පාර්ලිමේන්තු නව සැසිය 8 දා

79

පාර්ලිමේන්තු නව සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 08 දා විවෘත කිරීමට නියමිතය.

ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු පෙරහුරුවක් හෙට (06 දා) පැවැත්වෙන බව වේත්‍රධාරී නරේන්‍ද්‍ර ප්‍රනාන්දු ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය.

ඉතා චාම් සහ සරල ලෙස පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කිරීමට කටයුතු සලසන ලෙස මේ වන විට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති අතර නව සැසිවාරය විවෘත කරමින් පෙරවරු 10 ට ජනාධිපති රජයේ ප්‍රතිපත්ති දැක්ම ඉදිරිපත් කරනු ඇත.

නව සැසිවාරය විවාත කිරීමේ උත්සවය අඩු වියදමින් සිදුකිරීමට මේ වන විටත් කටයුතු කර ඇති අතර, ආරාධනා පත්‍ර මුද්‍රණය වෙනුවට ඒවා ඊ ක්‍රම ඔස්සේ සිදුකරමින් වියදම් විශාල වශයෙන් අඩු කිරීමට ද පියවර ගෙන ඇතැයි වේත්‍රධාරී වැඩිදුරටත් කීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment