පාර්ලිමේන්තුව අප්‍රේල් 4 දා පමණයි

64

ලබන අප්‍රේල් 04 වැනිදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (24) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී තිබේ. පාර්ලිමේන්තුව අප්‍රේල් 4 වැනිදා පෙ.ව. 9.30 ට

රැස්වන අතර පෙ.ව. 9.30 – පෙ.ව. 10.30 කාලය වෙන් කර ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහායි.

අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා සෙස් බද්ද සංශෝධනය කිරීමට අදාළව 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2306/15 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගයක් සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2320/46 සහ 2320/47 යන ගැසට් පත්‍රවල පළ කර ඇති රෙගුලාසි ද්විත්වයක් විවාදයට ගෙන අනුමතිය ලබා ගැනීමට නියමිතව තිබේ.

අප්‍රේල් 18 සිට 22 දක්වා යෙදෙන අප්‍රේල් මාසයේ දෙවැනි පාර්ලිමේන්තු සතිය වෙනුවට 25 වැනිදා සිට 28 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව මහ ලේකම්වරයා පැවසීය.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment