පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය අද – ජනපති අතින් විවෘත වේ

85

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය අද (18 දා) ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් විවෘත කිරීමට නියමිතය. අද උදේ 10.00ට ජනාධිපතිවරයා විසින් රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කරනු ලැබේ.

මේ පිළිබඳ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති අතර ඒ අනුව ආචාර වෙඩි මුර සහ රථ පෙළපාළි නොපැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය අද - ජනපති අතින් විවෘත වේ

ඒ වෙනුවට ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපිටදී පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ දායකත්වයෙන් සංස්කෘතික අංග කිහිපයකින් සමන්විත ආචාර දැක්වීමක් සිදුකෙරේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පැමිණීමෙන් පසු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ පැමිණීම සිදුවන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සම්ප‍්‍රාප්තිය සිදුවන්නේ ඉන් අනතුරුවය.

එහිදී කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ ප‍්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපතිවරයා පිළිගැනීමට නියමිතය.

ඉන්පසුව වේත‍්‍රධාරී, නියෝජ්‍ය වේත‍්‍රධාරී සහ සහකාර වේත‍්‍රධාරි පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවාගෙන යනු ලබති.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන ද්වාරය අසල දී ශී‍්‍ර ජයවර්ධනපුර, ජනාධිපති බාලිකා විiාලයේ සිසුවියෝ ජයමංගල ගාථා ගායනා කර, ජනාධිපතිවරයාට ආශිර්වාද කරති. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව සභාව කල් තැබීම සිදුවේ. ඉන්පසු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයන් සහ ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග‍්‍රහයක්ද සංවිධානය කර ඇත.

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ති‍්‍රකයන්, හිටපු ජනාධිපතිවරුන්, අග‍්‍රාමාත්‍යවරුන්, අගවිනිසුරුවරයා, උපරිමාධිකරණ විනිසුරුවරු හා නීතිපති ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසකට ඇරයුම් කර ඇති බවද සියලූ සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් නවවන පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ කටයුතු සිදුකෙරෙන බවද පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment