පාර්ලිමේන්තුව යළි රැස්වන දින

82


පාර්ලිමේන්තුව නොවැම්බර් 08 වැනිදා සිට 11 වැනිදා දක්වා රැස්වීමට තීරණය කර ඇතැයි
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කරයි.

නොවැම්බර් 08 වැනිදා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ජාතික ජන බලවේගයේ යෝජනාවකට අනුව රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විපක්ෂය ගෙන එන සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතය.

නොවැම්බර් 09 වැනිදා එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය, සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක් මුදල් පනත යටතේ නියෝගයක්, විදේශ විනිමය පනත යටතේ රෙගුලාසිල ආනයන හා අපනයන පනත යටතේ රෙගුලාසි තුනක් විවාද කර සම්මත කිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නොවැම්බර් 10 වැනිදා සහ 11 වැනිදා පනත් කිහිපයක් සම්මත කර ගැනීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment