පාර්ලිමේන්තුව හෙට රැස්වේ

64


පාර්ලිමේන්තුව හෙට (20) සිට 23 වැනිදා දක්වා රැස්වීමට නියමිත අතර අභිනවයෙන් ස්ථාපිත කිරීමට යෝජිත ජාතික සභාව නමින් හදුන්වනු ලබන පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාව විවාදයට ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුුමතිය ලබා ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

21 වැනිදා රජයේ ආදායම වැඩිකර ගැනීමේ අවශ්‍යතාව” පිළිබද රජය විසින් ගෙනෙන සභාව කල් තැබීමේ යෝජනාවකට අනුව පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා විවාදය පැවැත්වීමට ද නියමිතය.

22 වැනිදා පෙ.ව 10.30 සිට ප.ව 12.30 දක්වා ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථා පනත් කෙටුම්පත සහ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කර ගැනීමට නියමිතව ඇත.

ලබන 23 වැනි සිකුරාදා පෙගව 9.30 සිට ප.ව 12.30 දක්වා කාලය දෙවැනි එළිසබෙත් මහරැජිනගේ අභාවය වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටත් ‍ප.ව 1.00 සිට ප.ව 5.30 දක්වා කාලය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු අමරකීර්ති අතුකෝරල මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටත් ‍මෙහිදී තීරණය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment