පාර්ලිමේන්තුව හෙට අනිද්දා රැස්වේ

161

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට සහ අනිද්දා (21,22) දෙදින රැස්වීමට නියමිතය.

මේ අනුව හෙට දින පෙ.ව 10 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 11 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

පෙ.ව 11 සිට ප.ව 4.30 දක්වා සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක්ල වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග 05 ක්ල විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ නියෝග 06ක් විදේශ විනිමය පනත යටතේ නියෝග ත්‍රිත්වයක් විදේශ විනිමය පනත යටතේ නියමයක් සහ ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි විවාදයට ගෙන අනුමත කරගැනීමට නියමිතය.

ඉන්අනතුරුව ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.

22 දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (සංශෝධනෆ පනත් කෙටුම්පත) දෙවැනිවර කියැවීම’ සහ වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ නියෝග විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිතය.

ඉන් අනතුරුව ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා විපක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.

තවද මීට ප්‍රථම සැප්තැම්බර් 27 වන සදුදා සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබූ නමුත් පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් එම ප්‍රශ්න සදහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස ඔක්තෝබර් 04 වන සදුදා දින වෙන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment