පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩිට කොවිඞ්

120

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මහතාට කොවිඞ් වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවී ඇත.

කොවිඞ් රෝග ලක්ෂණ කීහිපයක් මතුවීමත් සමග චන්දිම වීරක්කොඩි මන්ත‍්‍රීවරයා පෙරේදා(25*රාත‍්‍රී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ගොස් රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකරගෙන ඇත. මේ වනවිට චන්දිම වීරක්කොඩි මන්ත‍්‍රීවරයා හික්කඩුව ප‍්‍රදේශයේ පුද්ගලික හෝටලයක නිරෝධායනය සඳහා යොමුකොට ඇත. වීරක්කොඩි මන්ත‍්‍රීවරයා ආශ‍්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකිරීමට කටයුතු කරන බව බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

ගාල්ල ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment