පාර්ලිමේන්තුව – සමාජ මාධ්‍ය අපහාසවලට නඩු පැවරීමට ඉඩක් තිබිය යුතුයි – අවුරුදු 18ට අඩු අයට මරණ දඬුවම පැමිණවීම අහෝසි කරනවා – අධිකරණ ඇමැති අලි සබ්රි

153

* ළමා ආරක්‍ෂණ ආයතන ශක්තිමත් කළ යුතුයි – ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ)

පාර්ලිමේන්තුව - සමාජ මාධ්‍ය අපහාසවලට නඩු පැවරීමට ඉඩක් තිබිය යුතුයි  - අවුරුදු 18ට අඩු අයට මරණ දඬුවම පැමිණවීම අහෝසි කරනවා - අධිකරණ ඇමැති අලි සබ්රි


* අපරාධ නීතිය සැමට  සමාන විය යුතුයි- තලතා අතුකෝරළ (සජබ)

* විවිධ ජාතීන්ට තිබෙන විවිධ නීති  වෙනුවට එක නීතියක් ඇතිකළ යුතුයි – පේ‍්‍රමනාත් සී’ දොලවත්ත (ශී‍්‍රලපොපෙ)

* අද ස්වාධීන කොමිෂන්වල තීරණ ගන්නේ විධායකයයි – විපක්‍ෂයේ සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල

* දීර්ඝකාලීන නඩු ප‍්‍රමාදයෙන් විශාල පිරිසක් පීඩාවට පත්වෙලා – තිස්ස අත්තනායක (සජබ)

තරුණ පිරිමි හා ගැහැනු දරුවන් සිරභාරයට පත්වූ විට ඔවුන් පොදු සිරභාරයට පත් නොකොට වෙනම රඳවා පුනරුත්ථාපනය කිරීමටත්” 18 ට අඩු අයට මරණ දඬුවම පැමිණවීම අහෝසි කරන බවත් අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා) පැවසීය’

වේත‍්‍රධාරි නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (21 දා) පෙරවරු 10 ට රැුස්විණි’

නිවේදන” වාර්තා” මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්තී‍්‍රවරු විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ’

අනතුරුව 27/2 යටතේ විපක්‍ෂ නායකගේ විශේෂ ප‍්‍රශ්න විමසීම සහ ඒවාට පිළිතුරු සැපයීම සිදුවිය’

පසුව තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) දණ්ඩ නීති සංග‍්‍රහය යන පනත් සම්බන්ධයෙන් නියෝග සහ සංශෝධන සම්මත කර ගැනීමට විවාදය පැවැත්විණි’

විවාදය ආරම්භ කරමින්” අධිකරණ ඇමැති අලි සබ්රි මහතා – අපි අද එක සහ දෙක යෝජනා ඉදිරිපත් කරන්නේ නෑ’ අද අප තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ සංශෝධනයක් ගෙන එනවා’ තරුණ වරදකරුවන් සම්බන්ධයෙන් අපේ තිබෙන ඒකාකාරී නොවන නීති නිසා ඒවා ජාත්‍යන්තර මට්ටමින් අභියෝග ඇතිකර තිබෙනවා’

නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා මූලාසනයට පැමිණේ’

විපක්‍ෂයේ සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා

මේ පනත්වලට අපේ විරුද්ධතාවයක් නෑ” සහාය දෙනවා’ අධිකරණයේ යුක්තියේ පසිඳලීමේ ප‍්‍රශ්න මේවා නොවෙයි’ ජාත්‍යත්තරයෙන් අද ඒ ගැන ප‍්‍රශ්න අහනවා’ විශේෂයෙන්ම ස්වාධීන කොමිෂන් ගැන’ එම කොමිෂන්වල ස්වාධීනතාව නැතිවෙලා’ එහි තීරණ ගන්නේ විධායකය’

ස්වාධීන කොමිෂන් ඇති කළේ චන්ද්‍රිකා කුමාරතුංග රජය’ මහින්ද රාජපක්‍ෂ මහතා එහි ස්වාධීනත්වය නැති කළා’ අපි 19 සම්මත කර යළි ස්වාධීන කළා’ අද අධිකරණයට” පොලිසියට” නීතිපතිට ස්වාධීන තීරණ ගන්න බැරි නම් වැඩක් නැහැ’ අද හැම නඩුවක්ම නිදොස් කොට නිදහස්’ ජනතාව හිනාවෙනවා’ අධිකරණය අසරණ වෙලා’

අද පනත් ගේනවා කිසිම සාකච්ඡුාවක් නැහැ’ ව්‍යවස්ථාවක් හදනවා ජනාධිපතිගේ පෞද්ගලික නීතිඥවරු’ එය පාර්ලිමේන්තුවට දානවාලූ’ මේ ව්‍යවස්ථාව තේරීම් කාරක සභාවකට දාල අපේ අදහසුත් ලබාගන්න’ ජනාධිපති ආණ්ඩු පක්‍ෂය සමගවත් සංවාදයක් නැහැ’ ස්වාධීන කොමිෂන් ඇති කරන තුරු ජාත්‍යන්තරයේ විශ්වාසයක් ඇති වන්නේ නැහැ’

පාර්ලිමේන්තුව - සමාජ මාධ්‍ය අපහාසවලට නඩු පැවරීමට ඉඩක් තිබිය යුතුයි  - අවුරුදු 18ට අඩු අයට මරණ දඬුවම පැමිණවීම අහෝසි කරනවා - අධිකරණ ඇමැති අලි සබ්රි

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර පේ‍්‍රමනාත් සී’ දොලවත්ත (ශී‍්‍රලපොපෙ) – එක රටක් එක නීතියක් කියන කාරණය සාර්ථක කරගන්න අපි කි‍්‍රයාකරනවා’ විවිධ ජාතීන්ට සංස්කෘතීන්ට තිබෙන නීතිය වෙනුවට එක නීතියක් ඇති කළ යුතුයි’ ඒ සඳහා අපි කි‍්‍රයාකරනවා’

යහපාලන ආණ්ඩුව සමයේ ස්වාධීන යැයි කියන කොමිෂන් සභා තිබියදී රංජන් රාමනායක විනිසුරුවරුන්ට බලපෑම් කළා’ එය අද කවුරුත් දන්නවා’ අද නිදොස් කර නිදහස් වන නඩු සියල්ල දේශපාලන නඩු” දේශපාලන දඩයම් කිරීම්’ එදා සිදු කළා’ ඒවා පලිගැනීම් විතරයි’ අපි කිසිම විරුද්ධවාදියකුගෙන් පලිගන්නේ නැහැ’

පත් කළ මන්ති‍්‍රනි ආචාර්ය හරිනි අමරසූරිය (ජා’ජ’බ)

පාර්ලිමේන්තුව - සමාජ මාධ්‍ය අපහාසවලට නඩු පැවරීමට ඉඩක් තිබිය යුතුයි  - අවුරුදු 18ට අඩු අයට මරණ දඬුවම පැමිණවීම අහෝසි කරනවා - අධිකරණ ඇමැති අලි සබ්රි



ඇමැතිවරයා ඉදිරිපත් කළ සංශෝධනවලට අපි සහය දෙනවා’ නමුත් ළමා ආරක්‍ෂණයේදී එකින් එක වෙනස් කරනවා වෙනුවට මෙම පුළුල් විෂයයම සාකච්ඡුා කර ළමා ආරක්‍ෂණයට ඇති ආයතන ශක්තිමත් කළ යුතුයි’

පත්කළ මන්තී‍්‍ර සාගර කාරියවසම් (ශී‍්‍රලපොපෙ)

රටක් ලෙස සංවර්ධනයෙන් ඉදිරියට යනවිට නීති රීති හරියට කි‍්‍රයාත්මක වන්නේ නැත්නම් ඒ රටට ඉදිරියට යන්න බැහැ’ නීති පැනවීම ප‍්‍රමාද වීම ගැන කනගාටු විය යුතුයි’

අද සමාජ මාධ්‍ය ගැන නීති නැහැ’ තරුණ පරපුර ප‍්‍රධාන මාධ්‍ය ලෙස යොදා ගන්නේ සමාජ මාධ්‍ය’ ඒ නිසා වැරැුදි තොරතුරු පළවීම වැරැුදි ප‍්‍රචාර කරන්නන්ගේ හොඳ තෝතැන්නක් වී තිබෙනවා’ බොරුව” වෛරය කොයිතරම් තරුණයන්ගේ සිත්වල පැතිරුවාද කියා 2015 දී අපි අත්වින්දා’ අදත් එය කි‍්‍රයාත්මකයි’

රත්නපුර දිස්ති‍්‍රක් මන්ති‍්‍රනි තලතා අතුකෝරල (සජබ) – සමාජජාලා සම්බන්ධව නීති රීති ඇතිව කි‍්‍රයාත්මක වෙනවා නම් අපිත් කැමතියි’ 2019 ට පෙර සමාජජාලා කි‍්‍රයාත්මක වීම ගැන අපටත් ප‍්‍රශ්න තිබුණා’ ආණ්ඩුවට වගේම අපටත් එදා විවිධ අවලාද එල්ල වුණා’

පාර්ලිමේන්තුව - සමාජ මාධ්‍ය අපහාසවලට නඩු පැවරීමට ඉඩක් තිබිය යුතුයි  - අවුරුදු 18ට අඩු අයට මරණ දඬුවම පැමිණවීම අහෝසි කරනවා - අධිකරණ ඇමැති අලි සබ්රි



අපරාධ නීතිය ලංකාවේ සියලූ දෙනාට එක වගේ කි‍්‍රයාත්මක විය යුතුයි’ දුප්පත් පොහොසත් අනුව වෙනස් නොවිය යුතුයි’ යහපාලන රජය සමයේ නීතිපති දෙපාර්තමේන්තුවට කොන්ද කෙළින් කි‍්‍රයාකරන්න ඉඩ ලැබුණා’ එදා නීතිපති තමයි අද අගවිනිසුරුතුමා’ එදා ගත්ත තීරණ වැරදි නම් එහි අවිශ්වාසය අද අගවිනිසුරුවරයාටත් ඇති වෙනවා’ අද විශ්වාසය බිඳිලා’ නීතිපති දෙපාර්තමේන්තුව මීට වඩා වගකීමෙන් හා විශ්වාසයෙන් කි‍්‍රයාත්මක විය යුතුයි’

මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර උදයන කිරිඳිගොඩ (ශී‍්‍රලපොපෙ)

පසුගිය යහපාලන කාලය තුළ අධිකරණ ක්‍ෂේත‍්‍රයේ වෙනස්කම් කළා’ රාති‍්‍ර නඩු අහන්න පුළුවන් ක‍්‍රම ඇති කරලා විරුද්ධවාදීන් දඩයම් කරන්න කටයුතු කළා’ එදා නීතිපති දෙපාර්තමේන්තුවේ ශාඛා පවා අරලියගහ මන්දිරයේ ඇති කළා’

පත්කළ මන්තී‍්‍ර තිස්ස අත්තනායක (සජබ)

පාර්ලිමේන්තුව - සමාජ මාධ්‍ය අපහාසවලට නඩු පැවරීමට ඉඩක් තිබිය යුතුයි  - අවුරුදු 18ට අඩු අයට මරණ දඬුවම පැමිණවීම අහෝසි කරනවා - අධිකරණ ඇමැති අලි සබ්රි


වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් දින 30 ක් පමණ උපවාස කරනවා’ හිරකරුවන්ට පොදු සමාව දීමේදී සමානාත්මතා ලෙස කටයුතු කරන්න කියලා ඔවුන් ඉල්ලන්නේ’ මරණ දඬුවම දෙන්නේ නැති නම් ඔවුන්ගේ දඬුවම සාධාරණ ලෙස ගෙවී යන පරිදි සමා කාලයක් ලබාදිය යුතුයි’

දීර්ඝකාලීන නඩු ප‍්‍රමාදය නිසා විශාල පිරිසක් කරදරයට පත්වෙනවා’ නඩුවල පරීක්‍ෂණ අවසන් නොමැති බව පවසා පොලිසිය පරීක්‍ෂණවලට කල් ගැනීමත් ඊට හේතුවක්’ සයිබර් අපරාධ බරපතළ ලෙස අද සිදුවෙනවා’ සමහර ‘ගේම්’ වලට දරුවන් වහල්වෙලා’ මේවා පරිහරණයට නීති හදන එක හොඳයි’

වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන

අද විවෘත වුණේ 200 ට අඩු පාසල්’ ඒ දරුවන්ට සූම් යන්න ෆෝන් එකක්වත් නැහැ’ පංති යන්න මුදල් නැහැ’ ඔවුන් අධ්‍යාපනය නොමැතිකමින් අසරණ වී සිටියා’ වෘත්තීය සමිති සමහර නායකයන් කරන්නේ දේශපාලනය’ තමන්ට දේශපාලනය කරන්න ඕන නම් මැතිවරණවලට ඉදිරිපත් වෙන්න’ වෘත්තීය සමිති හරහා දේශපාලනය කර දරුවන් හා අධ්‍යාපනය විනාශ කරන්න එපා’

එදා 2015 දී අධ්‍යාපනයට සියයට 6 ක් ඉල්ලලා දේශපාලන පෙළපාලි ගියා’ ඒත් ඒ ආණ්ඩුවෙන් සියයට 6 ලැබුණේ නැහැ’ කවුරුත් ඉල්ලූවෙත් නැහැ’ ඒ සීයට හය දුන්නා නම් පඩි වැඩිවීම ගන්න තිබුණා’

ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන (සජබ)

පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ඇතිවීමට ගිය මහා ජාතිවාදී ගැටුම වළක්වාලීමට කාදිනල්තුමාට හැකි වුණා’ වේදනාව විඳදරා ගත්තා’ වැරැුදිකරුවන්ට දඬුවම් දෙනු ඇතැයි විශ්වාස කළා’ ඒත් පරීක්‍ෂණ හරියට සිදුවෙතැයි තාම පේන්න නැහැ’

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර මධුර විතානගේ (ශී‍්‍රලපොපෙ)

අද නව ත‍්‍රස්තවාදයක් ඇතිවෙලා තියෙනවා’ හොඳට ඉගෙනගෙන ඉහළ දැනුමක් තියෙන දරුවො තමයි මනුෂ්‍ය ඝාතනවලට යොමු වෙන්නේ’ වහාම ඒ ගැන සොයා බැලිය යුතුයි’

රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දු

බන්ධනාගාරවල ඉන්න අයටත් ආදායමක් ලැබෙන පරිදි ඔවුන් වැවිලි කර්මාන්තයට එක්කර ගැනීමට අවශ්‍ය සැලසුම් කි‍්‍රයාත්මක කරනවා’ ඒ වගේම ඔවුන්ට හොඳ පුහුණුවක් අවශ්‍යයි’ බන්ධනාගාරයෙන් එළියට පැමිණි විට ආදායම් උපයා ගත හැකි තත්ත්වයක් ඇතිකළ යුතුයි’ පාසල්වලට දරුවන් යොමුකර අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය පියවර ගැනීම අපි හැමෝගෙම

වගකීමක්’

ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා (සජබ)

කොමිෂන් සභා තුළින් ස්වාධීනත්වය අහෝසි කිරීම නිසා ජාත්‍යන්තරයේ විශ්වාසය බිඳවැටිලා’ 20 වන සංශෝධනය නිසා ජී’ එස්’ පී’ ප්ලස් සහනය නොලැබෙන ලකුණු පහල වෙලා’ අපේ ආණ්ඩුව අමරුවෙන් ලබාගත් ජී’ එස්’ පී’ සහනය නැති විය හැකියි’ 2015 ට පෙර තත්ත්වය යළි ඇතිවීමට පටන්ගෙන තිබෙනවා’ මේ නිසා යහපාලන ආණ්ඩුව යටතේ ලබාගත් ජයග‍්‍රහණ ආපසු නැති වෙමින් යනවා’

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර මුජිබර් රහුමාන් (සජබ)

නීතිපති විසින් නඩු 20 ක් විතර ඉවත් කරගෙන’ ඒ නඩු සියල්ල මේ ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ නඩු’ අල්ලස් කොමිසම දැමූ නඩු 45 ක් ඉල්ලා අස්කරගෙන’ ඒවා තාක්‍ෂණික කරුණු මත ඉල්ලා අස්කර ගත් බව කියනවා’ මේ සියල්ලත් මේ ආණ්ඩුවේ අයගෙ නඩු’

සාක්‍ෂි නැතිව නීතිපති නඩුව ගෙනියන්නේ නැහැ’ සාක්‍ෂිි තිබෙන නිසයි නීතිපති නඩු දාන්නේ’ නීතිපති වෙනස් වූ විට නඩුව වෙනස් වෙනවා’

නීතිපති දෙපාර්තමේන්තුව නඩත්තු වෙන්නේ ජනතාවගේ බදු මුදල් වලින්’ ඒ නිසා ඔවුන් නිවැරැුදිව කටයුතු කළ යුතුයි’

අනුරාධපුර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර බුද්ධික පේ‍්‍රමරත්න (ශී‍්‍රලපොපෙ)

දරුවන් වෙනුවෙන් අපි කි‍්‍රයාත්මක වන ප‍්‍රමාණය අඩුයි’ කිසිම වරදක් නොකර අද අපේ දරුවන් දඬුවම් විඳිනවා’ දරුවන්ට අසාධාරණය සිදු කරන වැඩිහිටි පරම්පරාව හා ඔවුන් සමග වන වෘත්තීය සමිති තිබෙන නිසා සමාජ ක‍්‍රමය ගැන නැවත සිතා බැලිය යුතුයි’

අධිකරණ ඇමැති අලි සබ්රි

සමාජජාලාවල අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට බාධා කරන්නේ නෑ’ ඒත් නියාමනයක් විය යුතුයි’ දරුවන් හා ස්තී‍්‍රන් ගැන අයිතීන් තහවුරු විය යුතුයි’ සමාජමාධ්‍ය හරහා වන අපහාසවලට නඩු පැවරීමේ ඉඩ ඇතිකළ යුතුයි’

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කරනවා’ ජී’ එල්’ පීරිස් ඇමැති ප‍්‍රමුඛ කමිටුවක් පත්කර තියෙනවා’ ජාතික ආරක්‍ෂාවට ගැටලූවක් නොවන හා පුද්ගල අයිතිවාසිකම් ආරක්‍ෂා වන අයුරින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් ගෙන ඒමට පියවර ගන්නවා’

රවි කරුණානායකගේ නඩු ගිය ආණ්ඩුව ඉල්ලා අස්කර ගත්තා’ දේශපාලන පලිගැනීම්වලටම ගොනු කර නඩු මෙලෙස ඉවත් වී යනවා’ සාක්‍ෂි නැත්නම් බොරු නඩු ඉවතට යනවා’ මට පවතින නඩුවක් ගැන කිසිම අවස්ථාවක නඩුකාරයන් සමග සාකච්ඡුා කර නැහැ’ අධිකරණයට පහර ගහන්න එපා’ නීතිය හෑල්ලූ කරන්න එපා’ තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) දණ්ඩ නීති සංග‍්‍රහය සංශෝධන සහිතවත් දණ්ඩ නීති සංග‍්‍රහයේ සංශෝධන කෙටුම්පත සංශෝධන රහිතවත් සම්මත විය’


අස්වැන්න අඩු වුණොත්  වන්දියක් දෙනවා – ගොවියා වැටෙන්න දෙන්නේ නෑ – ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ

ගෙනත් තිබෙන්නේ නැනෝ  නයිට‍්‍රජන් නොවෙයි යූරියා අනුර කුමාර දිසානායක (ජාජබ)

බැරි වැඩ කරන්න ගිහින්  රට සාගතයකට ඇද දමන්න එපා – රංජිත් මද්දුම බණ්ඩාර


අකිත පෙරේරා, රනිල් ධර්මසේන

පාර්ලිමේන්තුව - සමාජ මාධ්‍ය අපහාසවලට නඩු පැවරීමට ඉඩක් තිබිය යුතුයි  - අවුරුදු 18ට අඩු අයට මරණ දඬුවම පැමිණවීම අහෝසි කරනවා - අධිකරණ ඇමැති අලි සබ්රි


රටට අවශ්‍යම ප‍්‍රතිපත්තියක් වන වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය වෙනුවෙන් තමන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන බවත් ගොවියා පොහොර ලබාදී ශක්තිමත් කිරීම විනා ගොවියාට වැටෙන්න කිසි ලෙසකින් හෝ ඉඩ නොදෙන බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉදිරිපත් කළ කල් තැබීමේ යෝජනාවට පිළිතුරු කතාව කරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

පොහොර ගැටලූව සම්බන්ධයෙන් කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් කතා කළ රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේ ද කීය.

අද වනවිට ගොවි ජනතාව විශාල අර්බුදයකට ලක්වෙලා. ගොවිතැන කරනවාද නැද්ද යන්න තීරණය කරන්න වෙලා. ඉතිහාසයේ පළමු වරට ගොවියා කුඹුරේ සිට උද්ඝෝෂණය කරනවා.

දැනටමත් හාල් ටොන් ලක්‍ෂයක් පිටරටින් ගේනවා. ආණ්ඩුව ආපු ගමන් රසායනික පොහොර තහනම් කළා. කාබනික පොහොර චීනයෙන් ගේන්න තීරණය කළා. ඒ පොහොර මනුෂ්‍ය ශරීරයට අහිතකර බවට පරීක්‍ෂණවලදී ඔප්පු වුණා. ඒ පොහොර නැව යළිත් රටට එනවා.

ලිතුවේනියාවෙන් පොටෑසියම් ගෙනාවා. මේවා ගැන පරීක්‍ෂණ කළාද නැහැ. අපේ රටේ පසට හානි විය හැකියි. බඩඉරිඟු ගොවීන් අසරණ වෙලා. පොහොර නැහැ. නිෂ්පාදනය සියයට 80 කින් බැහැලා ඇයි මේ වගේ අපරාධ කරන්නේ.

මේවා කරන්න එපා. කෘෂිකර්ම විනාශ කරපු ඇමැති ලෙස වත්මන් ඇමැති ඉතිහාසගත වේවි.

නැනෝ නයිට‍්‍රජන් පොහොර ගෙනාවා. මෙයත් රසායන පොහොරක් බව කියනවා. ඉන්දියාවේ ගුජරාටිවල 11,000 ක් පරීක්‍ෂා කර තියෙනවාලූ. ලංකාව අද පරීක්‍ෂණාගාරයක් වෙලා. ඉන්දියාවෙත් පරීක්‍ෂණ තත්ත්වයේ තියෙන්නේ. මෙයින් අධික ලාභයක් උපයන්න හදනවා.

සාගතයක් ඇතිවන තත්ත්වයට රට පත් කරන්න එපා. රටේ තේ වගාව ඉවරයි. කරන්න බැරි වැඩ කරන්න ගිහින් ගොවීන් අමාරුවේ දාන්න එපා.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අශෝක් අබේසිංහ (සජබ)

රටේ ජනතාවගේ ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳව බරපතළ ගැටලූවකට පත්වෙමින් පවතිනවා. රටවල් රැුසක කාබනික පොහොර කෘෂිකර්මය කරනවා. ඔවුන් සමස්ත කෘෂි කර්මයෙන් සියයට 2 යි කාබනිකව කරන්නේ. එවැනි තත්ත්වයක අපේ රට ඊට මුහුණ දීය නොහැකියි.

මේ නිසා ඉදිරියේදී දරුණු ආහාර හිඟයක් ඇතිවෙනවා. දැනටමත් හාල් මිල ඉහළයි. රටක වැරැුදි තීන්දුවක් ගත්තම ජනතාව විනාශ වෙනවා.

මහ කන්නයට මුලින්ම අවශ්‍ය මඩ පොහොර දීලා නැහැ. බන්ඩි පොහොර දීලා තියෙන්නේ. නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර ගැන බරපතළ ප‍්‍රශ්න තිබෙනවා.

ඉඩම් ඇමැති එස්. එම්. චන්‍ද්‍රසේන

රසායනික පොහොර භූමියෙන් ඉවත් කළ යුතු බවට විශාල හඬක් නැගුණා. වකුගඩු රෝගීන් දිනකට විශාල පිරිසක් මිය යනවා. මේ නිසා ජනාධිපති, අර්බුදයක් එන බව දැන දැනත් තමයි ප‍්‍රශ්නය විසඳීමට ඉදිරිපත් වුණේ.

රසායනික පොහොර නිසා පරිසරය විනාශ වෙලා. අද පස විනාශවෙලා. මේ ගැන අපි සිතා බැලිය යුතුයි.

පරිසර ඇමැති මහින්ද අමරවීර

කාබනික පොහොර පිළිබඳව ජනාධිපති ගත් තීරණය අගය කරනවා. පොහොර සඳහා වෙනම අමාත්‍යාංශයක් හදලා මුදල් දුන්නා. පරිසර හිතකාමී ලෙස රට ගොඩගන්න මේ තීරණය ගත්තේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කාබනික ගොවිතැනට කිසි ලෙස විරුද්ධ නැහැ. කාබනික පොහොර ව්‍යාපෘතියේදී ප‍්‍රබල අභියෝග ඒවි. නමුත් කෙසේ හෝ ජයගත යුතුයි. දේශපාලන වශයෙන් නොබෙදී 225 ම එක්ව ඊට කටයුතු කළ යුතුයි.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක (ජාජබ)

පාර්ලිමේන්තුව - සමාජ මාධ්‍ය අපහාසවලට නඩු පැවරීමට ඉඩක් තිබිය යුතුයි  - අවුරුදු 18ට අඩු අයට මරණ දඬුවම පැමිණවීම අහෝසි කරනවා - අධිකරණ ඇමැති අලි සබ්රි

අපි සභාවේ කතා කළත් ගොවි ජනතාව කන කර උගස් කරලා වගා කරන්න සූදානම් වෙනවා. ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳ තීරණ ගැනීමේදී වඩා අවධානයකින් යුතුව ගත යුතුයි.

බඩඉරිඟු ගොවිතැන ජනතාවට බලපා තියෙනවා. මහ කන්නයේ වී වගාව පටන් ගත්තා. තීන්දුව නිවැරැුදිව විiාත්මකව ගත්තේ නෑ. චීන පොහොර සාම්පල්වල අහිතකර තත්ත්වය තහවුරු වුණා. ගෙනත් තිබෙන්නේ නැනෝ නයිට‍්‍රජන් නොවෙයි යූරියා. මෙය අතිරේක පොහොරක්. වඩා විiාත්මකව තෝරාගත් ප‍්‍රදේශවල තෝරාගත් බෝගවල කාබනික පොහොර කරලා ක‍්‍රමිකව වර්ධනය කරන්න තිබුණා.

රාජ්‍ය ඇමැති ශෂින්ද්‍ර රාජපක්‍ෂ

කාබනික වගාව රටේ නිවැරැුදිව ස්ථාපිත කරන්න අපිට උදව් කරන්න. අපි නොදැක්ක පැත්තක් තියෙනවා නම් පෙන්වන්න. මෙය අපිට කරන්න පුළුවන් කරන්න බැහැ කියපු දේවල් කරල පෙන්වපු නායකයන් ඉන්න ආණ්ඩුවක් මේක. පළමු කන්නයේදී තරමක් සාර්ථක වෙනවා. යල කන්නයේදී තවත් ටිකක් සාර්ථක වෙනවා. ඊට පස්සේ ඉතා හොඳින් කි‍්‍රයාත්මක වෙනවා.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ

රටට ඕන ප‍්‍රතිපත්ති හැදිය යුතුයි. මෙතෙක් හැදුවෙ ජනතාවට ඕන ප‍්‍රතිපත්ති පමණයි. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති රටට ඕන ප‍්‍රතිපත්ති තීරණ ගන්නවා. ආණ්ඩුව ලෙස අපිට එක මතයකට එන්න බැරිවීම කනගාටුවක්.

ගොවියාට භීතියක් මවා පෙන්නුවා. ගොවියා අස්වැන්න අඩුවී ආදායම අඩුවෙයි කියා බය වුණා. පේරාදෙනිය විශ්වවිiාලයේ මහ හඬක් නගන මහාචාර්යවරයෙක් රසායනික පොහොර සමාගමක අධ්‍යක්‍ෂවරයෙක්.

රටවල් 186 ක් කාබනික කෘෂිකර්මය කරනවා. හෙක්ටයාර් මිලියන 71 ක් වගා කරනවා. අම්පාරේ ගොවීන් වගා කටයුතු ආරම්භ කරලා. සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකටම පොහොර යවනවා. රටේ කිසිදු හිඟයක් ඇති නොවීමට ආණ්ඩුව වගබලා ගන්නවා.

චීනයෙන් අසූචි ගේනවා කියලා බොරු කියනවා. ඉන්දියාවේ විශ්වවිiාල 25 කින් නැනෝ තාක්‍ෂණ නයිට‍්‍රජන් ගැන පර්යේෂණ කළා. ගොවීන් 15,000 ක් 2016 සිට වගා කරලා පර්යේෂණ කරලා එළියට දැම්මේ. හෙක්ටයාර් 31 ලක්‍ෂයක් ඉන්දියාවේ වගා කරනවා.

මාව සිය පාරක් පිච්චුවත් ප‍්‍රතිපත්තිය හොඳ නිසා ඒ වෙනුවෙන් මම හිටගන්නවා. වස විස නිසා වන හානිය කියා නිම කරන්න බැහැ. ගොවියන්ට අනියත බියක් ඇති කරනවා. මාධ්‍ය හැසිරීම පිළිබඳවත් මීට වඩා බැලිය යුතුයි. වැදගත් දේ පිළිබඳවත් සාකච්ඡුා ඇතිවිය යුතුයි.

නියමිත වේලාවට පොහොර දෙනවා. යම් අස්වැන්නේ අඩුවක් වුණොත් වන්දිය දෙනවා. ගොවියො වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ.

පාර්ලිමේන්තු අද (22) පෙරවරු 10.00 ට යළි රැුස්වීමට නියමිතය.

අකිත පෙරේරා” රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment