පාර්ලිමේන්තුවේ නැති පක්ෂ මැතිවරණ කොමිසමට

113

..

මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සියල්ල සාකච්ඡා වටයක් සඳහා ජාතික මැතිවරණ කොමිසන් සභාවට ගෙන්වීමට එම කොමිසම තීරණය කර තිබෙනවා. ඒ අනුව එළැඹෙන අගෝස්තු 23 වැනිදා මෙම සාකච්ඡා වටය පැවැත්වීමට නියමිතය.
එහිදී මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා දේශපාලන පක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීමට කොමිසම තීරණය කර තිබේ. මේ වන විට මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ 50 ක් පමණ වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment