පාර්ලිමේන්තුවට දැනට වඩා  දැඩි ආරක්‍ෂාවක් ඕනෑ – කථානායක

121

පාර්ලිමේන්තුවට මීට වඩා දැඩි රැකවරණ අවශ්‍ය බව අද දකින්නට ලැබෙන සිදුවීම්වලින් පෙනී යන බව මහින්ද යාපා අබේවර්ධන මහතා දිවයිනට ඊයේ (1 දා) පැවසීය.

ඇතැමුන් රටේ නීතිය නිසි ලෙස පිළිපදින්නේ නැතැයි ද කථානායකවරයා සඳහන් කළේය.

මේ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුව රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී දැනට වඩා දැඩි ආරක්‍ෂාවක් යෙදවිය යුතු බව ද කථානායකවරයා කීවේය.

පාර්ලිමේන්තුවේ දිවා ආහාර ලබාදීම නතර කළහොත් මැති ඇමැතීන්ට නිවසින් බත්පත රැගෙන ඒමේදී ආරක්‍ෂාව සම්බන්ධව ගැටලු ඇති විය හැකි බවත් කලකට පෙර පාර්ලිමේන්තුවට බෝම්බයක් ගෙන ආවේද බත්පාර්සලයක් මාර්ගයෙන් බවත් ආරක්‍ෂක අංශ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment