පාර්ලිමේන්තුවේ ගිහි බණ – ඇමැති සුසිලු‍ත් වසල සූත්‍රය කියයි

126

පාසල් සිසුන් සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස සතිමත්භාවය පිළිබඳ වැඩසටහනක් ලබන වසරේ (2023) ජනවාරි 04 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (30) කීය.

ඒ මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා විසින් කරන ලද කතාවකට වසල සූත්‍රය සහ පරාභව සූත්‍රය ඇසුරින් කරන ලද පැහැදිලි කිරීමකට පසුවය.

“හැමදාම උදේ බණ අහලා වැඩ පටන්ගන්න එක හොඳයි. මොකද ඒකෙන් අපේ සිත් නිවෙනවා. මම ලබන වසරේ ජනවාරි 04 දා සිට පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස සතිමත්භාවය, මයින්ඩ්ෆුල්නස් කියන දෙය මිනිත්තු 10ක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මම දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙනවා. සියලුම ආගම් මේකට සම්බන්ධ වෙනවා” යැයි හෙතෙම කීය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment