පාර්ලිමේන්තුව ඇරඹේ

180

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු අද උදෑසන 9.30ට ආරම්භ විය.අද දිනයේ දී කාන්තා සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බවපාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ජුනි මස 06 වැනිදා ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ජුනි මස 07 වැනිදා පැවැත්වීමට නියමිතය.මෙම සතිය තුළ ඉතා වැදගත් පනත් කිහිපයක් සම්මත කර ගැනීමට නියමිත බැවින් ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඉල්ලීමක් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment