පාර්ලිමේන්තුවේ අණසක කතානායක සතු යැයි සභානායක කියයි

99


කතානායකවරයාගේ අණසක පාර්ලිමේන්තුවේ පිහිටුවිය යුතු බවත් පැමිණිල්ලක් ඉදිරිපත් කළ විට එය සත්‍යද අසත්‍යද කියා පරික්ෂා කිරීම කතානායකවරයා සතු කාර්යයක් බවත් ඒ වෙනුවෙන් මන්ත‍්‍රීවරුන්ට අවසන් තීරණ ලබාදීමේ හැකියාවක් පාර්ලිමේන්තු ඉතිහාසයේ සම්ප්‍රදාය තුළ නොමැති බවත් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කළේ ඉකුත් 03 සහ 04දා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධීන් ආශ්‍රිත තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.

එක අවස්ථාවක පාර්ලිමේන්තුවේ විදුලි බලය සම්පුර්ණයෙන් ඇනහිටි බව පැවසූ සභානායකවරයා එය අති භයානක බවත් එම යන්ත්‍ර සුත්‍ර නිතර දෙවේලේ සෝදිසියට ලක් කරන්නේ නම් එවැනි තත්ත්වයන් ඇති නොවන බවත් පැවසීය.

එදා දවසේ සිදු වූ සිද්ධීන් දෙක තුනක් සමග මෙම තත්ත්වය ඇති වූ බවත් විදුලි බලය ඇනහිටීමෙන් පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මානසික සන්තෝෂය සීමාව පැන තිබූ බවත් ඉන්පසු කතානායකවරයා නිෂ්ප්‍රභ කරගෙන යා හැකිදැයි යන තත්ත්වය මත හැසිරුණ බවත් දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment