පාර්ලිමේන්තුවේ නව සභාවාරය අද ඇරැඹෙයි

75

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය අද (08දා) පෙරවරු 10 ට ආරම්භ කෙරේ.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කොට එහි මුලසුන දරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත. ඊට පෙර ජනාධිපතිවරයා වෙනුවෙන් ඉතා සරල උත්සවයක් සහ පාර්ලිමේන්තු නිල චාරිත්‍ර සිදු කෙරේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය ජනවාරි 27දා මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුව වාරාවසාන කරනු ලැබීය. නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය 2020 අගෝස්තු 20 සිට 2021 දෙසැම්බර් 12 දක්වාත්, දෙවන සභාවාරය 2022 ජනවාරි 18 සිට 2022 ජූලි 28 දක්වාත් පවත්වා තිබේ.

ඒ අනුව නව වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරය 2022 අගෝස්තු 03 දින ආරම්භ වූ අතර ජනවාරි (27) වාර අවසාන කරන මොහොත වන විට පාර්ලිමේන්තුව දින 58ක් රැස්වී තිබේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment