පාර්ලිමේන්තුව – ආගම් අතර සහජීවනයෙන් ජීවත්වීමට – දහම් පාසල් පද්ධතිය ශක්තිමත් කිරීමට විශාල මුදලක් වෙන් කරනවා- අගමැති මහින්ද රාජපක්‍ෂ

297




අපි පඩි වැඩි නොකළානම් රාජ්‍ය සේවකයන්ට බඩගින්නේ ඉන්නයි වෙන්නේ –  රංජිත් මද්දුම බණ්ඩාර

පාර්ලිමේන්තුව -  ආගම් අතර සහජීවනයෙන් ජීවත්වීමට - දහම් පාසල් පද්ධතිය ශක්තිමත් කිරීමට විශාල මුදලක් වෙන් කරනවා- අගමැති මහින්ද රාජපක්‍ෂ





හැකියාව මත උසස්වීම් දී රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාව වැඩිකරන්න – විජිත හේරත්

කොළඹ ගිනි නිවන අංශයේ උපකරණ වසර 12 ක් පරණ ඒවා- මුජිබර් රහුමාන්


උගතුන් රට පාලනය කරයි කියලා තරුණයන් හිතුවා රාජ්‍ය සේවය මිලිටරිකරණය කළා- අජිත් මාන්නප්පෙරුම


සියලූ උපාධිධාරීන් බඳවා ගත්තා:41000 ක වැටුපකුත් ගෙව්වා – රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ



අකිත පෙරේරා, රනිල් ධර්මසේන

ආගම් අතර සහජීවනය වැඩිදියුණු කරමින් අන්‍යොන්‍ය සහයෝගයෙන් ජීවත්වන සමාජයක් ගොඩනැංවීම සඳහා දහම් පාසල් පද්ධතිය ශක්තිමත් කිරීමට විශාල මුදලක් වෙන්කරන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (24 දා* පාර්ලිමේන්තුවේදී පැවැසීය.

වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (24 දා* පෙ.ව. 9.30 ට රැුස්විණ.
ලිපි ලේඛන, වාර්ෂික වාර්තා, මහජන පෙත්සම් ආදිය පිළිගැන්වීමෙන් පසුව මන්තී‍්‍රවරු විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.
අනතුරුව 2022 අයවැය යෝජනාවලියේ විවාදය නවවැනි දිනටත් ඇරඹි අතර බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන, පළාත් සභා රාජ්‍ය අමාත්‍යාංශය වැය ශීර්ෂයන් සම්බන්ධයෙන් දිනට නියමිත වූ අයවැය තුන්වැනි වර කියවීමේ අවස්ථාව එළැඹිණි.

විවාදය ආරම්භ කරමින් පත් කළ මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර මහතා (සජබ*-අද ආණ්ඩුව පැවති ගැසට් රිවස් කර ගන්නවා. පොහොර, කෘෂි රසායන සම්බන්ධ ඒ ගැසට් එකත් දැන් රිවස් කරගෙන. මේ පොහොර සටනට අප දායක වුණා. එය ජයග‍්‍රහණය කරන්න අපට පුළුවන් වුණා. මේ වනවිට රාජ්‍ය සේවය රටට බරක්. රාජ්‍ය සේවය වැඩක් නෑ කියලා මුදල් ඇමැතිතුමා අපහාස කළා. මේ රටේ පරිපාලන සේවය බාල්දු කරලා. රජයේ මිත‍්‍රයෝ, ගැත්තෝ, හමුදාවේ අය දාලා පරිපාලන ක්‍ෂේත‍්‍රය අද බාල්දු කරලා. රාජ්‍ය සේවය ලක්‍ෂ 14 කට පමණ දේශපාලන බඳවා ගැනීම් කරලා. රාජ්‍ය සේවයේ ගරුත්වය නැති කරන්න මේ ආණ්ඩුවේ අයම තමයි කටයුතු කළේ. අපේ යහපාලන ආණ්ඩුව තමයි රජයේ සේවකයන්ට රුපියල් 10000 කින් පඩි වැඩි කළේ. එය අප මූලික වැටුපට එකතු කළා. එසේ නොකළේ නම් අද මේ පවතින බඩු මිල අනුව රජයේ සේවකයන්ට බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. මේ ආණ්ඩුව තමයි රජයේ සේවය අවතක්සේරු කරලා එය නොවටිනා තැනක් බවට පත් කළේ. දැන් රජයේ සේවක විශ‍්‍රාම යෑම 65 දක්වා වැඩි කරගෙන මේ ආණ්ඩුව. එතකොට දැන් ඉන්න අමාත්‍යාංශ ලේකම්වරුම තමයි තවදුරටත් ඉන්නේ. මේ පොලිස්පතිමයි, මේ හමුදාපතිමයි. මේකෙන් තරුණ අසහනය, තරුණ කෝපය වැඩිවෙයි.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා-

රටක සැබෑ සංවර්ධනයක් ඇතිවීමට නම් ආර්ථික සංවර්ධනය වගේම ආධ්‍යාත්මික සංවර්ධනයත් තිබිය යුතුයි. පුද්ගලයන් ගුණ ගරුක, විනයගරුක කිරීමේ කාර්ය භාරය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැවරී තිබෙනවා. මෙම කාර්යය භාරය අප විසින් මනාව ඉටු කළ යුතුව තිබෙනවා.
දෙදහස් පන්සිය වසරක් පුරා සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කටයුතු කළ අප, අනාගත ශාසනයේ උන්නතිය උදෙසා ද කටයුතු කළ යුතු බවයි අප විශ්වාස කරන්නේ.
ශී‍්‍ර ලාංකීය සංස්කෘතිය හා සභ්‍යත්වය, දහමින් දැනුමෙන් හා විනයෙන් පෝෂණය කළ සම්බුද්ධ ශාසනය, අතීතයේ ආරක්‍ෂා කර ගත් පරිදිම ආරක්‍ෂා කර ගැනීම අප හැම දෙනාගේම ජාතික වගකීමක් ලෙසයි මා සලකන්නේ.

එහිදී බෞද්ධ ධර්මය විකෘති නොකර ආරක්‍ෂා කර ගැනීම, සංඝ ශාසනය ආරක්‍ෂා කර ගැනීම, බෞද්ධ සිද්ධස්ථාන දියුණු කිරීම හා ආරක්‍ෂා කිරීම, සාරධර්ම පිරි සමාජයක් ඇති කිරීම උදෙසා වූ විවිධ ව්‍යාපෘති හා වැඩසටහන් රැුසක් කි‍්‍රයාත්මක කිරීමට අප අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.
අනෙකුත් සියලූ ආගම් සම්බන්ධ කටයුතු කිරීමත් අප අමාත්‍යාංශ විෂය පථයට අයත් වෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි සියලූම ආගම්වලට ආරක්‍ෂාව දීම අපගේ වගකීම වෙනවා. ඒ අනුව අප විසින් සියලූම අන්‍ය ආගමික සිද්ධස්ථාන සංවර්ධනයට ද එම ආගමික පූජකතුමන්ලාගේ අධ්‍යාපනය හා සුභ සාධනය වෙනුවෙන්ද කටයුතු කරලා තිබෙනවා. ආගමික හරයන් සමාජගත කිරීම සඳහා දහම් පාසල් පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන්ද වාර්ෂිකව විශාල මුදලක් බෞද්ධ, හින්දු, කි‍්‍රස්තියානි සහ මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තු හරහා වැය කරනවා. ආගම් අතර සහජීවනය වැඩි දියුණු කරමින් අන්‍යොන්‍ය සහයෝගයෙන් යුතුව ජීවත්වන ජන සමාජයක් බිහි කිරීම වෙනුවෙනුයි අපි මේ සියල්ල කරන්නේ.සංස්කෘතිය, සාහිත්‍යය හා කලාව උසස් මට්ටමකට පත් කිරීමට අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජාතික චිත‍්‍රපට සංස්ථාව, ප‍්‍රසිද්ධ රැුඟුම් පාලක මණ්ඩලය හරහා උසස් කලා නිර්මාණයන් බිහි කිරීමට අවශ්‍ය පරිසරය ඇති කිරීමට අවධානය යොමුකරලා තිබෙනවා.
ඒ වගේම කලා ක්‍ෂේත‍්‍රයේ නියැළී සිටින ශිල්පීන්ගේ සුභ සාධනය ඇති කිරීමේ වැඩසටන් 2022 වර්ෂය තුළ ද අඛණ්ඩව සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

ඉතිහාසය පුරා විiාව හා ජාතික උරුමයන් යනු රටක අනන්‍යතාවයයි. ඒ අනුව පුරාවිiා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව ප‍්‍රතිව්‍යුහගත කරමින් ජාතික අනන්‍යතාව මතු පරපුරට උරුම කර මේ අපගේ වගකීම ඉටුකරමින් සිටින බව ප‍්‍රකාශ කරන්න ඕනේ.

විනයගරුක පුද්ගලයෙකු බිහිකිරීමට බාධාවක් ලෙස මත්ද්‍රව්‍ය භාවිතය හා විවිධ දුරාචාරවලට යොමුවීම සඳහන් කරන්න පුළුවන්. එවැනි පුද්ගලයන් හඳුනාගනිමින් ආගමික පසුබිමක් යටතේ ඔවුන් පුනරුත්ථාපනය කොට සමාජගත කිරීමේ වැඩසටහනක් අප අමාත්‍යාංශය විසින් දියත් කර තිබෙනවා. එය 2022 වර්ෂයේද අඛණ්ඩව කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
මුළු ලොවටම බලපෑ කොවිඞ් තත්ත්වය නිසා සැලසුම් කළ කටයුතු නියමිත ඉලක්ක කරා යෑමේදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවුණා.
එහෙත් 2022 වසරේදී අප අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින ආයතන වගේම ජාතික උරුම, ප‍්‍රාසාංගික කලා රාජ්‍ය අමාත්‍යාංශයේ ද උපරිම දායකත්වයෙන් ආවේණික හා අපේක්‍ෂිත ඉලක්කවලට ළඟා වීමට උපායමාර්ග ක‍්‍රමවේද අනුගමනය කිරීමට අප සැලසුම් කරලා තිබෙනවා.

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා-

2022 වසර සඳහා අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට සිදුව ඇත්තේ ඉතාමත් සංකීර්ණ හා අභියෝගාත්මක කාලයකදී බව අපි දන්නවා. එම තත්ත්වය යටතේ වුවද ජනතාවට උපරිම සහනයක් ලබාදෙමින් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා දරා ඇති උත්සාහය ප‍්‍රශංසනීයයි. එය මීට පෙර ඉදිරිපත්වූ අයවැය සේ සම්ප‍්‍රදායික එකක් නොවෙයි. අපේ ජාතික සංවර්ධනයේ දිශානිතිය නිසි පරිදි සටහන් කිරීමට කටයුතු කිරීම ගැන සතුටුයි. කොවිඞ් ව්‍යසනය පැවතියද අපේ අමාත්‍යාංශය යටතේ නවක නිලධාරීන් බඳවා
ගැනීමටත් එමඟින් රාජ්‍ය සේවය බලගැන්වීමටත් අපට හැකි වුණා. රාජ්‍ය සේවය 65 දක්වා දීර්ඝ කිරීම අනිවාර්ය කර නැහැ. 55 සිට ඕනෑම අයකුට ඕනෑම දිනක විශ‍්‍රාම යා හැකියි. මේ ගැන අවසන් තීරණයක් ගෙන නෑ.

ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර විජිත හේරත් මහතා (ජාජබ*-

වයස අවුරුදු 65 දක්වා විශ‍්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ රාජ්‍ය සේවයේ සිටින බොහෝ දෙනෙකුට ප‍්‍රශ්නයක් තිබෙනවා. කවදා සිටද එය කි‍්‍රයාත්මක වෙන්නේ කියලා දැනගන්න ඕන. මුදල් ඇමැති පසුගිය දිනෙක රාජ්‍ය සේවය ගැන කිව්වා බරක් කියලා. ඔහු මීට පෙර වට්ටක්කා ගැනත් ඔහොම කතාවක් කිව්වා. රාජ්‍ය සේවයේ උසස්වීම්, විශ‍්‍රාම යෑමේදී ලබාදෙන දීමනා නිසි පරිදි ලබාදීමට කිසිම ආණ්ඩුවකට හැකිවී නැහැ. එදා අපි ශී‍්‍රලනිපය සමග සන්ධානය අත්සන් කිරීමේදී අපි ගෙනාපු ප‍්‍රධාන යෝජනාවක් තමයි එදා සිටි උපාධිධාරීන් තිස්පන්දහසකට පමණ රජයේ රැුකියා ලබදෙන්න කියලා. නමුත් මුදල් නෑ කිව්වා. නමුත් අපි සන්ධානය අත්සන් කරන්නෑ කිව්වහම රැුකියා ලබාදුන්නා. දැනට සිටින උපාධිධාරීන් ස්ථිර කරනවා කිව්වා ඒක හොඳයි. ඒ අයට නිසි පුහුණුවක් ලබාදීමත් වැදගත්. ඒ වගේම විශ‍්‍රාමිකයන්ටත් ප‍්‍රශ්න තිබෙනවා. ඔවුන්ගේ වැටුප් විෂමතා තිබෙනවා. මේ රජය කිව්වේ වෙනම කොමිසමක් පිහිටුවනවා කියලා. නමුත් තවම එහෙම දෙයක් වෙලා නෑ. රාජ්‍ය සේවයේ හැකියාව මත උසස්වීමට හැකි ක‍්‍රමවේදයක් තිබුණා. නමුත් ඒ ක‍්‍රමවේදය දැන් අහෝසි කරලා ඒ තරග විභාගය පවත්වන්නේ නෑ. රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාවය වැඩි කරන්න නම් එවැනි තරග විභාග අවශ්‍යයි.
(රෝහිණී කුමාරී විජේරත්න මහත්මිය මූලාසනයට පැමිණේ*

ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා-

රාජ්‍ය සේවයම බරක් කිව්වා කියලා කියනවා. දරුවෝ දරු ගැබට බරක් තමයි. එහෙම කියලා දරුවෝ වීසි කරන්නේ නෑ නේ. පසුගිය ආණ්ඩුව කාලයේ තමයි ඔවුනට අසාධාරණයක් වුණේ. අපි අසාධාරණ කම්, විෂමතා කරන්න යන්නේ නෑ. අපි දුන් පොරොන්දු ගැන උස්ස උස්සා කතා කරලා වැඩක් නෑ. මොකද සංවර්ධනය ගැන හිතන්න. සංදර්ශනය කොරෝනා. අපි ලොකු විෂමතාවයක් ඉවත් කළා. ගුරුවරුන්ට රුපියල් මිලියන 30,000 ක් වෙන් කළා.

පත්කළ මන්තී‍්‍ර ඉරාන් වික‍්‍රමරත්න මහතා (සජබ*-

බලය ගත්තාම එකක් කියනවා. විපක්‍ෂය කාලයේ තව දෙයක් මේ අය කියනවා. නොමිලේ පොහොර දෙන්න තමයි මේ ආණ්ඩුව ආවේ. පහසුවටත්, වාසියටත් දැන දැන වැරදි කරනවා. එහෙම කළත් නිදහසටත් කියන්න කරුණු තිබෙනවා කියන්නේ ඒකයි. කාර්ය සාධක බළකා පිහිටුවලා වැඩක් නෑ. කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් ඇති කළ යුතුයි. දැන් රාජ්‍ය සේවය බරක් කියනවා. නමුත් ඡුන්දය ගන්න ගමට ගිහින් කියනවා අපි තමයි රාජ්‍ය සේවයේ වැඩිම රැුකියා ලබාදුන්නේ කියලා.

ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර කපිල අතුකෝරල මහතා (ශී‍්‍රලපොපෙ*-

කින්නියා පළාත් සභාවේ සභාපතිවරයා වත්මන් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සමග දේශපාලන කළ අයෙක්. ඒ පින්තූර මා ළඟ තිබෙනවා. ඒ නිසා මේ පාලම ගැන ජනාධිපතිතුමාට හෝ ආණ්ඩුවට චෝදනා කිරීම වැරදියි. මේ ගැන සාධාරණ පරීක්‍ෂණයක් කරන්න කියා මා ඉල්ලනවා.
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජේ.සී. අලවතුවල මහතා (සජබ*-
රාජ්‍ය සේවකයන් දාහතර ලක්‍ෂයක් සිටිනවා. ඊට අවශ්‍ය වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කළේ මහින්ද රාජපක්‍ෂ මහතායි. මුදල් ඇමැතිතුමා ඒක දැන්ද දන්නේ කියලා අපි අහනවා. ඒ වගේම අපි කියන්න ඕනෑ මේ රජය රාජ්‍ය සේවකයන්ට සලකන්නේ කොහොමද කියලා පැහැදිලියි. කෘෂිකර්ම අමාත්‍යාංශයේම නිලධාරීන් කී දෙනෙක් ගෙදර යැව්වාද? අද බලන්න රටේ කෘෂිකර්මාන්තයට වෙලා තිබෙන දේ. නිවැරදි දේ පෙන්වා දෙන නිලධාරීන් ඉවත්කිරීම තුළ අද රටේ සෑම ක්‍ෂේත‍්‍රයක්ම සෝදා පාළුවකට ලක්වෙලා.
අනුරාධපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී කේ. පී. එන්. කුමාරසිරි (ශ‍්‍රීලපොපෙ* –
අද විපක්‍ෂය එදා ආණ්ඩු කරද්දී උපාධිධාරීන්ට සැලකුවේ කොහොමද කියලා හිතන්න. අපේ ආණ්ඩුව 53000 කට ස්ථිර රැුකියා ලබා දී තිබෙනවා. ජවිපෙ ඉතිහාසයේ රජයේ සේවකයන් ඇතුළු තරුණ තරුණියන් දහස් ගණනින් මරා දැම්මා. ඔවුන්ට රජයේ සේවකයා ගැන කතා කරන්න අයිතියක් නෑ.
අපේ ආණ්ඩුව ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කළා. රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න යෝජනා කර තියෙනවා. කොවිඞ් නිසා රට වසා තැබූ අවස්ථාවලදී බස් රථ, ත‍්‍රිරෝද රථ, වෑන් රථ කුඩා වෙළෙඳසල් හිමියන්ට පාඩු සිදුවුණා. ඔවුන්ටත් සහන යෝජනා වී තිබෙනවා.

ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම (සජබ* –

ගුරුවරුන්ට කාලකණ්ණි කිව්වත් පොහොට්ටුවට ඡුන්දෙ දෙන්න මුල් වී කටයුතු කළා. උගතුන් රට පාලනය කරාවි කියා තරුණයන් සිතුවා. රාජ්‍ය සේවය මිලිටරිකරණය කළා. ඒ නිසා පරිපාලන සේවය කඩාවැටුණා. ඔවුන් කලකිරුණා. හමුදාවේ අය දාල ලැබුණු සුගතියක් නැහැ. හමුදාවට නිසි තැන නිසි දේ ලබා දිය යුතුයි. හැමදේම කරන්න බැහැ.
20 වන සංශෝධනය ගෙනැල්ලා ජනාධිපතිගේ අතකොළුවක් බවට රාජ්‍ය සේවය පත්කළා. ප‍්‍රාදේශීය රජයේ නිලධාරීන්ට වැඩ කරන්න බැහැ. පොලිසියේ පහළ නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරන්න බැහැ.

පත්කළ මන්ත‍්‍රී යදාමිණි ගුණවර්ධන (ශ‍්‍රීලපොපෙ* –

පළාත් පාලන ආයතන දියුණු කිරීමට අවශ්‍ය බලතල ප‍්‍රමාණයක් ලබා දෙන්න. එය ඉතා හොඳ වැඩක්. අම්පාර නගර සභාවක් නැහැ. පරිපාලන දිස්ත‍්‍රික්ක 25 න් මහ නගර සභා නැති දිස්ත‍්‍රික්ක 9 ක් තියෙනවා. කළුතර, පුත්තලම, මන්නාරම, මුලතිව්, ත‍්‍රිකුණාමලය, අම්පාර, කිළිනොච්චිය දිස්ත‍්‍රික්කවලත් නැහැ. අගනගරවලට නගර සභාවක් දෙන්න.
සමහර පළාත් පාලන ආයතනවලට මුදල් වෙන් කර තියෙන නිසා දියුණු කරන්න බලතල ලබා දෙන්න.

කෑගල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී උදයකාන්ත ගුණතිලක (ශ‍්‍රීලපොපෙ* –

ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රගතිශීලී ආණ්ඩු පැමිණි සෑම අවස්ථාවකම ඒවා විනාශ කරන්න ක‍්‍රියා කළා. එදත් එහෙමයි අදත් එහෙමයි.
මෙවර අයවැය තුළින් යෝජනා කර තිබෙනවා ආර්ථිකය ශක්තිමත් කිරීමට. එදා ආණ්ඩුව බලෙන් සමෘද්ධි කපලා ඒ ආණ්ඩුවට හිතවත් අයට සමෘද්ධි දුන්නේ. ඒ වගේම කොන්ත‍්‍රාත් ලබා දුන්නා.

දිස්ති‍්‍රක් මන්ත‍්‍රී නාලක කෝට්ටේගොඩ (ශ‍්‍රීලපොපෙ* –

ලංකාව වසර දහස් ගණනක උරුමයක් තිබෙන රටක්. අපේ ජන වහර, ජන උරුමය පෙර ලෙසම කළ යුතුයි. ඒ සඳහා කටයුතු කරන්න. හැම ගමකම නම හැදුන ඉතිහාස කතාවක් තිබෙනවා ජනවහරේ. ඒවා ලේඛනගත කර ආරක්‍ෂා කළ යුතුයි.

කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී නලින් බණ්ඩාර (සජබ* –

අද ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් කොවිඞ් ව්‍යාප්තිය මැඬලීමට විශාල සේවයක් කරනවා. ඔවුන්ගෙනුත් ඞීසල් ලීටර් 05 ක් කපලා. විධායක දීමනාවක්වත් ලැබෙන්නේ නැහැ. දුරකථන දීමනාව 5000 ක් දුන්නා. එයිනුත් කොටසක් කපාහැරලා.

අද රාජ්‍ය සේවය විශාල ලෙස කලකිරිලා. රාජ්‍ය සේවය රටට බරක් කියලා ආණ්ඩුව කියනවා. එය බරක් නොවී සේවයක් ලබා ගැනීමට ඔවුන්ව තෘප්තිමත් කළ යුතුයි. ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම වයස 65 කිරීම ඉදිරියේදී දරුණු ප‍්‍රශ්න ඇතිවීමට හේතුවක්. තරුණ අසහනය ඇතිවීමට ඉඩ තිබෙනවා.
මේ ආණ්ඩුව පත්කිරීමට තරුණයන් කැපවුණා. ඔවුන්ට මේ තීරණය දැඩි ප‍්‍රශ්නයක් විය හැකියි.

මාතලේ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් (ශී‍්‍රලපොපෙ* – විශ‍්‍රාමික සංගම් 350 කට වැඩිය තිබෙනවා. ඔවුන් ඉල්ලූවා අග‍්‍රහාර රක්‍ෂණය ඔවුන්ට දෙන්න කියලා. උද්ඝෝෂණ කළා. මොවුන්ගෙන් සුළු
මුදලක් වාරිකය ලෙස ගන්න හිටියේ. විශ‍්‍රාමිකයන්ට ප‍්‍රතිලාභ රැුසක් හිමිවීමට තිබුණා. මේ අවුරුදු 05 ඇතුළත 2016 න් පසු විශ‍්‍රාමිකයන් ප‍්‍රතිලාභ ලැබුවා. කලින් අයට නැහැ. මේ රටේ කිසිම හේතුවක් නැතිව විලාසිතාවක් වගේ විරෝධය පළ කරනවා. රක්‍ෂණ ප‍්‍රතිලාභ ඉතිරි විශ‍්‍රාමිකයන්ටත් දිය යුතුයි.
විශ‍්‍රාමිකයන්ට කළ අසාධාරණයට විපක්‍ෂ නායකවරයා වන්දි ගෙවිය යුතුයි. උපාධිධාරීන් සියල්ල ජනවාරි 01 සිට ස්ථිර කරනවා. අපි 53000 කට රැුකියා හිමි කර දෙනවා. පත්වීම් සියල්ල තැපෑලේ තමයි ලබා දුන්නේ.

අනුරාධපුර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර උද්දික පේ‍්‍රමරත්න (ශී‍්‍රලපොපෙ* – අද ජනවාර්ගික අර්බුදවලින් මිදිලා රට සමගිව යන්න මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරුන් හා ආරක්‍ෂක අංශ එකතු වී කටයුතු කළා.

සිනමා කර්මාන්තය කර්මාන්තයක් ලෙස පිළිගැනීමට කැබිනට් මණ්ඩලයට පති‍්‍රකාවක් ඉදිරිපත් වී තිබෙනවා. ඊට දායක වූ කර්මාන්ත ඇමැතිට ස්තුතියි. සිනමාව කඩාවැටී තිබුණේ විදේශ විනිමය ගෙන ඒමට හැකි දෙයක් තමයි සිනමාව. එය ගොඩනැංවීම අවශ්‍යයි.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍රනි මංජුලා දිසානායක (ශී‍්‍රලපොපෙ* – උතුරේ පුංචි දරුවාගේ අධ්‍යාපනය නැතිකර ආයුධය අතට දීමට සහාය වූ බව ඇතැම් දෙමළ පක්‍ෂවලට අමතක වෙලා. ඒ යුගය නිමා කළේ ජනාධිපති

මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ ආරක්‍ෂක අංශයි. යළි එවැනි යුගයක් ඇතිවීමට ඉඩ තබන්න එපා.
අපි රට පුරා විහාරස්ථාන දියුණු කරන්න වැඩ කරනවා. අපි ආරණ්‍ය හා මෙහෙණින් වහන්සේලාගේ අඩුපාඩු ගැන සොයා බැලීම අත්‍යවශ්‍යයි.
මාතලේ දිස්ති‍්‍රක් මන්තී‍්‍රනි රෝහිනී විජේරත්න (සජබ* – මේ ආණ්ඩුව බලයට ගේන්න භික්‍ෂූන් වහන්සේලා විශාල කාර්යභාරයක් ඉටුකළා. කොවිඞ් වසංගතය නිසා ආගමික පරිසරයට හානි වුණා. ස්වාමින් වහන්සේලා අපවත් වුණා. කොවිඞ් නිසා අපවත් වූ හිමිවරුන්ට රක්‍ෂණ ආවරණ ලබාදුන්නාද පිරිවෙන් ගුරුවරුන්ට ආපදා ණය ගන්න
ගියත් ගැටලූ ඇතිවෙලා. පිරිවෙන් ගුරුවරු බඳවා ගැනීමේ නිසි ක‍්‍රමවේදයක් අවශ්‍යයි.
හමුදා නිලධාරීන් රාජ්‍ය සේවයට ගෙනාවාම ඒ අංශ විනාශයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගමේ නිලධාරීන් ගමට යන්න බැරිව අසරණ වෙලා. පරිපාලන සේවා සංගමය හොරගල් අහුලනවා. යහපාලන ආණ්ඩුව රජයේ සේවකයන්ට රුපියල් 10000 ට වඩා වැටුප් වැඩිකළා. අද රජයේ සේවකයා අසතුටින් වැඩ කරන්නේ. නිදහස් මතයක් පළ කරන්න තිබූ අයිතියත් නැති කරලා.
මේ අයවැයෙන් පළාත් සභා මුදල් ඉවත් කරලා. අධ්‍යාපන, මාර්ග, සෞඛ්‍ය අංශ වැඩිපුරම තියෙන්නේ පළාත් සභා යටතේ ඒ අංශවලට මුදල් ලබා දෙන්න.

බදුල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර චමින්ද විජේසිරි (සජබ* – පළාත් පාලන ආයතනවලට ස්වාධීනව වැඩ කරන්න අමාරුයි ඉහළ දේශපාලනය නිසා. අපිත් ඔය තත්ත්වයේ සිට ආපු අය. මම හිටපු බණ්ඩාරවෙල මහ නගර සභාව හොඳ

ආයතනයක් ලෙස සම්මාන දිනා ගත්තා.
පළාත් පාලන ආයතන ටික හදලා ප‍්‍රදේශ දියුණු කරන්න අවශ්‍ය පරිසරය ඇති කරන්න. මේ අයවැයෙන් විහාරස්ථාන, දහම් පාසල්වලට පමණක් වෙන්කර ඇති වැඩපිළිවෙළවල් මුකුත් නැහැ.

කෑගල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී සුදත් මංජුල (ශ‍්‍රීලපොපෙ*

කොවිඞ් වසංගතය මැද අද සාර්ථක අයවැයක් ඉදිරිපත්වී තියෙනවා. පළාත් පාලන ආයතන දියුණු කරන්න විශාල ලෙස මුදල් වෙන්කර තියෙනවා. ඒ වගේම මහජන සුබසාධනයට මුදල් වෙන්කර තිබෙනවා. 2015 පත්වූ රජය මන්ත‍්‍රීවරුන්ට මුදල් වෙන් කළේ නැහැ. ගම්පෙරළිය පෙම්පෙරළියක් වුණා. ඒ ආණ්ඩුවට කඬේ ගිය අයට කොන්ත‍්‍රාත් දුන්නා.
රත්නපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී හේෂා විතාන (සජබ* – මධ්‍යම සංස්කෘතික අරමුදල සජිත් පේ‍්‍රමදාස හොරකම් කළ බව එදා විපක්ෂය කිව්වා. එදා දහම් පාසල් දරුවන්ට සෙවණක් ලබාදීමට පියවර ගත්තා. අරමුදලේ තැන්පතු සියල්ල තිබුණා. පිරිවෙන් අධ්‍යාපනයේ දියුණුවට පියර ගන්න. ශාසනාරක්ෂක බලමණ්ඩලවලට අද දේශපාලනය
ගිහින්. කොවිඞ් නිසා කලා ක්‍ෂේත‍්‍රයට හානි වුණා. ඔවුන්ට දුන්නු සහනත් නැහැ. ඔවුන්ට සහනයක් දෙන්න.
රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ – රාජ්‍ය සේවකයින්ට විශාලම පීඩනයක් එල්ල වුණේ යහපාලන රජය කාලයේ. රුපියල් 10000 ක වැටුප් වැඩිවීමකට රැුකියාවන් දහස්
ගාණක් එළියට දැම්මෙත් එජාප ආණ්ඩු සමයෙයි. පොළොන්නරුවේ මන්තී‍්‍රවරු 4 දෙනෙක් පරාද කළා එෆ්. සී. අයි. ඞී. හදලා. රජයේ සේවකයන් මර්දනයට, තර්ජනයට පත්කළා.
අපි 2015 සිට පිටවූ, රැුකියා නොලැබුණු සියලූ උපාධිධාරීන්ට රැුකියා ලබා දුන්නා. හොඳ පුහුණුවක් ලබා දෙන්න හිටියත් කොවිඞ් නිසා බැරි වුණා. ඒත් ස්ථිර කර රුපියල් 41000 ක වැටුපක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
පළාත් පාලන මන්ත‍්‍රීවරයකුට ලක්ෂ 40 ක් ලැබෙනවා. එය එජාප, ජවිපෙ, මුස්ලිම් කොංග‍්‍රස් ඇතුළු හැම පක්ෂයකම මන්ත‍්‍රීවරයකුටම ලැබෙනවා. පක්ෂය අදාළ නෑ.

අනුරාධපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී රෝහණ බණ්ඩාර (සජබ*

තනි සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියලා පටන් ගත්ත ආණ්ඩුව අද කොතැනද ඉන්නේ. මුස්ලිම් කොංග‍්‍රසය, රිෂාඞ් මන්ත‍්‍රීගේ ගෝලයෝ ටික ඔක්කොම අරගෙන අද අටමස්ථානය නමමස්ථානය බවට පත්වෙලා.
කොවිඞ් නිසා හිමිවරුන් සියයකට වඩා අපවත්වෙලා. අපේ ආණ්ඩුව ඇති කළ බුදුපුත් සුරක්ෂා රක්ෂණය තිබුණා නම් සහනයක් ලැබෙනවා. විහාරස්ථානවලට දානයවත් හරියට ලැබෙන්නේ නැහැ. වහාම මේ ගැන සොයා බලන්න.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මුජිබර් රහුමාන් (සජබ* – කොළඹ මහ නගර සභා ප‍්‍රදේශයේ මිලියනයක් පමණ ජීවත්වෙනවා. මේ ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු සමග ජනතාව ආරක්ෂා කිරීම නගර සභාව යටතේ තිබෙන ගිනි නිවන අංශයට පැවරෙනවා. එහි තිබෙන උපකරණ වසර 12 කටත් වඩා පැරණි ඒවා. පාසල් 146 ක් තියෙනවා. රෝහල් 20 ක්, රජයේ රෝහල් රැුසක් තියෙනවා. අපේ ආණ්ඩුව කාලේ කොළඹට ගිනි නිවන රථ ගෙනාවා. නමුත් දැන් මේ රථ ටික කොළඹට නොදී බෙදන්න හදනවා. මේ සියලූ අලූත් වාහන කොළඹටම දෙන්න.
රාජ්‍ය ඇමැති විදුර වික‍්‍රමනායක – සඳහිරු සෑය භූමිය අවශ්‍ය කැණීම් කරලා ඉදිකිරීම්වලට භාර දුන්නේ. යම් යම් අය විවිධ අසත්‍ය මත පතුරුවනවා.
බුදුපුත් සුරක්ෂා රක්ෂණ ක‍්‍රමයට අවශ්‍ය අරමුදල් වෙන්කර ක‍්‍රියාත්මක කරනවා. 2019 ජනපතිවරණය තෙක් මෙම රක්ෂණ ක‍්‍රමයෙන් කිසිම ප‍්‍රතිලාභයක් ලබාදී නැහැ. මේ ආණ්ඩුව යටතේ තමයි ලබා දුන්නේ. කරුණු විකෘති කිරීම ඒ තරම් හොඳ නැහැ. එකම බොරුව නැවත නැවත කියනවා. කවුරු කළත් හොඳ දේ අප ඉදිරියට ගෙන යනවා.
කොවිඞ් වසංගත කාලයේදී භික්ෂූන් වහන්සේලාට මුදලින් හා ද්‍රව්‍යමය ලෙස ආධාර කළා.
උතුරු නැගෙනහිර විහාරස්ථාන හදන බවට චෝදනා කළා. එවැනි දෙයක් නැහැ. අපි කරන්නේ පුරාවිiාත්මක ස්ථාන ආරක්ෂා කිරීමයි. දමිළ පදිංචිකරුවන් ඉවත් කිරිමක් හෝ එලවා දැමීමක් නැහැ.
කොළඹට සීමා වූ ටවර් රඟහල වැනි සංස්කෘතික ආයතන උතරේත් හදනවා. අපි අතර සංස්කෘතික බැඳීම් දියුණු කළ යුතුයි.
රාජ්‍ය පරිපාලන, පලාත්සභා අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය ඇතුළු දිනයට අදාළ වැය ශීර්ෂයන් ඡුන්ද විමසීමකින් තොරව සම්මත විය.

පාර්ලිමේන්තුව අද (25 දා* පෙරවරු 9.30 ට යළි රැුස්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment