පාර්ලිමේන්තුව 22 සිට 25 දක්වා රැස්වේ

239

පාර්ලිමේන්තුව ලබන 22 සිට 25 දක්වා රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව වැඩබලන පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

ඒ අනුව ලබන 22දා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වෙන් අතර එම බනත් කෙටුමුපත සංශෝධන සහිතව සම්මතකර ගැනීමට නියමිත බවද ඇය සඳහන් කළාය.

එදින පාර්ලිමේන්තුව පෙරවරු 10ට රැුස්වන අතර පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

ලබන 23 වැනිදා ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ පළ කළ 2251/48, 2262/50 සහ 2266/5 යන අංක දරන ගැසට්පත‍්‍ර මගින් පනවන ලද රෙගුලාසි විවාදයට ගනු ලබන අතර 24 වැනිදා එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතව ඇත.

තවද ආදායම් මතවූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය සහ බදු නොගෙවා මගහැරීම වැළැක්වීම සදහා මෙරට ආණ්ඩුව සහ තුර්කි ජනරජයේ ආණ්ඩුව අතර 2022 ජනවාරි 28 දින ඇති කරගන්නා ලද ගිවිසුම දේශීය ආදායම් පනතට අනුව එදින අනුමත කරගැනීමට ද නියමිතය.

පාර්ලිමේන්තුව මාර්තු 22 සිට 25 දක්වා රැුස්වන අතර 25 වැනිදා හැර අන් සෑම දිනකම පෙරවරැු 10 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප‍්‍රශ්න සදහා වෙන් කර ඇත. ‍තවද මාර්තු 25 වැනිදා හැර මෙම දින හතරෙහිදීම පස්වරු 4.30 සිට 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප‍්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇත.

ලබන 25 වැනිදා මන්ත‍්‍රීවරයන් කිහිපදෙනෙකු‍ පිළිබද ශෝක ප‍්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීමට වෙන්වී ඇත. මේ අනුව අභාවප‍්‍රාප්ත හිටපු මන්ත‍්‍රීවරයන් වන බැටී වීරකෝන් මහතා , තංගේශ්වරී කදිරගාමර් මහත්මිය, ජස්ටින් ගලප්පත්ති මහතා සහ එම් .එස් සෙල්වසාමි මහතා වෙනුවෙන් ශෝක ප‍්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීමට කාලය වෙන් කර ඇති බව කුෂානි රෝහණදීර මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment