පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් අත්අඩංගුවට

364


සංචරණ ඇදිරි නීතිය හා නිරෝධායන නීති කඩ කරමින් යාපනයේ නල්ලූර් ප‍්‍රදේශයේදී තිලීපන් සමරු උළෙලක් පැවැත්වූ දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුලූ‍ තුන් දෙනෙකු යාපනය පොලීසිය විසින් අද අත් අඩංගුවට ගෙන ඇත.
මන්ත‍්‍රීවරයා තවත් පිරිසක් සමග පැමිණ තිලීපන් සමරු ස්මාරකය අසල කපුරු දල්වමින් තිලීපන්ගේ ගුණ සැමරිමට ගිය අවස්ථාවේදී එතැනට පැමිණි පොලිස් නිලධාරීන් කිසිදු සැමරුම් උළෙලක් පැවැත්විම තහනම් කරමින් අධිකරණ නියෝගයක් පනවා ඇති බව ප‍්‍රකාශ කළත් මන්ත‍්‍රීවරයා ඇතුලූ‍ පිරිස බලහත්කාරයෙන් සමරු උළෙල පැවැත් වීමට උත්සහ කළ අවස්ථාවේදී අත් අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment