පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කණ්ඩායමෙන් ජනපතිට ලිපියක්

287

පවතින තත්ත්වය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත්වන ලෙසට පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රතිසංස්කරණ කණ්ඩායම නියෝජනය කරන පක්ෂ කිහිපයක නායකයින් සිය අත්සන් සහිතව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ මූලිකත්වයෙන් සකස් කර ඇති මෙම ලිපියෙහි සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව කොටි ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමට වීරෝදාර සටනකට නායකත්වය දුන් කීර්තිමත් නායකයක ලෙස ඔබගේ ගෞරවය රැකගනිමින් වහාම සිය ධුරයෙන් ඉවත්වී දූෂණයෙන් තොර පුද්ගලයෙකුට ජනාධිපතිධරය බාර ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසය. අප ඔබතුමා බලයට පත් කරනු ලැබුවේ බලාපොරොත්තු රැසක් සහිතව වුවත් ඔබ වටා සිටි අවස්ථාවාදී පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් ඔබ රවටා මේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් ඉච්ඡා භංගත්වයට පත් කර තිබේ යැයි ද සදහන් කර ඇත. ජනාධිපතිවරයා වෙත යොමු කළ එම ලිපියට හිටපු ඇමතිවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන නාලක ගොඩහේවා, චරිත හේරත් ඇතුළු පිරිසක් අත්සන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment