පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවේදී ඇල්ලූ  13 කට ඇප

146

පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම අසල ඊයේ (04 දා) පැවති විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවන් තිදෙනා ඇතුළු පුද්ගලයන් 13 දෙනා රුපියල් ලක්‍ෂයක පුද්ගලික ඇප මත මුදා හැරීමට කඩුවෙල ප්‍රධාන මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.

පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවේදී ඇල්ලූ  13 කට ඇප

මීට අමතරව අද (05 දා) හා හෙට (06) දිනවල පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතා පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා තලංගම පොලිසිය අධිකරණයේදී කළ ඉල්ලීම ද මහෙස්ත්‍රාත්වරිය ප්‍රතික්‍ෂේප කළාය.

පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවේදී ඇල්ලූ  13 කට ඇප

ජන අරගලයේ සාමාජිකයන් බව කියන පිරිසක් ඊයේ දහවල් පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම අසලදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නියෝජිතයකු විසින් විරෝධතාකරුවන් අතින් ලබා දුන් සංදේශයක් භාර ගන්නා ලදී.

පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවේදී ඇල්ලූ  13 කට ඇප

පසුව ඔවුන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා වන අයුරින් හැසිරෙන බව පවසමින් පොලිසිය ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගැනීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

එහිදී පොලිසිය කාන්තාවන් තිදෙනකු ඇතුළු සාමාජිකයන් 13 දෙනකු අත්අඩංගුවට ගෙන පොලිස් බස් රථයට රැගෙන යන අතරතුරදී උණුසුම් තත්ත්වයක් හටගැනිණි.

මෙම පිරිස මහරගම පොලිස් ස්ථානයට රැගෙන යෑමත් සමඟ පොලිස් ස්ථානයෙන් පිටත සිට පිරිස් පොලිසියට එරෙහිව විරෝධය පළ කළහ. මෙම අත්අඩංගුවට ගත් පිරිස වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරු විශාල පිරිසක් උසාවියට පැමිණ සිටියහ.

ඊයේ දහවල් පාර්ලිමේන්තු වටරවුමට පැමිණි විරෝධතාකරුවෝ පිරිසක් රටේ ජනතාවට කන්න නෑ, බොන්න නෑ, ගෑස් නෑ, බෙහෙත් නෑ, තෙල් නෑ, කියමින් දැඩි විරෝධතාවක නිරත වූහ. පාර්ලිමේන්තුව බලායන මන්ත්‍රීවරුන්ගේ වාහනවලට සිය විරෝධතා පුවරු පෙන්වමින් “උඹලා සැප වාහනවල යන්නෙ අපේ සල්ලි වලින්. අපි පාරේ දුක් විඳිනවා. උඹලා සැප විඳ විඳ සැප වාහනවල යනවා” යැයි කියමින් සිය විරෝධතාව පළ කළහ. ඒ අවස්ථාවේ එම ස්ථානය වෙත පොලිස් බස් රථයකින් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විරෝධතාකරුවන් අතර සිටි තරුණියන් තිදෙනෙකු ඇතුළු 13 දෙනකු අත්අඩංගුවට ගෙන රැගෙන ගියහ.

මෙම විරෝධතාකරුවන් පොලිස් බස්රථයට බලහත්කාරයෙන් දමා ගැනීමෙන් පසු එහි සිට ඔවුහු විවිධ සටන් පාඨ කියමින් පොලිසියට විරෝධය පළ කළහ.

අරගලයට ජයවේවා. අපි බය නෑ. අපිව බලෙන් ගත්තේ. ජනතා අරගලයට ජයවේවා වැනි සටන් පාඨ කියමින් විරෝධතාකරුවෝ බස් රථය තුළ සිටම සිය විරෝධතාව දැක්වූහ.

මෙම විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් කණ්ඩායමට නායකත්වය දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියා සිටියේ මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කරමින් විරෝධතා පැවැත්වීම නිසා මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.

හේමන්ත රන්දුණු, ඒ. ජේ. ඒ. අබේනායක, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප්‍රනාන්දු සහ සුගත් ප්‍රේමතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment