පාර්ලිමේන්තුවටත් කැකුළන් ලෑස්තියි

70

පළාත් පාලන මැතිවරණයට පමණක් නොව පාර්ලිමේන්තු මැතිවරණයට පවා මුහුණදීමට සුදානම් යැයි ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ “දිවයින ඉරිදා සංග්‍රහය”ට ප්‍රකාශ කළහ.

පාර්ලිමේන්තු මැතිවරණයටත් ඉදිරිපත් කළ හැකි කැකුළන් සිටින බවද ආදිවාසි නායකයා පැවසීය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී පෝස්ටර් පත්‍රිකා බැනර්වලින් බැහැරව ආදිවාසීන්ගේ නිවෙස්කරා ගොස් දැනුවත්කර ඡන්දයට ඉදිරිපත් වන කැකුළන් කටයුතුවල යෙදෙන බවද පෝස්ටර් බැනර් පත්‍රිකා යොදා ගෙන පරිසරයට හානි කිරීමට සුදුසු නැතැයිද ආදිවාසි නායකයා පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment