පාර්ලිමේන්තුවේ දී අද ප‍්‍රශ්න විසඳයි

321

මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම සදහා විශේෂයෙන් වෙන් කෙරුණු අද පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් වූ ප්‍රශ්න 40න් 37කටම අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු පිළිතුරු ලබා දුන්හ.

රජයේ සහ සභානායකවරයාගේ අදහසට අනුව මෙසේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න සදහා පිළිතුරු දීමට පමණක් විශේෂ පාර්ලිමේන්තු දිනයක් වෙන් කිරීමට සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවට යෝජනා කර තිබිණි.

කොවිඩ් -19 තත්වය නිසා පසුගිය කාලයේ පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට නොහැකි වීම හේතුවෙන් ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සදහා අවස්ථාව ලබා දීමට මෙසේ විශේෂ දිනයක් ලබා දුන් බවට සභානායකවරයා ප්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment