නාට්‍ය, වෙළෙඳ දැන්වීම්කරණයෙන් පසුව තමයි ටෙලිනාට්‍යවලට පිවිසෙන්නේ. වේදිකාවෙන් හමුවුණු අඩිතාලම සහ මගපෙන්වීම මත තමයි මම දැනට මේ මාධ්‍ය තුළ මගේ රංගන කටයුතු කරගෙන යන්නේ.
 
 
 * වේදිකාවේ භූමිකාව රඟදක්වන අය ජනප‍්‍රිය ටෙලිනාට්‍යවලට දායකවෙනවා හරි අඩුයි නේද?
 
 මේ වෙනකොට නම් වේදිකාවට සම්බන්ධවුණ ගොඩදෙනෙක් ටෙලිනාට්‍යවලටත් සම්බන්ධවෙලා ඉන්නවා. නමුත් කිහිපදෙනෙක් සම්බන්ධනොවන අවස්ථාත් තියෙනවා. මම හිතන්නේ වේදිකාවේ ඉඳලා මේ මාධ්‍යතුළ හැසිරෙන්න වගේම ටෙලි නිර්මාණවලට දායක වෙන්න එනකොට ලොකු- පහසුවක් තියෙනවා. රංගනය හදාරලා තිබීම මේ මාධ්‍ය තුළ හැසිරෙන්්න ලොකු සහයෝගයක් වගේම පහසුවක් දැනෙනවා. එ්ක සමහර විට වේදිකාවේ ඉන්න සමහර රංගන ශිල්පීන් හෝ ශිල්පිණියන් වේවා ඔවුන්ගේ පෞද්ගලික කැමැත්තක් තියෙනවා මේ මාධ්‍ය තුළට එකතුවෙන්න පුළුවන්. පෞද්ගලික අකමැත්තක් තියෙනවා නම් ඔවුන් වේදිකාව කියන මාධ්‍යයේ විතරක් වැඩකරනවා ඇති. නමුත් දැන් නම් මේ මාධ්‍යයේ ගොඩක් දෙනෙක් වැඩකරනවා.
 
 
 
 * උපාධිධාරිණියක් නිසා මේ මාධ්‍යයේ වැඩකරන්න සීමා මායිම් තියාගෙනද?
 
 සීමා මායිම් කියන්නේ මට ලැබෙන චරිතය තුළ මට යම් දෙයක් කරන්න පුළුවන් නම් එ්කකාරීබවකින් තොර චරිතයක් නම් භාරගන්නවා. මම මුලින්ම මට ලැබෙන චරිතය ගැන හිතලා තමයි භාරගන්නේ. එ් ඇරෙන්න මට ලොකුවට සීමාමායිම් දාලා නැහැ.
 
 
 
 * චන්දිමා කියන්නේ ඇත්තටම මොනවගේ චරිතයක්ද?
 
 චන්දිමා කියලා කියන්නේ මම මාව දකින විදිහට නම් මම හරිම නිශ්ශබ්ද කෙනෙක්. වැඩි කතාබහ කරන කෙනෙක් නෙමෙයි. මගේ පාඩුවේ මම කරන දේට මගේ උපරිමය ලබාදෙන කෙනෙක්.
 
 
 
 * ඇත්තමට පූනෑව වගේ දුෂ්කර ගමක ඉඳලා තමයි ඔබ මේ ගමන එන්නේ ?
 
 මම උසස් පෙළ හැදෑරුවේ මෛත‍්‍රීපාල සේනානායක ජාතික පාසැලෙන්. මගේ සරසවි අධ්‍යාපනය සඳහා තමයි මම කොළඹ එන්නේ. මේ වෙනකොට මම මගේ උපාධිය අවසන් කරලා තියෙන්නේ. එ් අවසන් කිරීමත් තමයි මම රංගනයට පවා පිවිසුණේ. එ් ආව ගමනත් එක්ක තමයි මම තවම කොළඹ ඉන්නේ. කලා කේෂ්ත‍්‍රයට සම්බන්ධ නිසා තමයි මම කොළඹ ඉන්නේ. නමුත් මට ගම අමතක නැහැ. තවම මම මගේ ගමට ආදරෙයි. මම මගේ අම්මා තාත්තා මගේ සහෝදර සහෝදරියෝ ජීවත්වෙන්නේ ගමේ.
 
 
 
   දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment