පාරම්පරික උඩරට මුල් ඇඳුමේ අභිමානය – පී.වී.එස්. ජයරත්න

688

කලකට ඉහතදී උඩරට කුලවතුන්ට පමණක් සීමා වී තිබූ මුල් ඇඳුම් සැරසීම දැන් රටේ සෑම ප්‍රදේශයක් කරාම ව්‍යාප්තවී තිබේ. උඩරට මුල් ඇඳුම නමින් හැඳින්වෙන්නේ ජාතියේ පළමු ඇඳුම යන අර්ථයයි. දැඩිමුණ්ඩ දෙවියන්ගේ ඇඳුම ලෙසද මුල් ඇඳුම සැලකේ. 1702 වසරේදී ඉන්දියාවෙන් ලංකාවට පැමිණි නායක්කර් වංශිකයන්ගේ මුල් ඇඳුමට ගෙත්තම් කලාව එක්වූ බවටද සාක්‍ෂි ඇති අතර ඊට ලාංකේය ශිල්පීන්ගේ හැකියාවද එක්වීමෙන් මුල් ඇඳුම් වර්තමානය දක්වා ව්‍යාප්තවී තිබේ.

මුල් ඇඳුම කොටස් 14 කින් සමන්විත වේ. එනම් රැළි කලිසම, රතු පච්චවඩම, විල්ලු බඳපටිය, විල්ලුද පසු පටිය, විල්ලුද හැට්ටය, සෝමනය, මිරිවැඩි සඟල, පේරැස් මුද්ද, සුදු කුප් පොට්ටය, කවණිය, හතර, මුළු තොප්පිය, බෝරළු මල, පාදක්කම්, මාලය, සිරිය වශයෙනි. අතීතයේ මුල් ඇඳුම සඳහා කුණු ලේ පාට රතු, තද දම්, නිල්, සුදු සහ ඇත් දළ පාට යන වර්ණයන් පමණක් භාවිත කර තිබේ.

පාරම්පරික උඩරට මුල් ඇඳුමේ අභිමානය - පී.වී.එස්. ජයරත්න

ප්‍රභූන්ගේ තනතුරු අනුව මුල් ඇඳුමේ පැහැය, මෝස්තර සහ ඒ සමග භාවිත වන උපාංග අඩු වැඩි වීම අතීතයේ සිදුවිය. මුල් ඇඳුමට කඩුව අයත් නොවන අතර අතීතයේ මුල් ඇඳුම සමග කඩුව භාවිත කළේ අධිකාරම් පමණි. කඩුව භාවිත කරන්නේ නම් මුල් ඇඳුමට බාලපනය යන කොටසද එකතු වේ. මෙරට මුල් ඇඳුම් නිර්මාණයේ ප්‍රමුඛත්වය උසුලන පී. වී. එස්. ජයරත්න ආයතනයේ වත්මන් අධිපතිවරයා වනුයේ පුබුදු සමීර ජයරත්න මහතාය. හිඳගල පරපුරේ හයවැනි පුරුක වන ඔහු සිය පියා වන ජනකලා නිර්මාණ විශාරද චක්‍රවර්ති ජනාධිපති සම්මානලාභී පී. වී. එස්. ජයරත්න මහතාගේ අභාවයෙන් පසු සිය පාරම්පරික උරුමය ඉදිරියට ගෙනයමින් සිටී. ‘හිඳගල පස් පරපුරේ පුරුක වූ මාගේ පියා වසර 40 කට අධික කාලයක් තිස්සේ නුවර දළදා පෙරහැර, සතර මහා දේවාල පෙරහැර, කතරගම පෙරහැර, දෙවිනුවර පෙරහැර, කැලණි පෙරහැර, කෝට්ටේ පෙරහැර, ගංගාරාම පෙරහැර, බෙල්ලන්විල පෙරහැර, රත්නපුර මහ සමන් දේවාල පෙරහැර යන මෙරට ප්‍රධාන පෙළේ පෙරහැර මංගල්‍ය රැසක් වෙනුවෙන් පරපුරෙන් ලද උරුමයෙන් මුල් ඇඳුම් නිර්මාණය සහ ඇන්දවීම සිදු කළා.

ඔහුගේ අභාවයෙන් අද වන විට මමත් එම සියලු පෙරහැර සඳහාත් ප්‍රධාන පෙළේ විවාහ මංගල උත්සවවලටත් මුල් ඇඳුම් ඇන්දවීම සිදු කරනවා යැයි පුබුදු සමීර ජයරත්න මහතා පැවසීය.

පී.වී.එස්. ජයරත්න ආයතනය අංක 169 හිඳගල පේරාදෙණිය සහ අංක 119 නුවර පාර කිරිබත්ගොඩ යන ස්ථානවල පිහිටා තිබෙන අතර එහිදී කලාත්මක උඩරට ඇඳුම් නිර්මාණ ඔබට කරවා ගත හැක.

advertistmentadvertistment
advertistmentadvertistment