පාර්ලිමේන්තුව හෙට සිට 24 දක්වා රැස්වේ

76

පාර්ලිමේන්තුව හෙට (21) සිට 24 දක්වා රැස්වන අතර හෙට අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් විවාද කිරීමකින් තොරව සම්මත කර ගැනීමට නියමිත බවද මහලේකම්වරයා පැවසීය.

අනතුරුව පස්වරු 4.30 දක්වා කාර්මික ආරවුල් කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත විවාද කිරීමෙන් අනතුරුව සම්මත කිරීමට නියමිතය.

22දා විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව රටේ වත්මන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු පිළිබද සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

තවද පසුගියදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය තුළ ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා පිළිබද ශෝකප්‍රකාශ යෝජනා දෙවැනි දිනයටත් ඉදිරිපත් කිරීම සදහා ලබන සිකුරාදා වෙන් කිරීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව මහලේකම්වරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment