පාරදිගේ බන්ටි ඉන්දියාවේ ගිහින් කරපු වැඬේ මොකක්ද?

2428

පාර දිගේ ටෙලිනාට්‍යයේ බන්ටි සහ සරණි කියන්නේ බොහෝ දෙනකුගේ අවධානය දිනා ගත්ත චරිත දෙකක්ිමේ චරිත දෙකටම පණ පොවන්නේ පේ‍්‍රක්ෂක ආදරය ඉහළින්ම දිනාගත් සුරූපිනියක් වන දුෂේනි මියුරංගි බව අමුතුවෙන් කිව යුතු නැහැ.පාර දිගේ නිසා ජනප‍්‍රියත්වයට පත් වුණ දුෂේනිට මේ වෙද්දි තවත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා කියලා අපට දැනගන්න ලැබුණා.ඒ ගැන දැනගන්න අපි ඇයට කතා කළා.

 * පාරදිගේ නාට්‍ය දුශේනිගේ රංගන ජීවිතයට අලූත් ආරම්භයක් නේද?

 ඇත්තටම පාර දිගේ නාට්‍ය නිසා මට ඉහළ පේ‍්‍රක්ෂකයන්ගේ ආදරය අඩුවක් නැතුව ලැබෙනවා. පාර දිගේ නිසා බොහෝ දෙනෙක් මම ගැන කතා කරන්න පටන් ගත්තා.ඒ වගේම අලූත් නිර්මාණවලට ආරාධනා ලැබෙන්නත් පාර දිගේ නාට්‍ය හේතුවක් වුණා.විශේෂම කාරණය තමයි සරණි ර්‍ණ බන්ටි කියන එකිනෙකට වෙනස් චරිත දෙකකට රඟපාන්න ලැබීම අලූත් අත්දැකීමක්. කුතුහලය පිරුණු නාට්‍යයක් තමයි පාරදිගේ කියලා කියන්නේිබොහෝ කාලයක් රඟපෑමෙන් ඈත්වෙලා හිටිය මට පාර දිගේ ගමන හොඳ ආරම්භයක් කියලා මම හිතනවා.

පාරදිගේ බන්ටි ඉන්දියාවේ ගිහින් කරපු වැඬේ මොකක්ද?



 * කාලයක් රඟපෑමෙන් ඈත් වෙලා හිටියේ ක්ෂේත‍්‍රය ගැන කලකිරිලද ?

 ලංකාවේ ටෙලි නාට්‍ය කර්මාන්තය ගැන පුංචි කළකිරීමක් තිබුණා. දිගින් දිගට රැුල්ලක් විදිහට යන මෙගා ටෙලි නාට්‍යවල රඟපාන්න මගේ කැමැත්තක් නැහැිමට විතරක් නෙමෙයි ටෙලි නාට්‍යයක් දිගින් දිගට ඇදෙද්දී ඒකත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන හැමෝටම ඒ ගැන කලකිරෙනවා.කාලයක් කිසිම ආරාධනාවක් භාර නොගන්න ඒකත් හේතුවක් වුණා.ඒවගේම මගේ වැඩකට ඉන්දියාවේ යන්න සිද්ධ වුණ නිසා ලංකාවේ වැඩකට සම්බන්ධ වෙන්න බැරි වුණා.කොහොම වුණත් මම හිතුවේ නැහැ මම නැවත ලංකාවේ නිර්මාණයකට සම්බන්ධ වෙයි කියලාි

 * නැවත රඟපාන්නෙ නෑ කියලා හිතාගෙන හිටිය දුශේනි පාර දිගේ නාට්‍යයට ලැබුණු ආරාධනාව බාර ගත්තේ ඇයි ?

 2019 ජනවාරි මාසයේ තමයි මම අවසාන වතාවට රඟපෑ ටෙලි නාට්‍යය විකාශනය වුණේ.කාලයක් විවිධ හේතූන් නිසා මම රංගනයෙන් ඈත් වෙලා හිටියා.ආයෙමත් නිර්මාණවලට සම්බන්ධ වෙන්නෙ නැහැ කියල හිතාගෙන හිටියට සද්ධා මංගල අයියගේ

 පාරදිගේ පිටපත මගේ අදහස වෙනස් කළා. ඒ වගේම මට ජයප‍්‍රකාශ් සිවගුරුනාදන් අයියා එක්ක වැඩ කරන්නත් ලොකු කැමැත්තක් තිබුණා. සිවා අයියා දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. දක්ෂ ර්‍ණසුහදශීලී ආදරණීය පිරිසක් තමයි පාරදිගේ කණ්ඩායමේ ඉන්නේ.ඉතින් ඒ නිසා මම මේ නාට්‍යයේ රඟපාන්න ලැබුණු ආරාධනාව කැමැත්තෙන් භාර ගත්තා.

 * දුෂේනිගෙ රංගනය මිලෙන් ඉහළයි කියලා කතාවක් තියනවා නේද? චරිත වලට ආරාධනා අඩු වෙන්න ඒක හේතුවක් නෙමෙයිද?

 මට අලූත් නිර්මාණ කිහිපයකටම මේ වෙද්දි ආරාධනා ලැබිලා තියනවාිඉදිරියේදී ඒවා ගැන දැන ගන්න ලැබෙයි. අය කිරීම් ගැන කතා කරනවා නම් ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් අපි අතින් වෙනවා නම් ඒ වෙනුවෙන් මිලක් නියම කරන එක වරදක් නෙමෙයි.

 මගේ රඟපෑම් සාර්ථකයි කියලා හිතෙන පිරිස මාව නිර්මාණ වලට තෝරා ගන්නවා.එක දිගට හැම නිර්මාණයකටම ඉ`දලා ජනප‍්‍රිය වෙන අරමුණක් මට නැහැ.ඒ නිසා ලැබෙන චරිත ප‍්‍රමාණය මට ප‍්‍රශ්නයක් නැහැ.භාර ගත්ත දේ හරියට කරන එක තමයි මගේ විදිය.

පාරදිගේ බන්ටි ඉන්දියාවේ ගිහින් කරපු වැඬේ මොකක්ද?



 * දුෂේනි ඇත්තටම කැමති සරණිටද ? බන්ටිටද ?

 මේ චරිත දෙක එකිනෙකට වෙනස්.සරණි කියන චරිතය මට ටිකක් සමීප චරිතයක්.ඇත්ත ජීවිතයේදි මම ගොඩක් සංවේදී සරණි වගේ නිහඬ චරිතයක්.හැබැයි බන්ටි කියන්නෙ කොල්ලො ටිකක් එක්ක එකතු වෙලා අමුතු වැඩ කරන කෙනෙක්.ඒක වෙනස් අත්දැකීමක්.සරණිට වඩා බන්ටිගේ චරිතය රඟපාන එක මට අභියෝගයක් වුණා.කොහොම වුණත් මේ චරිත දෙකටම මම කැමතියි.

 * ඉන්දියාවට ගිය ගමනෙදි නර්තනය සම්බන්ධයෙන් වැඩිදුර හදාරපු දුශේනි ලංකාවට ආවට පස්සේ නර්තනය අමතක කළාද?

 නර්තනය අමතක කරල නැහැ.මම තවමත් නර්තනයත් එක්ක ජීවත් වෙනවාිනර්තනය නිසා මට විශේෂ

 අවස්ථා ලැබිලා තියෙනවා.දැනටත් පුළුවන් විදිහට නර්තන කටයුතුවලත් නිරත වෙනවාිලංකාව ඇතුලේ නම් නර්තනය ගැන හැදෑරීමක් කරලා නැහැ.ඉන්දියාවට ගිය අවස්ථාවේදී මම නර්තනය ගැනත් බොහෝ දේවල් ඉගෙන ගත්තාි

 * ඉන්දියාවේ ගිහින් කරපු අලූත් වැඬේ ගැන තවමත් පේ‍්‍රක්ෂකයන්ට කියන්න කැමැත්තක් නැද්ද?

 ඇත්තටම ඉදිරියේදී කරන්න තියෙන නිර්මාණ ගැන මම කොතනකදි වත් කතා කරන්න කැමති නැහැිඒත් පේ‍්‍රක්ෂකයන්ට පුංචි ඉඟියක් දෙන්නම්කෝ.ඒ වැඬේ එන්ටර්ටේන්මන්ට් වලට සම්බන්ධ අලූත් විදියේ වැඩක්ිකොවිඞ් නිසා ලංකාවට ආවට මගේ වැඬේ ඉවර කරන්න මම නැවත ඉන්දියාවට යා යුතුයි.පුලූවන් ඉක්මනින් ඒ දේවල් ඉවර කරලා ආදරණීය පේ‍්‍රක්ෂකයන්ට තෑගි කරන්න තමයි හිතාගෙන ඉන්නේ.



 නිරෝෂා වාසල

 යූ.කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment