පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාව

105

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් හිස්වූ වසර දෙක හමාරක ජනාධිපති ධුර කාලය සඳහා නව ජනාධිපතිවරයෙක් යෙක් තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීම අද පෙරවරු 10 ට පාර්ලිමේන්තුවේ දී ආරම්භ වීමට නියමිතය .එබැවින් මේ වනවිට පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග තුනම පොලිසිය සහ හමුදාවේ ආරක්ෂාව යොදා ආරක්ෂාව තර කර ඇත. ඒ අනුව පොල්දූව ජයන්තිපුර මාර්ගය,පාළම් තුන හංදිය සහ මාදිවෙල මන්ත්‍රී නිවාස හන්දිය යන පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග තුනටම මේ වනවිට දැඩි ආරක්ෂාව යොදා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment