පාර්ලිමේන්තුව – සංචාරක ව්‍යාපාර අඩාල වූ මොහොතේ රටට අහිමි වන විදේශ විනිමය නැවත ගන්න කළ අපනයන ප‍්‍රවර්ධන සාර්ථකයි…. වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන

138

* අධික පොලියට  ණය අරගෙන ආදායමක් නැති  ව්‍යාපෘති ඇරඹීම අර්බුදයට හේතුවයි – පාඨලී චම්පික රණවක

* නැවත ආර්ථිකය පිබිදීමක් වෙනකොට විපක්‍ෂය බයවෙලා – රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ

* ජනමතයත්  විමසලා කරන්න  පුළුවන් පිරිසකට  රට භාර දෙන්න – කබීර් හෂීම්

* උද්ධමනය පාලනය කරගන්න ආණ්ඩුව  අසමත් වෙලා – විජිත හේරත්

පාර්ලිමේන්තුව - සංචාරක ව්‍යාපාර අඩාල වූ මොහොතේ රටට අහිමි වන විදේශ විනිමය නැවත ගන්න කළ අපනයන ප‍්‍රවර්ධන සාර්ථකයි.... වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන

සංචාරක ව්‍යාපාරය අඩාල වීම නිසා රටට අහිමි වන විදේශ විනිමය ප‍්‍රමාණය නැවත ලබා ගැනීමට කි‍්‍රයාත්මක කළ අපනයන ප‍්‍රවර්ධනය අද සාර්ථක වෙමින් පවතින බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (21 දා) පෙරවරු 10.00 ට රැස්විණි.

අභිනව මන්තී‍්‍ර දිවුරුම් දීම, නිවේදන, ලිපි ලේඛණ, කාරක සභා වාර්තා, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්තී‍්‍රවරු විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

අනතුරුව 27(2) යටතේ විශේෂ ප‍්‍රශ්න විමසීමද ඒවාට පිළිතුරු සැපයීම ද සිදුවිය.

පසුව සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක්, වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග 05 ක්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග 06 ක්, විදේශ විනිමය පනත යටතේ නියෝග

03 ක්, විදේශ විනිමය පනත යටතේ නියාමයක් සහ ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනිණි.

විවාදය ආරම්භ කරමින් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා –

අපේ රටේ ඉතිහාසයේ විශාලම ගෙවුම් ශේෂ අර්බුදයක අපි ඉන්නේ. එය කොවිඞ් වසංගතය නිසාම නොව ඊට පෙර සිටම ඇති වූවක්. අපනයන ආදායම වැඩි වෙනවාට වඩා ආනයන වැඩි වුණා.

අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් නොව රත්තරන් පවා ආනයනය කර තිබෙනවා. 2014 දී අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12.1 යි. ආනයන වියදම ඩො.බි. 19 යි. වෙනස ඩොලර් බිලියන 8.3 යි. 2016 දී අපනයන වියදම ඩොලර් බිලියන 10.3 යි. ආනයන වියදම ඩොලර් බිලියන 19.2 යි. 2017 දී අපනයන වියදම ඩො.බි. 11.3, ආනයන වියදම ඩො.බි. 20.9 ට වැඩිවුණා. වෙළෙඳ හිඟය ක‍්‍රමයෙන් වැඩිවුණා. 2018 දී ඩොලර් බිලියන 10.4 යි. 2020 කොවිඞ් නිසා මෙලෙස විදේශ විනිමය ගෙනියන්න බැරිවුණා. උපයීම අඩුවීම නිසා විදේශ විනිමය අඩුවුණා. සංචාරක ආදායම රටට අහිමි වුණා. සංචාරක ව්‍යාපාරය කඩා වැටීම බරපතළ ලෙස දැනෙනවා. එය කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවා. ඩොලර් බිලියන 4 ක් අහිමිවී තිබෙනවා. මෙය පියවා ගැනීමට අපනයන ප‍්‍රවර්ධනය කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. පසුගිය කාලයේ වැරදි විදේශ විනිමය කළමනාකරණය හා ලෝක ව්‍යසනය මේ අර්බුදයකට ප‍්‍රධාන හේතුවක්.

කෑගල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර කබීර් හෂීම් මහතා (සජබ)-

පාර්ලිමේන්තුව - සංචාරක ව්‍යාපාර අඩාල වූ මොහොතේ රටට අහිමි වන විදේශ විනිමය නැවත ගන්න කළ අපනයන ප‍්‍රවර්ධන සාර්ථකයි.... වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන



මුදල් ඇමැතිවරයා මුදල් පනත ඉදිරිපත් කළ යුත්තේ. ඔහු නැතිව වෙන ඇමැතිවරයෙක් ඉදිරිපත් කරන්නේ. කොවිඞ් වෛරසය විදේශයෙන් ආපු එකක්. මේ රටේ ආර්ථික වෛරසය ඇති කළේ මේ ආණ්ඩුවයි. ආර්ථිකයේ ගර්භයටම මේ වෛරසය විදලා තියෙන්නේ. මේ තත්ත්වයට ආණ්ඩුව වගකිව යුතුයි. රුපියල් කෝටි 60000 ක් ආපු ගමන් බදු සහන දීලා ආදායම නැති කළා. ණය වීම් ඇති වුණා. ආනයන උද්ධමනය වැඩිවුණා. මුදල් අච්චු ගහන්න පටන් ගත්තා.

දවස් 52 ආණ්ඩුව කාලයේදී ආණ්ඩුවේ ආදායම කෝටි 70 ක් අහිමි වුණා. ඒත් අපි රට වැටෙන්න දුන්නේ නැහැ. අජිත් නිවාඞ් කබ්රාල් එදා ආර්ථිකය විනාශ එක් අයෙක්. ඔහුගේ කාලයේ ගී‍්‍රක් බැඳුම්කර ආදී කි‍්‍රයා නිසා කෝටි ගණනින් පාඩු කළා. කාවන්ට රෙදි අල්මාරිය දුන්නා වගේ කබ්රාල්ට මහ බැංකුව යළිත් දීලා. මහ බැංකුව දේශපාලනීකරණය කළ හැම රටකම ආර්ථිකය බංකොළොත් වෙලා තියෙනවා. සිම්බාබ්වේ හොඳම උදාහරණයක්. අද මේ යන විදියට රටේ ආර්ථිකය කොහේ නවතීද දන්නේ නැහැ.

බාර් ඇරියේ ආණ්ඩුවට සල්ලි නැති නිසා. එදාම කිරිපිටි හිඟය තිබුණා. එහි මිල වැඩි කළා. හාල් මිල වැඩි කළා. අඛණ්ඩ උද්ධමනයක් ඇති කරලා අහිංසකයන්ගේ මුදල් කොල්ල කෑමක් වෙලා. අවිදිමත් රැුකියා කරන අයගේ රැුකියා අනාරක්‍ෂිත වෙලා. ඔබලාට කරන්න බැරිනම් ජනමතයක් විමසලා කරන්න පුළුවන් පිරිසකට රට භාර දෙන්න.

වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන –

එදා 2015 දී රට සුර පුරයක් බවට පත් කරනවා කියලා ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. ආණ්ඩුව පත්වෙලා මාස 3 ක් යන විට මහ බැංකුව කොල්ල කෑවේ ටයිකෝට් දාගෙන. අගෝස්තු මාසේ මහ මැතිවරණ ඡුන්දයට කොල්ල කාපු මුදල් ආවා.

එදා සිංගප්පූරුවේ දක්‍ෂයාට මඩ ගහනවා කිව්වා. කබීර් හෂීම්ගේ මොළය එදා පාවිච්චි කරන්න තිබුණා. මංගලට, රවිට මුදල් අමාත්‍යාංශය නොදී. අපරදේ වටින මොළය. මහ බැංකුවේ මුදල් මැතිවරණයට බෙදාගෙන අද විපක්‍ෂය තොත්ත බබ්බු වගේ කතා කරනවා.

එදා රටේ කිසිම ජාත්‍යන්තර අර්බුද තිබුණේ නැහැ. 2015 දී ආර්ථික වර්ධන වේගය 2019 දී පහළටම දැම්මා. මේ වගේ මොළකාරයෝ ඉද්දී කොහොමද අඩුවුණේ.

හම්බන්තොට වරාය වික්කා. එය හදන්න ගිය ණය ගෙව්වේ වරාය. ඒත් විකුණලා ගත්ත එක ඩොලරයකින් ණය පියවූයේ නැහැ. කෝ ඒ මුදල්. මොනවද වුණේ.

අපි ගන්න සමහර තීන්දු තීරණ ජනපි‍්‍රය නැහැ. 2005 දී යුද්ධය නිමා කරන්න ඒ සඳහා වියදම් දරද්දී විවිධ විවේචන ආවා. ඒත් යුද්ධය ජය ගත්තා. ඒ වගේම අදත් මේ යුද්ධය අපි අනිවාර්යයෙන්ම ජය ගන්නවා.

මාතලේ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර නිමල් පියතිස්ස (එජනිස) –

අද මුළු මහත් රටත් ලෝකයත් පවතින්නේ අර්බුද අවස්ථාවක. එය ලෙහෙසි පහසු නැහැ. 2005 දී ජනපති මහින්ද බලයට එන විටත් රටේ තිබුණේ අභියෝගාත්මක තත්ත්වයක්. යුද්ධය අතහැරලා දාලා තිබුණේ. ඒ අභියෝගය සාර්ථකව ජය ගත්තා. අද අපේ රට ස්ථාවර කරන්න කොවිඞ් වසංගතයෙන් ජනතාව බේරා ගන්න ප‍්‍රශස්ථ කි‍්‍රයාවලියක් ජනපති ප‍්‍රමුඛ රජය කි‍්‍රයා කරනවා.

ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර විජිත හේරත් (ජාජබ) –

පාර්ලිමේන්තුව - සංචාරක ව්‍යාපාර අඩාල වූ මොහොතේ රටට අහිමි වන විදේශ විනිමය නැවත ගන්න කළ අපනයන ප‍්‍රවර්ධන සාර්ථකයි.... වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන



මහ බැංකුවේ මූලික වගකීම මූල්‍ය පද්ධතිය ස්ථායීකරණය කිරීම. නමුත් උද්ධමනය පාලනය කරන්න අසමත් වෙලා. මහ බැංකු අධිපති ආපු දවසෙත් මිලියන 13000 ක් මුදල් අච්චු ගැහුවා. ඉන් උද්ධමනය වැඩිවෙනවා. ජාතික සම්පත් විකිණීම, ආනයන සීමා කිරීමත් ඊට පිළියම් ලෙස කළා.

අපි කාබනික පොහොර භාවිතය අනිවාර්ය බව පිළිගන්නවා. ඒත් එකවර කරන්න බැහැ. ආණ්ඩුව කාබනික පොහොර ඇති තරම් දෙනාව කිව්වත් අදටත් රටේ කාබනික පොහොර නැහැ. මාධ්‍ය ප‍්‍රචාර විතරයි. කාබනික පොහොර ව්‍යාපෘති රැුසක් ආරම්භ කරනවා කිව්වත් ඒවා එකක්වත් සිදුවී නැහැ. ලබන මාසේ වන විට වගාවන්ට අවශ්‍ය පොහොර නැහැ. අන්තිමට හිරවෙනකොට පොහොර ගෙන්වන්න තීරණය කළා.

චීන සමාගමෙන් ගෙන්වන්න යන පොහොර චීනයේ මඩගොහොරුවක්. එහි පරීක්‍ෂණවලින් ඵලදාව කුණු කරවන බැක්ටීරියාවක් තිබෙන බව සොයා ගත්තා. ජීවානුහරණය කරන ලද පොහොර තිබ්බත් මේ පොහොර කිසිවක් ජීවානුහරණය කර නැහැ. මහ විනාශයක් කරන්න හැදුවේ. ආණ්ඩුව තවම ඉන් ඉවත්වී නැහැ. මේවා කැළි කසළ. ගොවියන්ට අසාධාරණයක් කරන්න හදන්නේ. මේ ගෙන්වන්නේ රසායනික පොහොර. හරියට ප‍්‍රතිපත්තිය කියන්න.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර උදයකාන්ත ගුණතිලක (ශී‍්‍රලපොජපෙ) –

පහුගිය ආණ්ඩුව ආර්ථිකය විනාශ කළා. මහ බැංකු ඔස්තරාලා වගේ අද ඔවුන් කතා කරනවා. අද ලෝකයේ පවතින ව්‍යසනකාරීත්වය හමුවෙත් අපි කොරෝනා එන්නත්කරණය සාර්ථක කර ගනිමින් ආර්ථිකය කළමනාකරණය කරමින් පවතිනවා.

1977 ට පෙර සමගි පෙරමුණු ආණ්ඩුව ඇති කළ දේශීය කර්මාන්ත සියල්ල

77 න් පසුව විනාශ කළා. අපි යළිත් දේශීය ආර්ථිකය ගොඩනඟන්න සියලූ පියවර ගන්නවා.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතා-(සජබ)

පාර්ලිමේන්තුව - සංචාරක ව්‍යාපාර අඩාල වූ මොහොතේ රටට අහිමි වන විදේශ විනිමය නැවත ගන්න කළ අපනයන ප‍්‍රවර්ධන සාර්ථකයි.... වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන



කොවිඞ් තමයි සියලූ ප‍්‍රශ්නවලට හේතුව බව ආණ්ඩුව කියන්නේ. කොවිඞ් නිසා මොන රටේද වාහන ආනයනය, පොහොර ආනයනය නතර කළේ. සංචාරක ආදායම අහිමි වීම ගැන කතා කළත් සංචාරක වියදමත් අපට තිබුණා. නිශ්චිතව අගය එකතු කිරීමක් ලෙස ආදායමක් තිබුණා සුළු වශයෙන්.

අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අපේ රටට නොලැබුණේ රටේ ණය ප‍්‍රශ්නය නිසයි. රටවල් 80 කට ණය සහනය ලැබුණා.

ලංකාවට ණය ගන්න බැරි වීමත් රටේ අර්බුදයක්. දේශීය වෙළෙඳපොළෙන්වත් ණය දෙන්නේ නැහැ. ඒ නිසා රට බංකොළොත් වෙන්නයි යන්නේ. ඉතිහාසයේ පළමුවරට අධික පොලියට ණය අරගෙන ආදායමක් නැති ව්‍යාපෘති ඇති කිරීම නිසා තවත් අර්බුද වැඩිවුණේ.

යහපාලන ආණ්ඩුව ගත් ණයවලින් වැඩිපුරම කළේ කලින් ගෙන තිබූ ණය ගෙවීමයි. ඒ 2004 සිට ගත් ණය පියවන්නයි. ඩොලර් හිඟය දැවැන්ත අර්බුදයකට පාර කපනවා. ඉදිරියේදී කළු කඩ හැදීම පමණයි වන්නේ. දේශීය කර්මාන්ත හැදෙනවා කියන ඒවා පට්ටපල් බොරු.

රාජ්‍ය ඇමැති ඞී. බී. හේරත් –

විපක්‍ෂය උපකල්පන මත රජය විවේචනය කරනවා. කොරහෙත් කිඹුල්ලූ දකිනවා. ලංකාවේ ජනතාවට එන්නත් ලබාදීම අද ලොව ඉහළින්ම පැසසුමට ලක්වෙනවා. විපක්‍ෂය එදා මොනතරම් බොරු කතා මැව්වද?

පහුගිය ආණ්ඩු සමයේ කිසිම ස්වාභාවික විපතක් තිබුණේ නැහැ. අර්බුද තිබුණේ නැහැ. ඒත් ආර්ථිකය විනාශ කර දැම්මා.

අද කාබනික පොහොර විපක්‍ෂයට ප‍්‍රශ්නයක් වෙලා. 94 දී අපේ රටේ පළමු වකුගඩු රෝගියා හම්බ වුණේ. පර්යේෂණවලින් තහවුරු කරගෙන තියෙනවා වකුගඩු

රෝගීන් ඇතිවෙන්න ප‍්‍රධාන හේතුව රසායනික පොහොර කියලා. ඒ තත්ත්වය අපි වහාම නිවැරදි කළ යුතුයි.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. එම්. මරික්කාර් (සජබ)-

අද අපේ රටේ ආර්ථිකය විශාල අර්බුදයකට ලක් කරලා තිබෙනවා. සංචාරක කර්මාන්තය අඩපණ වෙලා සහ විදේශ විනිමය නොලැබීම මත මේ ආණ්ඩුව කළු සල්ලි සුදු කිරීමට පනත් ගෙනල්ලා තිබෙනවා. මේ රටේ මානව හිමිකම් කඩවීම නිසා දැන් අපට ජීඑස්පී ප්ලස් අහිමිවීමේ අවධානමක් තිබෙනවා. එහෙම වුණොත් අපට කබලෙන් ළිපට වැටෙන්න වෙනවා. අපි දන්නවා මහින්ද මහත්තයට බැරි නිසා ජනාධිපතිතුමා බැසිල් රාජපක්‍ෂව මුදල් ඇමැති කළා. නමුත් වැඩක් වුණේ නෑ. දැන් කබ්රාල් මහත්තයා ඇමැතිකමෙන් අස්වෙලා ගිහින් මහ බැංකු අධිපති ධුරය භාර ගත්තා. එතුමා තමයි මේ රටේ ආර්ථිකයේ වෛරසය වෙලා තිබෙන්නේ.

පේ‍්‍රමනාත් සී. දොළවත්ත මහතා මූලාසනයට පැමිණේ.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ගුණපාල රත්නසේකර මහතා (පො.පෙ) –

අද මේ සංශෝධන අපි සම්මත කිරීමෙන් ජනතාවට දැනට තිබෙන මිල ගණන්වලට හෝ අත්‍යවශය භාණ්ඩ මිලට ගැනීමට හැකිවෙනවා. ඒ නිසා මෙම සංශෝධන සම්මත කිරීමට කටයුතු කළ යුතුයි. කළු කඩ නිර්මාණය වූවොත් ඉදිරියේදීත් විදෙස් විනිමය වෙළෙඳපොළට ගැටලූ ඇතිවේවි. ඒ නිසා ඒ ගැනත් පියවර ගන්න අවශ්‍යයි.

මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ගුණතිලක රාජපක්‍ෂ මහතා (ශී‍්‍රලපොපෙ)-

දේශීයව නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ රැුසක් ඉකුත් ආණ්ඩු සමයේදී ගෙන්වූවා. තම ගජමිතුරු ව්‍යාපාරිකයන් සතුටු කිරීමට බැඳුම්කරයෙන් උපයා ගත් මුදල් මහ මැතිවරණ ප‍්‍රචාරක කටුතුවලට සංවිධානාත්මකව දුන්නා. එය කවුරුත් දන්නවා. මේ අය තමයි ආර්ථිකය විනාශ කළේ.

එදා වගේ නොවෙයි කොවිඞ් වසංගතයෙන් මුළු ලෝකයම ගිල ගත්තා. එහෙව් කාලයක අපි ආර්ථිකය මෙලෙස හෝ පවත්වා ගැනීම ඉතා හොඳයි. එන්නත්වලට කොයිතරම් ඩොලර් ප‍්‍රමාණයක් වැය කරන්න වුණාද. අද එහි සාර්ථකත්වය තිබෙනවා.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ)-

ආණ්ඩුව පැමිණි වහාම වැට් අඩු කළා. ගජමිතුරන්ට බදු සහන දුන්නා. එයින් ආර්ථිකයට බරපතළ ප‍්‍රහාරයක් එල්ල වුණා. අද ආර්ථික ප‍්‍රශ්න ඔඩු දුවලා තිබෙන්නේ. කොටිකාලීන ණය ලැබෙනවා කිව්වා. ණය නොවන විදේශ අරමුදල් ලැබෙනවා කිව්වා. සෙලෙන්දිවා ආයතනය යටතේ ඇති රජයේ ඉඩම් විකුණා මුදල් ලැබෙනවා කිව්වා. කිසිම දෙයක් සිදුවී නැහැ. කිසිම ආයතනයක් ගන්න කවුරුවත් ඇවිත් නැහැ.

හාල් මිල, සීනි මිල වැඩිවෙලා. සාමාන්‍ය ජනතාවට කන්න නැහැ. මහජනතාව ආණ්ඩුව එක්ක පුදුම තරහකින් ඉන්නේ.

ලංකාවේ වසර කිහිපයකට පසුව පුද්ගලීකරණය ඇරඹිලා. සින්නක්කරයට යුගදනවි බලාගාරය විකිණුවා.

මේ රටේ ජනතාවගේ සම්පත් විකුණනවා. කිසිම විනිවිධභාවයක් නැහැ. ටෙන්ඩරයක් නැහැ.

රත්නපුර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ගාමිණී වලේබොඩ (ශී‍්‍රලපොපෙ) –

යහපාලන ආණ්ඩුව ලංකාවේ බදු පද්ධතියට කළ විනාශය රටම දන්නවා. අලූත් බදු පනතක් ගෙනවිත් බදු ක‍්‍රමයම විනාශ කළා. පුද්ගලික අංශය මේ තරම්වත් රැුකියා පවත්වාගෙන යෑම ගැන සතුටු විය යුතුයි.

අපට අවශ්‍ය ඩොලර් ලැබුණා. සංචාරක ව්‍යාපාරයෙන් හා විදේශ ශ‍්‍රමිකයන්ගෙන් අද ඒවා ලැබෙන්නේ නැහැ. ඒවා අමතක කර අඟහරු ලෝකයෙන් ආපු අය වගේ විපක්‍ෂය කතා කරනවා.

පත්කළ මන්තී‍්‍ර නීතිඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත (ශී‍්‍රලපොපෙ)-

අධිකරණයට බලපෑම් කරන බවට බොරු මත විපක්‍ෂය ඇති කරනවා. ඒවා ස්වාධීනව කි‍්‍රයාත්මක වෙනවා.

පොලිසිය යම් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ විට උසාවිය ඔවුන්ව ඇප මත මුදාහැර තිබෙනවා. කිසිම බලපෑමක් කරන්නේ නැහැ.

එදා මුහුදු මහා විහාරය, කූරගල විනාශ කළා. අපි පුරාවිiාත්මක දේ ආරක්‍ෂා කරනවා. අපි මුහුදු මහා විහාරය, කූරගල අද ආරක්‍ෂා කරනවා. විපක්‍ෂය අද තනිකර බොරු මත පතුරුවනවා.

පුත්තලම දිස්ති‍්‍රක් මන්තී‍්‍ර හෙක්ටර් අප්පුහාමි (සජබ)-

ආණ්ඩු පක්‍ෂයේ හිටියත් ජගත් කුමාර මන්තී‍්‍රවරයා ඇමැතිවරුන් සමග හැප්පෙනවා. පොලිස් ඇමැතිවරයා අද බලය පෙන්වන්නේ 19 සංශෝධනය අහෝසි කළ නිසයි.

අද රටේ මංකොල්ල රැුසක් සිදුවෙනවා. අලූතෙන් පොහොර මංකොල්ලයක් සිදුවෙන්න යනවා. එන්නත ගෙන්වීමේදීත් මංකොල්ල සිදුවෙනවා.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර තුෂාර ඉඳුනිල් (සජබ)-

බදු අඩුවන විට මිල වැඩිවන ආර්ථිකයක් අද තියෙන්නේ. සීනි, හාල්, දෙකම එහෙමයි. අද කළු කඩකාරයා ගිනි ගණන්වලට බඩු විකුණනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදුන් ණය මුදල අපේ රටට ලැබුණේ නැහැ. අද දොළොස් දහසක් මියගිහින් කවුද මේ ජීවිතවලට වගකියන්නේ.

රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ

කොරෝනා ව්‍යසනය නිසා වැඩිම ආර්ථික හානිය ආවේ 2020 වසරේ. නමුත් ජනාධිපතිගේ මැදිහත්වීම මත එන්නත් ලබාගෙන ලබාදීම නිසා දැන් ප‍්‍රතිඵල එනවා. ගිය වසරට සාපේක්‍ෂව මේ වසරේ ආර්ථික වර්ධනයක් ලැබී තිබෙනවා. අද විපක්‍ෂය බයවෙලා. නැවත ආර්ථිකය පිබිදීමක් එනවා. විපක්‍ෂය මොන මඩක් ගැහුවත් රට වෙනුවෙන් ගත යුතු කි‍්‍රයාමාර්ග ගන්නවා.

එදා යුද්ධය පැවැති සමයේ ණය බර සියයට 103 යි. එසේ තිබියදී 2015 වන විට සියයට 7 ක ආර්ථික වර්ධනයක් ලබා ගත්තා. එහෙත් එය 2019 දී යහපාලන ආණ්ඩුව සියයට 2 ට බැස්සුවා. අද ආණ්ඩුවේ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වීම ගැන සතුටු විය යුතුයි. අද අපි විදේශ ණය ප‍්‍රමාණය අඩුකරගෙන තියෙනවා.

විදේශ විනිමය එන ක‍්‍රමවේදය සංචරක ව්‍යාපාරය කඩා වැටුණේ පාස්කු ප‍්‍රහාරයත් සමගයි. ඉතා අසීරුවෙන් අද ආර්ථිකය ගොඩනඟමින් ඉන්නේ. ලබන නොවැම්බර් වන විට එන්නත්කරණය අවසන් කර රට කි‍්‍රයාත්මක කිරීමට සියලූ කටයුතු අප සැලසුම් කර අවසන්.

පාර්ලිමේන්තුව අද (22 දා) පෙරවරු 10.00 ට යළි රැස්වීමට නියමිතය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment