පාර්ලිමේන්තුව – තෙල් ටැංකි නැවත ගැනීමට සහය දෙන්නැයි විපක්ෂයටත් ආරාධනා කරනවා – බලශක්ති ඇමැති උදය ගම්මන්පිල

200

මැතිනිය ගෑස් පවරා ගත්තේ යළි සුද්දන්ට දෙන්න නොවෙයි – කුමාර වෙල්ගම (සජබ)

ගිවිසුමක් අත්සන් කර නැතැයි අයි ඕසී කියද්දී තෙල් ටැංකි ඉන්දියාවට දීලා ඉවරයි කීම පට්ටපල් බොරුවක් – විජිත හේරත්

පාර්ලිමේන්තුව - තෙල් ටැංකි නැවත ගැනීමට සහය දෙන්නැයි  විපක්ෂයටත් ආරාධනා කරනවා - බලශක්ති ඇමැති උදය ගම්මන්පිල

ඉන්දියාවට බදු දී තිබෙන ත‍්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සියල්ල නැවත මෙරටට අත්පත් කර ගැනීමට ආණ්ඩුව සිදු කරගෙන යන ජාතික කටයුත්තට විපක්ෂයේ සියලූම පක්ෂවලට ආරාධනා කරන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) කීය.

වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (06දා) පෙරවරු 10 ට රැුස්විණි.

නිවේදන, ලිපිලේඛන, වාර්ෂික වාර්තා, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්තී‍්‍රවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

පසුව 27/2 යටතේ පක්ෂ නායකයින් විසින් විශේෂිත ප‍්‍රශ්න විමසීම සිදුකළ අතර ඒවාට ආණ්ඩු පක්ෂය විසින් පිළිතුරු සපයන ලදී.

අනතුරුව ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත (සංශෝධන) පිළිතුරු දීමට නියමිත විවාදය කරමින් විවාදය ආරම්භ කරමින්,

බලශක්ති ඇමැති උදය ගම්මන්පිල

ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලික කරණය කරන පනතක් ගේනවා කියලා විපක්ෂය වෘත්තීය සිමිති කිව්වා. ඒත් මේ පනතේ එවැනි කිසිම වගන්තියක් නැහැ කරුණු අධ්‍යනය කරලා හරියට කියන්න.

මහින්ද රාජපක්ෂ සමයේ මන්නාරමේ එම් 2 ළිං කැබලි හතරක් පරීක්‍ෂා කළා. ඉන් දෙකක් සාර්ථකයි දශක හයක් පුරා තෙල් ගැන කතා කළත් තෙල් නොගන්න නිසා ජනතාව විශ්වාස කළේ නැහැ.

අපි සමාගම් සමඟ සාකච්ඡුා කළා…. ප‍්‍රතිපත්තියක් ඇති කළා. බිම් කැබලි 20 ක් නැවත 840 කට තැබුවා. එයින් කැණීම් කඩිනම් කිරීමට හැකි වෙනවා.

මේ පනතේ ඇමැතිවරයාට ඇති නියාමන බලය අධිකාරියට ලැබෙනවා. ලෝකයේ තෙල් සමාගම්වල ඉන්නවා ශ‍්‍රී ලාංකිකයෝ ඔවුන් අපට උපදෙස් දීමට අපි කමිටුවක් පත් කරනවා. අපි ප‍්‍රමාදයි. සමස්ත ලෝකයම ඛනිජ තෙල් අතහරිමින් පුනර්ජනනීය තත්ත්වයට යනවා. 2050 වනවිට කාබන් විමෝචනයෙන් ඉවත්වන බවට සම්මුතියට එළඹ සිටිනවා. ඒ නිසා අපට තව ඇත්තේ ටික කාලයයි.

අභියෝග තිබුණත් ලෝකයේ ඛනිජ තෙල් ප‍්‍රබලයන් ශ‍්‍රී ලංකාවේ කැණීම්වලට එකඟවී සිටිනවා. ඕමානය ඇතුළු රටවල් අපේ දත්ත විශ්ලේෂණය කරමින් ඉන්නවා. බේද පැත්තකට තියලා ජාතික වගකීමක් ලෙස සළකා මෙම වැඩපිළිවෙළ සාර්ථක කරගන්න එක්වන්න. විපක්ෂයත් විපක්ෂ නායකවරයාත් දෙමළ සන්ධානයෙන් ඉල්ලා සිටියා නිලධාරීන් සමඟ සාකච්ඡුා කර සාමූහික

ක‍්‍රියාමාර්ග ගනිමින් මෙය සාර්ථක කර ගන්න තවමත් අවස්ථාව ලැබුණෙ නැහැ. දැන්වත් අප සමඟ සාකච්ඡුා කර අපගේ අඩුපාඩු හා ඔබගේ යෝජනා අපට ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන්න.

තෙල් සංස්ථාව ඉදිරිපිට විපක්ෂයේ මන්ත‍්‍රීවරු උද්ඝෝෂණ කළා. 2003 දී චරිත රත්වත්ත හා දහම් විමලසේන අත්සන් කර ටැංකි ඉන්දියාවට භාර දුන්නා ඩොලර් ලක්ෂයක් අරගෙන. 2016 දී නිලධාරීන් පිරිසක් තෙල් ටැංකි තිබෙන ස්ථානයට ඇතුල්වෙන්න ගියත් ඊට අවසර දුන්නේ නැහැ.

ඉන්දියාවට තෙල් ටැංකි දීලා තියෙන්නේ 2003 සිට වසර 35 කට. එහෙනම් 2023 අවසන් වන්නේ කෙසේද? ඉන්දු ලංකා

ගිවිසුමෙන් 1987 දී තෙල් ටැංකි පැවරුවා.

කෑගල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී කබීර් හෂීම් (සජබ)

ඛනිජ තල් අධිකාරියක් ඇති කරන්න යෝජනා කර තිබෙනවා. පනතකින් පිටුපස සිටින දේශපාලන නායකයන් ගැන ජාත්‍යන්තර විශ්වාසයක් ඇති වෙනවාද කියා සැකයි. පනතින් පිටුපස සිටින දේශපාලන නායකයින් ගැන ජාත්‍යන්තර විශ්වාසයක් ඇති වෙනවාද කියා සැකයි.

පනත සංශෝධනය කිරීමෙන් අලූත් දෙයක් වන්නේ නැහැ. ඇමැති පැමිණි පසු එක සමාගමක් ගියා හේතුව අදටත් දන්නේ නැහැ. 2020 පසුව කිසිම සමාගමක් පැමිණ නැහැ.

අපේ එල්. එන්. ජී. ඇමරිකාවට ලියලා දෙන එක ගැන ඇමැති කතා කරන්නේ නැහැ. එය හෙජින් ගිවිසුමටත් වඩා අනෙකුත් සියලූ යෝජනාවලට වඩා වැදගත්. ඛනිජ තෙල් බෙදාහැරිම ගෙන්වීම පිට සමාගමකට දෙන්න යනවද කියලා සැකයක් දැන්් ඇතිවෙලා. මේ ආණ්ඩුවට හොඳ ආර්ථික ප‍්‍රතිපත්ති රාමුවක් නැහැ. එය අසාර්ථක බව පොඩි දරුවකුට වුවත් පේනවා. කලවම් පලා වට්ටියක් වගෙයි ආණ්ඩුවේ ආර්ථක ප‍්‍රතිපත්තිය.

ඕමානයට තෙල් ළිං දෙකක් දීලා කියලා ප‍්‍රවෘත්තිවල වාර්තා වෙනවා. එහෙම දෙන්න ඇමැතිට ඇති බලය කුමක්ද? එල්. එන්. ජී. සැපයුම ඇමරිකාවට ලබාදීම ස්ථිර මිලකුත් නැහැ. එහි ටෙන්ඩරයත් නැහැ. අපට විශාල පාඩුවක් සිදුවෙනවා. කිසිසේත් අනුමත කළ නොහැකියි. රටම අර්බුදයට ගෙන යාමත් සිදු වෙනවා.

මහනුවර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී එස්. බී. දිසානායක (ශ‍්‍රීලපොපෙ)

ලංකාව මායිමේ ඉන්දියාව තෙල් කණිද්දී අපට තෙල් ළිං ගැනීමට නොහැකි වීම ගැන කනගාටු විය යුතුයි. අපේ තෙල් ළිං ගැනීම වසර ගණනාවක් ඇදි ඇදී ගියා. නමුත් ශක්තිමත් ඛනිජ තෙල් අධිකාරියක් ගොඩනඟා තෙල්

ගැනීමේ වැඩසටහන උදය ගම්මන්පිල ඇමැතිවරයා දැඩි අධිෂ්ඨානයෙන් කරමින් යනවා.

යුගදනවි ගෑස් ගනුදෙනුව ඇමරිකානු සමාගමට යෑම ගැන මම කැමැතියි. මේ ගෑස් සඳහා ගිවිසුමකට යෑමට එකඟයි. කොවිඞ් වසංගතයෙන් අපිව පොළොවෙ ගැහුවා. මුළු ලෝකයම වැටුනා. අපේ ණය ඇ. ඩොලර් අර්බුදය වසර දෙක තුනකින් විසඳා ගන්න පුළුවන් නම් අපිට විශාල පිම්මකින් රට ඉදිරියට ගෙන යන්න පුළුවන්.

වරාය සංවර්ධන ඇමැති රෝහිත අබේගුණවර්ධන

තෙල් ළිං ගැන කතාවට පමණක් සීමා වී තිබූ යුගයක එය යථාර්ථයක් බවට පත් කිරීමට ඇමැති ගන්නා උත්සාහයට අපි කෘතඥ විය යුතුයි.

ඇමරිකානු ඩොල්ර් 300 ක් මසකට තෙල් ගන්න වැය කරනවා. වාර්ෂිකව ඩොලර් මිලියන 3600 ක් අපි ඊට වැය කරනවා. ඩොලර් 90 ක් බැරලයක මිල. ඒ නිසා වචනයට සීමා වී තිබූ තෙල් ළිං කැණීම අද කි‍්‍රයාවට නැංවී තිබෙනවා.

මේ තෙල් ගැනීම අපට තනිවම කරන්න බැහැ. සත්‍ය එයයි. ආයෝජකයෙක් එන්න නම් අපි ගැන විශ්වාසයක් තිබිය යුතුයි. ඔවුන් විශාල මුදලක් වැය කළ යුතුයි. ඔහුට ඊට විශ්වාසයක් පහසුකම් හා කාලය ලබාදිය යුතුයි.

ලොව ලොකුම නැව ලංකාවට ආවා. එය ඇතුල් කළ හැකි දකුණු ආසියාවේ එකම වරාය තමයි අපේ වරාය. චීන වරායේ ආයෝජනයක් වූ පර්යන්තයට තමයි ඒක ආවේ. ඒ ආයෝජනය එදා නොකළා නම් අද මෙලෙස ලොකුම නැවට එන්න බැහැ.

බටහිර පර්යන්තය විකුණුවා කියන අය පර්යන්තයක් තියෙන තැනක් පෙන්වන්න. එවැන්නක් නැහැ. විරුද්ධ වෙන අය ඇත්තටම දන්නවා ආයෝජනය කළ යුතු එකක් බව.

තෙල්වලට පිටරටට යන ඩොලර් ප‍්‍රමාණය තෙල්

ගැනීමෙන් වළක්වා ගත හැකි නම් ඉතා හොඳයි. ආයෝජන අවශ්‍යයි. එක බිම් අඟලක්වත් විදේශිකයන්ට පවරන්න අපි සූදානම් නැහැ. හැමදාම වැරදි කෝණයෙන් බලනවා නම් රටක් ලෙස ඉදිරියට යන්න බැහැ. අපි අභියෝග ජය ගන්නවා. ස්ථිරයි.

ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර විජිත හේරත් (ජා. ජ. බ.)

මහින්ද රාජපක්ෂ මහතා එදා මන්නාරමේ ගෑස් හොයා ගත්තා කියලා මධ්‍යම පළාතේ ඡුන්ද දිනා ගත්තා. එවැනි දෙයක් අද සිදුවනවාද කියා සැකයි.

ආයෝජනයකදී දෙපාර්ශ්වයටම වාසි තිබිය යුතුයි. ලොව ලොකුම නැව ආවේ චීන ජැටියට. අපට අයිති නැහැ. ඉතින් අපට සතුටු වෙන්න පුළුවන්ද?

තෙල් කැණීම වගේම තෙල් ටැංකි ටිකත් ආරක්ෂා කර ගත යුතුයි. 1987 ජුලි අත්සන් කළ ඉන්දීය ගිවිසුම තුළ තෙල් ටැංකි ගැන සඳහන් වෙනවා. එහි ඉන්දියාව හා ලංකාව ඒකාබද්ධව ටැංකි පවත්වාගෙන යනවා කියලා සඳහන්. එහෙත් ටැංකි පවත්වාගෙන යෑමට නීතිමය පියවර ගෙන නැහැ. උදය ගම්මන්පිල මහතා කිව්වා තෙල් ටැංකි ඉන්දියාවට දීලා ඉවරයි කියලා. ඒක පට්ටපල් බොරුවක්. එවැනි පවරා දීමක් නැහැ.

2003 දී යළි අයි ඕසී සමාගමට පැවරුවා. මාස 06 ක් ඇතුළත බදු දීමේ ගිවිසුමක් අත්සන් කළ යුතු බවට. මෙතෙක් ගිවිසුමක් අත්සන් කර නැහැ. ඉන්දියාවත් අයි. ඕ. සී. සමාගමත් පිළිගන්නවා ඔවුන්ට පවරා නෑ කියලා. අපේ ඇමැති කියනවා පවරලා කියලා.

ඔබගේ ආණ්ඩුව ඉන්දියාවට දෙනවා ද නැද්ද කියලා රටට කියන්න.

රාජ්‍ය ඇමැති නිමල් ලන්සා (ශී‍්‍ර ල. පො. පෙ.)

රටේ සම්පත් ප‍්‍රයෝජනයට ගන්න අපට පහසුකම් නැත්නම් තාක්ෂණය ඇති සමාගමකින් ආයෝජනයක් ගෙන ඒ සම්පත්වලින් ප‍්‍රයෝජන ගත යුතුයි.

අවුරුදු දහයක් අපි උත්සාහ කළා දැවි තෙල්වලින් වන වියදම අවම කරන්න. ගෑස් බවට හරවන්න උත්සාහ කළා නොහැකි වුණා. දැන්වත් ඊට සහාය දෙන්න. ඇමරිකන් සමාගම රටට ඇවිත් සාකච්ඡුා කරලා තමයි අත්සන් කළේ. අත්සන් කරපු වෙලාව නොවෙයි වැදගත් ඊට නිවැරදි කරුණු ඇතුළත් කර ගැනීමයි. කුහක දේශපාලනය ඉවත් කර රටක් විදිහට සිතිය යුතුයි.

මොන උද්ඝෝෂණ කළත් ආයෝජන සඳහා කරන හොඳ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරනවා.

පත් කළ මන්තී‍්‍ර තිස්ස අත්තනායක (සජබ)

කෙරවලපිටිය බලාගාරයේ කොටස් විකිණීමට වඩා ලංකාවේ ගෑස් සැපයීමේ ඒකාධිකාරිය ඇමරිකාවට පැවරීම බරපතළයි. මේ අත්සන් කරන ගිවිසුම් වසර පහෙන් ඉවර වෙන්නේ නැහැ. තවත් ඉදිරියට යනවා. එවිට අපි ගෑස් ළිංවලින් ගන්න ගෑස්වලින් මොනවාද කරන්නේ. දැන්වත් හරියට හිතන්න. නිව් කෝට්රස් සමාගමේ ගිවිසුමට අනුව ලංකාවට සපයන හැම ගෑස් ප‍්‍රමාණයක්ම ලංකාව මිලදී ගත යුතුයි. පාඩුව ඩොලර් මිලියන දහසකට වඩා යනවා. ධාරිතාව රැුක ගැනීමට ඩොලර් මිලියන 253 ක් සමාගමට ගෙවිය යුතුයි.

ආණ්ඩුව කාවද රවට්ටන්න හදන්නේ. ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරපු කොළයෙන්ම රවට්ටලා.

ටෙන්ඩර් කරන්නෙත් නැතිව ඇමරිකානු තානාපතිගේ බලපෑම මත ඉල්ලූම් සමාගමක් ආවේ. මේ තරම් මහා පරිමාණ ව්‍යාපෘතියේ කැබිනට් එකට ආවේ පොඩි සටහනක් පමණයි. විදුලිය පිළිබඳ සම්පූර්ණ ස්විචය ඇමරිකාවට දීමට තමයි මේ පියවර ගන්නේ.

රාජ්‍ය ඇමැති මොහාන් පී ද සිල්වා

තෙල් කැණීම් කටයුතු අනිවාර්යයෙන්ම කළ යුතුයි. තෙල් මිලදී ගැනීමට අපේ රටෙන් විශාල වශයෙන් විදේශ විනිමය පිටරටට යනවා. තෙල් ගැනීම ඉතා හොඳින් සාර්ථකව සිදු වන බවට විශ්වාසයි.

ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි ඉන්දු ලංකා ගිවිසුමෙන් පැවරීම පැහැදිලිවම සිදු වී තිබෙනවා. 2003 දී එවකට ආණ්ඩුව අයි. ඕ. සී. සමාගම සමග ගිවිසුම් අත්සන් කළා. එය 2035 දක්වාම කි‍්‍රයාත්මකයි.

ගාල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර මනුෂ නානායක්කාර (සජබ)

එම්. සී. සී. එකට විරුද්ධව ආපු ආණ්ඩුව දැන් රටේ තෙල් විකුණනවා.

අද පොලිසිය හැමෝටම තර්ජනය කරනවා.

මල්වානේ ඉඩමට මුදල් ගෙව්වේ තිරුකුමාර් නඬේසන්. ගිං නිල්වලා ව්‍යාපෘතිය කරන්නෙත් ඔහු. ඊට සල්ලි ගෙනාපු හැටිත් දන්නවා. නඬේසන්ගෙ 2012 දී බිලියන 3.5 ක වත්කම් ඉන්ටර්පෝල් එක හෙළිකරනවා. එහිදී මහින්ද රාජපක්‍ෂ මහතා මැදිහත්ව ඒවාත් නිදහස් කළා. තිරුකුමාර් ගාව මෙතරම් මුදල් තිබෙනවා නම් අනිත් අය ගාව කොපමණ මුදල් තිබෙනවාද කියා හිතෙනවා.

පත්කළ මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි

ඛනිජ තෙල් ගවේෂණය පිළිබඳව ලෝක දියුණු තාක්‍ෂණයක් අවශ්‍යයි. ආයෝජකයෙක් ලබා ගැනීමට නිශ්චිත ආයතනයක් අවශ්‍යයි. ඊට මෙමගින් පසුබිම හැදෙනවා.

පැරිස් සම්මුතියට අනුව අපි ඛනිජ තෙල් භාවිතය අඩු කළ යුතුයි. මිහිතලයට ඇතිවන බලපෑම ගැන අද ලෝකයේම සාකච්ඡුා පැවැත්වෙනවා.

විදුලි අවශ්‍යතාවයෙන් සියයට 40 ක් අපි තෙල් ගෙන්වනවා. ගෑස් වෙළෙඳ පොළ නිව් පෝට‍්‍රස් සමාගමට දෙන්න ගිවිසුම් අත්සන් කළා. අවුරුදු 5 කින් ගිවිසුම් පවතින්නේ නැහැ. තව ඉදිරියට යනවා. මේ ගැන ආණ්ඩුව තුළ හරි සාකච්ඡුාවක් ඇතිවිය යුතුයි.

කළුතර දිස්ති‍්‍රක් මන්ත‍්‍රී කුමාර වෙල්ගම (සජබ) –

පාර්ලිමේන්තුව - තෙල් ටැංකි නැවත ගැනීමට සහය දෙන්නැයි  විපක්ෂයටත් ආරාධනා කරනවා - බලශක්ති ඇමැති උදය ගම්මන්පිල

ආණ්ඩුවක් වුණාම කොන්දක් තිබිය යුතු බවට වරාය ඇමැති කිව්වා. මත්තල වරාය විකුණනකොට අපි දෙන්නා එකට උද්ඝෝෂණවලට ගියේ. කඳුළු ගෑස් ගැහුවාම එක වැසිකිළියේ හැංගුනේ. අපි ආවාම මෙය ගන්නවා කිව්වා.

1920 – 30 කාලයේ සිට ගෑස් තිබුණේ සුද්දට. මෙය පවරා ගත්තේ මැතිනියයි. එතුමියගේ ජීවිතය නැති කරන්න ගිය වෙලාවේ එතුමිය පවරා ගත්තත් පවරා ගත්තේ යළි සුද්දට දෙන්න නොවෙයි. අපේ යුතුකමක් තිබෙනවා එය ආරක්‍ෂා කර ගන්න.

මුලින්ම පිරිපහදුව ගෙනාවේ ඩඞ්ලි සේනානායක මහතා. ලංකාවේ රුපියල් මිලියන 1750 කටයි පිරිපහදුව හදලා තියෙන්නේ.

තෙල් ටැංකි සදහටම දීලා නැහැ. කාලයක් තිබෙනවා. 2002 වසරේදී පෙට‍්‍රල් ඞීසල් ගබඩා කිරීමට ඉන්දියාවට අවසර දුන්නා. නමුත් වර්තමාන පනත මගින් පෙට‍්‍රල් ඞීසල් බෙදාහැරීම ගබඩා කිරීමට අවසර දෙනවා.

ඇමැති උදය ගම්මන්පිල – මෙතුමා පනත කියවලා නැහැ. එක වචනයක්වත් ඒ ගැන එහි නැහැ.

කුමාර වෙල්ගම මහතා –

පිරිපහදුව අපට තිබිය යුතුයි. ප‍්‍රාදේශීය සභාවල ලැයිස්තුවේ ඉන්න අයට ලක්‍ෂ 40 ප‍්‍රතිපාදන ලැබෙන්නේ නැහැ. ඔවුන්ටත් දිය යුතුයි.

කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා (ශ‍්‍රීලපොපෙ) – තෙල් කැණීමේ කටයුතුවලට පුද්ගලික අංශයේ සහාය අවශ්‍යයි. චීනය ඇතුළු ධනවාදී ක‍්‍රමයට හැදුනු සමාගම් හා ක‍්‍රම රැුසක් තිබෙනවා. දේශපාලනය හා ආර්ථිකය දෙකක්. චිනය අද බලසම්පන්න රටක්.

ඛනිජ තෙල් ක්‍ෂේත‍්‍රය තුළ දැවැන්ත වෙනසක් සිදුකළ හැකියි. අදටත් ලංකාවේ රාජ්‍ය මුදල් විනාශ වන්නේ මේ අංශවල. අඩු මිලට දෙන්න ගිහින් අලාභ ඇති වෙනවා. ණය ඇති වෙනවා.

බදුල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී චමින්ද විජේසිරි (සජබ) –

මේ පනත මේ රටේ අනාගත පරපුර වෙනුවෙන්ය කියන බේගලය ආණ්ඩුව කියන්න හදනව.

ගෙදර ආරක්‍ෂා කරන බල්ලා ලෙස ඇමැති ඉන්නේ. ඔහුගේ නැතිවූ රෙදි නැවත ඇන්දීමටයි මේ පනත

ගෙනාවේ.

පනත ඒ විදිහටම ක‍්‍රියාත්මක වෙනවා නම් හොඳයි. ඒත් එහෙම වෙන්නේ නැහැ. බලශක්ති ප‍්‍රතිපත්තියට එහා

ගිහින් ? දොළහට ගිවිසුම් අත්සන් කරන කාලයක්. එක පවුලකට ඕන විදිහට සියලූ දේ ක‍්‍රියාත්මක වන්නේ.

අපට තාක්‍ෂණ බලය නැහැ. විධිමත්ව ටෙන්ඩර් කැඳවා තිබියදී එදා ? දොළහට ගිවිසුම අත්සන් කළා වගේ පිටින් ඇවිත් අත්සන් කළොත් මොකද කරන්නේ. අපි ඒ දේ තමයි අපේ පක්‍ෂයටත් කිව්වේ. ඒ නිදහස අපට තියෙනවා. අනුමත වන පනත එලෙසම ක‍්‍රියාත්මක වනවා නම් හොඳයි. එසේ වන්නේ නැහැ. සියල්ල එක රැුයින් විනාශ වෙනවා.

කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී අශෝක් අබේසිංහ (සජබ) –

දේශ හිතෛෂී බව කියන මේ ආණ්ඩුව බලශක්තිය විදේශකරණය කරන්න හදනවා. ඉඩම් ඇතුළු සියලූ රාජ්‍ය සම්පත් විකුණනවා. නිව් පෝට‍්‍රස් සමාගමට කෙරවලපිටිය බලාගාරයේ කොටස් සියයට 40 ක් විකිණීම කියලාම කැබිනට් පත‍්‍රිකාවේ තිබෙනවා.

ඛනිජ තෙල් පනත සම්මත කරලා ඔබ මන්නාරමේ තෙල් කැණීම් කරන්න යනවා. එල්.එන්.ජී. සැපයීම සියයට සියයක් ඇමරිකාවට පවරලා තියෙද්දී තෙල් කැණීමට රටවල් එයිද? ජනතාවට බොරු කියන්න එපා.

කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී නලීන් බණ්ඩාර (සජබ) –

තෙල් ටැංකි ටික ඉන්දියාවට දුන්නාද කියන එක නොවෙයි ප‍්‍රශ්නය. මේවායින් ප‍්‍රයෝජන ගත්තාද?

එදා ෂෙල් සමාගම පන්නා ගෑස් ජනගත කළාම ඔවුන් රටින් ගිහින් සිංගප්පූරුව දියුණු කළා.

ඇමැති මෙහෙ පනත් සම්මත කළාට එල්.එන්.ජී. ගෑස් එක රැුයින් ඇමරිකාවට දුන්නා. තෙල් ළිංවලට ඕමානයට විතරක් නොව විවෘතව ආරාධනා කරන්න. විනිවිදභාවයක් තිබිය යුතුයි. රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු විය යුතුයි.

ඇමැති උදය ගම්මන්පිල

කබීර් හෂීම් මහතා ගිවිසුම සභාගත කළේ නැහැ. ඉන්දු ලංකා ගිවිසුම පැහැදිලිව දක්වා තිබෙනවා. 2003 දී එජාප සදාකාලිකවම ඉන්දියාවට දුන්නා කියලා පැහැදිලියි.

බදු ගිවිසුමක් අත්සන් කළ යුතු බවට විජිත හේරත් කිව්වත් ඔහු නිවැරදිව ගිවිසුම කියවා නැහැ.

බදු ගිවිසුම නැති නිසා අපට කිසිම ක‍්‍රියාමාර්ගයක් ගන්න බැරිවෙලා.

මේ ටැංකි අපේ රටට ගැනීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරනවා ඊට අපට සහාය දෙන්න.

ඛනිජ තෙල් පිරිපහදුව අපනයනය බෙදාහැරීම දෙන්න මෙයින් සිදුවන බව කිව්වා. එය වැරදියි. අපි උත්සාහ කරන්නේ ආසියාව බලශක්ති ක්‍ෂේත‍්‍රය බවට පත් කරන්නයි. ඊට විපක්‍ෂයේ සහාය දෙන්න.

මෙය ආණ්ඩුවේ කටයුත්තක් නෙවෙයි. ජාතික කටයුත්තක්. ඒ සඳහා සියලූ පක්‍ෂ හමුවීමට අපි සූදානම්. ඊට සහාය ලබා දෙන්න.

පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.

පාර්ලිමේන්තුව අද (07 දා) පෙරවරු 10.00 ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment